Part 10
16:25, 2 January 2024ගහක් ගලක් වගේ හිටිය මට මොකක්ද මේ වෙලා තියෙන්නේ... මන්...නෑ මියොන්ගි නෑ..ඔයාට බෑ ඒක කරන්න මොකද මේ ඉන්නේ යුන්ගි...ඔයාගේ බොස්...ඒ නිසා මනස්ගාත හිතන්නේ නැතුව ඉන්න...
meyogi pov...
"ඔව්....😏"
එයා කට කොනින් හිනා වෙන ගමන් කිවුවා...මට නිකන් අකුණක් වැදුනා වගේ feeling එකක් ආවා...එකපාරට ඔලුව උස්සලා එයා දිහා බලපු මට "මොකක්ද..." කියලා ආපහු කියවුනේ ඉබේටමයි.
"මන් ආවේ මගේ girlfriend හම්බ වෙන්න තමයි..."
එයා ආයේම සැරයක් අර ලස්සන හිනාව දාගෙම කියද්දි මාව පිච්චිලා ගියා...ඒ වචන ටික ඇහෙනකොට මට එච්චර වේදනාවක් දැනුනේ මගේ මොලේ මෙච්චර වෙලා නොපිළිගත්ත හිත ගොඩ දවසක ඉදලා මට කියන ඒ ආදරේ නිසාවත්ද?...ඒ කියන්නේ මේකටද ආදරේ කියන්නේ... මටත් ආදරයක් ඇති වෙලාද...ඒත් මේ ඉන්නේ යුන්ගි නේ...මෙයා කවදාවත් මට කැමති වෙන එකක් නෑ...අනේ ඇයි දෙයියනේ මගෙ හිත මෙයාටම ගියෙ😩කොහොමත් මන් පරක්කු වැඩියි මෙයාව මට අයිති නෑ...එයාට girlfriend කෙනෙක් ඉන්නවා මෙයාගේ ඇස් වලින් ම තේරෙනවා මෙයා එයාට ගොඩක් ආදරේ ඇති කියලා...
"මොනාද ඔයා ඔය ඔච්චර හිතන්නේ..."එයා මගෙ ඇස් දිහාම බලාගෙන අහනකොට මට දැනෙන දේ...මන් කොහොමද කියන්නේ මන් හිතුවේ ඔයා ගැන කියලා...මේ දේවල් මගේ හිතේ විතරක් ඇති වුන දෙයක් නේ.. මනුස්සයෙක් ට මෙහෙම ආදරයක් ඇති වෙන්න පුලුවන් ද?
ඔව් පුලුවන් මට ඇති වුනේ..... ආදරේ කියන දේ කොහොම කොයි වෙලාවේ කා ගැන ඇති වෙයිද කියන්න කාටවත් කියන්න බෑ...අහම්බෙකින් මගේ ජීවිතේට ඇවිල්ලා ඔයා මගේ ආදරෙත් වුනා මේ ටික දවසට...ඒත් මන් හීනෙකින්වත් හිතුවේ නෑ ඔයා යුන්ගි වෙයි කියලා...හැමවෙලාවෙම කොහෙදෝ ඉදලා ඇවිත් මාව බේර ගත්තා ඔයා කොහොමද මගෙ බොස් යුන්ගි වුනේ...
දැක්ක පලවෙනි දවසෙම මොකක්ද අමුත්තක් දැනුනත් මන් හිතුවේ නෑ ඒ දැනුන අමුත්ත මෙච්චර ලොකු දෙයක් වෙයි කියලා...ඔයා එදා මාව hospital එකේදි බලාගත්ත විදිහ..මට ඔයාව එදා මගෙ ඔප්පා වගේ දැනුනා...එයා ගාව තියන පරිස්සම මට නාදුනන ඔයාගෙන් ලැබුනා වගෙ දැනුනා එදා...මන් බැදීම්ව්ලට ගොඩක් බය කෙනෙක්...ඒව නැති වෙනවට මන් බයයි...අනික ඔයාට ආදරෙයි කියලා දැන් දවස් කීපයකට කලින් මට දැනෙද්දි මන් ඒ හැඟීම යටපත් කලේ ඔයා මාව බේර ගත්තේ ඔයාගේ තියන මනුස්ස කමට මිසක් වෙන දේකට නෙමෙයි නිසා...
ආදරයක් එපා කියලා කොච්චර මගෑරගෙන හිටියත් කොයිම හරි වෙලාවක අපිට ඒ දැනෙන ආදරේ වැළඳගන්නම වෙනවා කියලා මන් දැන් තේරුම් ගත්තා.... අන්න ඒ වගේ හරි පුදුම දෙයක් ආදරේ කියන්නේ...හරියට මායාවක් වගේ...ඒ මායාව ජීවිතේටම වගකියන දෙයක්...හැබැයි ආදරේ කියන දේ තමන්ට අයිති කර ගන්නම ඕන නෑ දුර ඉදන් හරි ආදරය කරන්න අපිට පුලුවන් ඒ නිසා මගේ ආදරේට මන් හැමදාම ආදරේ කරනවා...දුර ඉදලා...
ප්‍රේමයෙන්... මන... රංජින වේ... නංදිත වේ....🤧😂 කියන්නේ ඕකට තමා ඉතින්...ඕතරිගෙන් පොඩි ඇඩ් එකක් හොදේ මේ....
මගෙ හිත හදාගෙන එනනින් යන්න කියලා ඔලුව උස්සලා බලද්දි එයා මගෙ ලඟම හිටගෙන ඉන්නවා මගේ මූන දිහා බලාගෙන...එකපාරට මන් ගැස්සුනේ එයා කොයි වෙලේ ද මන් ගාවට එච්චර ලං වුනේ කියලා හිතන ගමන්...
"මන් යන්නම් යුන්ගි ඔප්ප...ඔයා කාවද හම්බ වෙන්න නේ ආවා කිවුවේ...එයා දැන් එයි"
බොරු හිනාවක් අරන් මන් එහෙම කියලා එයාගෙ ලඟින් අඩියක් දෙකක් පිටිපස්සට ගිහින් හැරිලා යන්න හදනකොටම..........
..................................................................ඉවසීම මිනිසා සම්පූර්ණ කරයි.....😁😂..................................................
එතනින් යන්න හදනකොටම එයාගේ හැඬිදැඩි අත් දෙක මගේ ඉන වටේ ගිහින් මගේ පිට ඒ පපුවට හේත්තු කරගත්තේ මට හිතන්නවත් වෙලාවක් නොදී....ඒ අත්වලින් මාව එයාට ඇදිලා යද්දි එයාගේ ස්පර්ශය එක්ක මට දැනුනේ මගේ මුලු ඇඟම සීතල වෙලා යනවා වගේ...තත්පර කිහිපයක් යනකන් ඒ වෙච්ච දේ හිතා ගන්න බැරැව හිටිය මම ඒ අත් දෙක උඩින් මගේ අත් තියලා එයාගේ අත් ගලවන්න හැදුවත් ඒක හරි ගියේ නෑ...
💜️ඇ...ඇයි...මේ...
"ශ්...." එයා සද්ද නැතුව ඉන්න කියන්න වගේ එහෙම කියලා මගෙ උරහිසක් උඩින් එයාගේ නිකට තිබ්බා...එයාගේ හදවත හයියෙන් ගැහෙනවා...මට ඒක හොඳට දැනුනා... එයාගේ උණුසුම් හුස්ම මගේ බෙල්ලේ වැදෙනකොට මට තවත් මාව පාලනය කරන් ඉන්න බැරි වුනා...අනිත් පැත්තට හැරිලා ඒ උණුහුමට තුරැල් වෙන්න කියලා හිත කිවුවත් මට ඒක කරන්න අයිතියක් නෑ...එයාට girlfriend කෙනෙක් ඉන්නවා...ඉතින් මන් කොහොමද එහෙම කරන්නේ...නෑ නෑ...ඒ වැරැද්ද නම් මන් කවදාවත් කරන්නේ නෑ...තව කෙනෙක් ට දුකක් දීලා ආදරයක් ලබා ගන්න මට ඕන නෑ...
"අනේ please මගෙන් ඈත් වෙන්න ඔයා මොකක්ද මේ කරන්නේ..."මන් ටිකක් තරහින් එහෙම කිවුවේ... ඒත් එයා ගත් කටට "මට බෑ...ටිකක් මෙහෙම ඉන්න දෙන්න" කියල කියද්දි......
මටත් ඔයාව මගෙන් ඈත් කරන්න ඕන නෑ...මට හැමදාම ඔයා ලඟට වෙල ඉන්න ආසයි ඒත් කොහොමද එහෙම කරන්නේ.....🥺
💜️ඔයාගේ girlfriend හම්බ වෙන්න නේද ආවා කිවුවේ ඔයා මෙහෙම ඉන්නවා දැක්කොත් එයාට මොන හිතෙයිද please මේ අත් දෙක ගන්න...
🖤එයාට හිතෙන දේ මන් දැන් දන්නවා...
💜️මොකක්?
🖤ම්ම්ම්....
අනේ please මාව අතාරින්නකෝ...ඇයි මේ...මෙහෙම ඉදලා එකපාරට ඔයා ගියාම...ඒ නිසා මගෙන් ඈත් වෙලා ඉන්නකෝ...
🖤ඇයි ඔයා ඇහුවේ නැත්තෙ මගේ girlfriend කවුද කියලා
💜️මොකද මට ඒකෙන් වැඩක් නැති නිසා...
මන් එකපාරම එයාගේ අත ගසලා දාලා එයාගෙන් ඈත් වුනේ මට තවත් මේක දරාගෙන ඉන්න බැරි නිසා... මන් එහෙම කරයි කියලනම් එයාගේ මූනේ කිසිම වෙනසක් වුනේ නෑ...එයා තාමත් හිනා වෙනවා...අනේහ් ඔය හිනාවනම් දාන්න එපා....😩
🖤ඔයාට ඒකෙන් වැඩක් තියෙනව
💜️මට මොකක්ද තියන වැඩේ...ආ...
🖤"වැඩේද...." එයා මගෙ නිකටෙන් අල්ලලා මූන උස්සලා මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා...මගේ heart එක හයියෙන් ගැහෙනවා...මට ඒක ඇහෙනවා...එයා මගේ ඇස් දිහාම බලාගෙන එයාගේ පූස් හිනාව දැම්මා...
🖤මොකද මගේ girl friend ඔයා නිසා මියොන්ගි....
මොකක්....මොකක්ද ඒ මට ඇහුනේ...මට ඇහුන දේමද එයා කිවුවේ...මගෙ heart එකේ වේගෙ තවත් වැඩි වුනේ එයා කිවුව දේත් එක්ක.
💜️"මො...මොනාද මේ කියන්නේ...."මෙච්චර වෙලා හිරකරගෙන ඉදපු කඳුලු එකින් එක වැටෙන්න ගත්තේ මන් අහන්න බලාපොරොත්තු නොවුන වචන ටිකක් එයාගෙන් පිටවුණ නිසා...ඒ වචන මගේ හදවතේ සියුම්ම තැන් ස්පර්ශ කරද්දි එයා ඒ නොකියා කිවුවේ මට ආදරෙයි කියලා නේද කියලා මට හිතුනා...
🖤මන් ඔයාට ආදරෙයි...සරංහේ මියොන්ගි..."
එයා එහෙම කියලා මාව එයාගේ තුරැලට ගද්දි මාත් ඒ උණුහුමට ගුලි වුනේ ජීවිතෙ පලවෙනි වතාවට මගෙ ඔප්පගෙන් පස්සේ වෙන පිරිමි පපුවකට ආදරෙන් ගුලි වෙන්න ලැබුන ඒ අවසරෙත් එක්ක...එයා එයාගේ එක අතක් මගේ කෙස් අතරින් යනව ගමන් ආයේ කතා කරා..
🖤මන් දන්නවා ඔයත් මට ආදරෙයි කියලා..ඒත් මට ඔයාගේ කටින්ම ඒක දැන ගන්න ඕන...
කිසිම දෙයක් හිතා ගන්න බැරැව හිටිය මම මගෙ හිතේ මෙච්චර වෙලා හිරකරගෙන හිටිය ඒ ආදරේ ගැන එයාට කියන්න ඕන කියලා තීරණය කරා...
"💜️හ්ම්...ඔව් මාත් ආදරෙයි...නාදු සරංහේ යුන්ගි ඔප්පා...🥺"මම තව තවත් ඒ පපුවට තුරැල් උනේ ඒ මොහොත මගේ ජීවිතෙ මන් විදින සුන්දරම මොහොතක් නිසා...මන් වගේම එයත් මට ආදරේ කරල ඒ කියන්නේ...මට කියාගන්න බැරි ලොකු සතුටක් දැනුනා... ජීවිතේ කවදාවත් ආදරේ කරන්න තියා කොල්ලෙක් ගැන පොඩිවත් කැමැත්තක් ඇති නොවිච්ච මට යුන්ගි ඔප්පා මේ ටික දවසට මට මගෙ ලෝකෙම වෙලා...
🖤මට ඔප්පා කියන්න එපා මෝඩියේ...යුන්ගි විතරක් කියන්න...😏
💜️ඒත්🙄 එහෙම හරි නෑනේ
🖤හරි හරි එහෙනම් ඔප්පා කියන්න😒😌
💜️ම්ම්...ඒත් ඔයා...කවද ඉදලද...
🖤ඔයාව පලවෙනි පාරට දැක්ක දවසේ ඉදලාම මැණික...එයා කිවුවේ මන් අහලා ඉවර වෙන්නත් කලින්
💜️මට හිතා ගන්න බෑ...
🖤මන් දන්නවා...මේ ගොඩක් දේවල් අහම්බෙන් තමයි වුනේඑදා මන් බේර ගත්ත කෙල්ල ඊට ටික දවසකට පස්සේ මගෙ office එකට ආවම එයා හොබී ගේ නංගි උනහම...මටත් පුදුම හිතුනා...
💜️නෑ යුන්ගි ඔප්ප... මට දැන් තේරෙනවා මන් අහම්බෙයක් කියලා හිතන් හිටිය ගොඩක් දේවල් හම්බෙකින්ම නෙමෙයි වුනේ කියලා.. ඔයා...
මන් කියලා ඉවර වෙන්නත් කලින් ම එයා මගෙ තොල් වලට කෙටි හාදුවක් තිබ්බේ මන් නොහිතපු විදිහට...කියන්න ගිය එකත් අමතක වුන මම ඒ ඇස් දිහා බලන් හිටියා...
🖤ඇති දැන්...අමතක කරන්න ඒවා...මන් ඔයා එක්ක ඉන්නවනේ...ඔයාව මන් මගේ ලඟින්ම තියාගන්නවා මැණික...
💜️ම්ම්ම්...යුන්ගි ඔප්පෙ ඒත් අපේ ඔප්පා...
🖤හොබීට මන් හැමදේම කිවුව...එයා හැමදේම දන්නවා දැන්...මන් ඔයාට ආදරෙයි කියන එකත්...
මට එතකොට මතක් වුනේ ඔප්ප අද මට කියපු දේවල් මට කෑ ගහපු විදිහ😓
💜️ඔය දන්නවද යුන්ගි ඔප්පෙ අද ඔප්පා මට ගොඩක් කෑ ගැහුවා...
🖤මන් දන්නවා මැණික...මන් office එකේ ඉද්දි හොබී තමයි මට කෝල් කරලා කිවුවේ එයා ටිකක් සැරට කැ ගහපු නිසා ඔයා එළියට ආවා කියලා...
💜️ටිකක් සැරට...😒ටිකක් නෙමේ ගොඩක් සැර වුනා එයා මට
🖤🤭හරි හරි මන් යාලු කරලා දෙන්නම්කෝ....
💜️මන් මෙතන ඉන්නෙ කියලා ඔයා කොහොමද හරියටම දැන ගත්තේ...
🖤සුහෝ තමයි කිවුවේ...ඔයා දුක හිතුනම මෙතනට එනවා කියලා...
💜️ආහ්....
🖤පිස්සි....කෝ එන්න....එයා අයෙමත් මාව එයාට තුරැල් කර ගත්තා..
Author pov...
මියොන්ගි යුන්ගිගේ උණුහුමට තුරැල් වුනේ හරිම ආසාවෙන්...කෙල්ල ගොඩක් සතුටින් හිටියේ...කෙල්ල විතරක් නෙමේ යුන්ගිත්...ජීවිතේ පලවෙනි පාරට දෙන්නගෙම හිත්වලට ආපු ආගන්තුක හැඟීමක් දෙන්නව ආදරෙන් එකතු කරා...
මෙයාල එයාලගේ සතුට එහෙම විදිනවකොට තව කෙනෙක් හරිම කේන්තියෙන් මේ දිහා බලන් හිටියා කියලා මෙයාලා දන්නේ නෑ...ඒ වෙන කවුරුත් නෙමෙයි ජීහුන්...අතත් මිට මොලවගෙන ඔහු මියොන්ගි දිහා බලන් හිටියේ හරිම කේන්තියෙන්...
ජීහුන්ට ඕන වුනේ එක දවසක් හරි මියොන්ගි ට කරදර කරන්න.එයාට තිබුනේ කාමුක ආශාවක්...නැතුව කෙල්ල ගැන ආදරයක් නෙමෙයි...ජීහුන්ගේ අතින් කෙල්ලො කී දෙනෙක්ගෙනම් ජීවිත විනාශ වෙලා ඇතිද...ඒ තත්වෙට මියොන්ගි ව පත් කරන්න බැරි වෙච්ච ගැන ජීහුන් ගොඩක් තරහින් හිටියේ... ඔහු තාමත් මියොන්ගි ජීවිතේ විනාශ කරන්න plan ගහනවා...
......
Jihun pov...
ඒකි කොහොමද මගෙන් එහෙම බේරෙන්න...😠 බැල්ලි තෝ හිතන් ඉන්නේ උබේ මහ ලොකු ආදරවන්තයා ලඟ හිටියා කියල මගෙන් බේරෙන්න පුලුවන් කියලද😆 ඌත් උබ ගාව නැති වෙන වෙලාවක් එයිනේ..අන්න එතකොට උබ ලෑස්ති වෙයන් මගෙ වෙන්න...මන් කොහොමත් තොට මගෙන් ගැලවෙන්න දෙන්නේ නෑ...මන් කොහොමහරි උබව විනාස කරනවා... බලමුකො උබේ වටිනම දේ උබෙන් මන් ගත්තහම ඌ උබට තවත් ආදරේ කරයිද කියලා😆😏 බලන් ඉන්නකො බබා😆😆😆
"මෙහෙ වරෙන්..."
👤බොස්....
"මට උබෙන් දෙයක් වෙන්න ඕන...උබ අපිට ඉන්න හොඳම bodyguard ලාගෙන් එක්කෙනෙක්"
👤කියන්න බොස්...
"හොඳට බලා ගනිම් මේ ෆොටෝ එක...ඔය ඉන්නේ JH company එකේ owner Jung Ho-seok ගේ එකම නංගි....ඒ වගේම ඊයේ ඉදලා Yoo company එකේ min yoongi ගේ කෙල්ල...😡මන් උබට සතියක් දෙන්නම්....මට මේකිව ගෙනත් ඕන...."
"මොකද උබ බය වෙලා වගේ....🤨"
👤සර් මේ.....
"මොකද යකෝ....🤨😠"
👤සර් ඇයි මේ කෙල්ලවම....
"උබට ඒකෙන් වැඩක් නෑනේ...මන් කියපු දේ කරහන්...😠"
👤ඒත් සර් මෙතන ප්‍රශ්නයක් තියෙනවා...
"ඒ මොකක්ද🤨"
👤සර් ගේ මල්ලි ජිහෝ.... එයත් මේ කෙල්ලට...
"මොකක්...🤨"
👤ඔව් සර්...ජිහෝ සර්ත් මේ කෙල්ල පස්සෙන් ගියා...මම ඒ කාලේ ජිහෝ සර් එක්ක හිටිය නිසා මට මතකයි...මේ කෙල්ලම තමා... දවසක් ජිහෝ සර් club එකේදි ඔය කෙල්ලගෙ ඔප්පගෙන් හොඳටම ගුටි කෑවා😐
"ආහ්.......හු$@&#😡 එතකොට අර මගෙ මල්ලිට කේස් එක අද්දෙත් මේකි නිසාද..."
👤ඔව් සර්...
"හරි....කමක් නැ...මට මේකිව කොහොමහරි ඕන...මගෙ මල්ලිගෙ පලියත් මට මේකිගෙන් ගන්න පුලුවන් වෙයි😡😆සතියත් ඇතුලත මේකි මගෙ ගාව ඉන්න ඕන...😏"
👤හරි බොස්...😏
End of week....
"ශෙක්...තොපි හොඳයි ඩමී වලට තියන්න😑😡 කෙල්ලෙක්ව උස්සන්න බෑ උබලට"
👤සොරි බොස්...😐 ඒකි දැන් තනියම කොහෙවත් යන්නෙත් නෑ...අරෑ හැමවෙලේම ඒකිගෙ පස්සෙ වැටිලා
"ඔක්කොටම කලින් ඌව ඉවරයක් කරන්න ඕන😤🤬"
👤බොස් අපි ඌට....
"ඕක මගෙන් අහන්න ඕනෙද යකෝ මොකක් හරි කරලා මට ඒ කෙල්ලවයි ඕන😡"
👤okay බොස්...
..................................................................................................................................................
මේ නපුරැ ජීහුන් බොසයි උගේ සෙට් එකයි මේ පාර නටන්න හදන නර්තනය මොකක්ද දන්නේ නෑ...😐😒ඒක දැන ගන්න ඉතින් ඉන්න වෙනවා...
බායි🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





