Episode 16
12:25, 25 April 2020Kung Mi Noory POV💕💕💕
දවස අවසානයි කියන පනිවිඩෙත් එක්ක ඉර බැහැලා යන්න පටන් ගද්දී මමයි ජන්ග්කුක් ෂී යි ඉඳියේ Seoul වලට කිට්ටු කරලා...අද දවස ගෙවිච්ච විදිහ ගැන මම ආපහු කල්පනා කලේ කාර් එක drive කරන ජන්ග්කුක් ෂී දිහා බලාගෙන....
මට දැනටත් විශ්වාස කරන්න බැහැ ජන්ග්කුක් ෂී මට date එකකට යන්න කතා කලා කියලා....ආාහ්....මොන හේතුවකට මන්දා මට දැනුනේ අමුතු සතුටක්....🤗🤗🤗
ජන්ග්කුක් ෂී නා චුවායේ....ඒත් මට බෑ ඔයාට ආදරේ වෙන්න...මං ඔයාට සාමාන්‍ය වැඩී...අනික මට බෑ ඔයාව අමාරුවේ දාන්න.....මම Army කෙනෙක්...මං හිතන්නේ මට ඔයා ගැන තියෙන්නේ ආකර්ෂනයක් වෙන්න ඇති...ඒ නිසා මට බෑ ඔයාට අසාධාරණයක් වෙන්න දෙන්න....
මම ජන්ග්කුක් ෂී දිහාම බලාගෙන හිතුවා....
ජන්ග්කුක් ෂී ඔයාට මොනවත් බොන්න ඔීනේ නැද්ද?මම ඇහුවේ ජන්ග්කුක් ෂී දෙපාරක්ම බෝතලෙන් වතුර බිව්ව හින්දා...
ජන්ග්කුක් ෂී නෑ කිව්වට එයාට දාඩිය දාලා තිබුනු නිසා මම මට තිබහයි කියලා coffe shop එකක් ගාවින් වාහනේ නවත්ත ගත්තාා...
ජන්ග්කුක් ෂී බැහැලා යන්න හැදුවත් ඊට කලින් මම ඉස්සර වුනේ shop එක ගාව ටිකක් සෙනඟ ඉදපු නිසා....අනික අද එයා ගොඩක් මහන්සි වෙච්ච නිසා මගේ ගානේ මොනවහරි අරන් දෙන්නත් මට ඔීනේ වුනා...
ටිකක් කළුවර වැටිලා නිසාද මන්දා පාරෙ නම් කවුරුවත් හිටියේ නෑ... ඒත් shop එක ලඟ bar එකක් තිබුනු නිසා එතන නම් ටික දෙනෙක් ඉඳියා....මං කොහොමටත් පොඩි කාලේ ඉඳන්ම බීපු අයට බය නිසා මම ඒ පැත්තවත් නොබලා ඉක්මනට shop එකට දිව්වේ Ice coffe දෙකක් අරන් එන්න කියලා....
Shop එකෙත් ඒ හැටි සෙනඟක් ඉඳියේ නෑ...අපරාදේ ජන්ග්කුක් ෂීවත් එක්ක එන්න තිබුනා...එහෙනම් ටිකක් නිදහසේ ඉඳලා යන්න තිබුනා...පව් ජන්ග්කුක් ෂීට මහන්සි ඇති දවසම කාර් එක Drive කරලා....😔😔😔
මම ice coffe දෙකත් අරන් එලියට ආවේ shop එකේ ඉඳපු girl ට ස්තූති කරලා.....
ඒත් මගේ ඉස්සරහින් හෙවනැල්ලක් වැටුනු නිසා මම ඔලුව උස්සලා බැලුවේ කවුද කියලා....මැදි වයසේ වගේ මනුස්සයෙක් මගේ පාර හරස් කරගෙන ඉන්නවා මම දැක්කේ එතකොට...
කාටද ice coffe දෙකක්....බැයිද මටත් එකක් දෙන්න...
එහෙම කියාගෙන ඒ මනුස්සයා අඩියෙන් අඩිය මගේ ලගට එන්න පටන් ගත්තා....මුළු ඇඟම හීතල වෙනවා වගේ දැනෙද්දී මම හිතට ධෛර්යය අරගෙන ඒ මනුස්සයා මග ඇරලා යන්න හැදුවේ..ඒත් ඒ වෙලාවෙම වගේ මගේ ලඟට ආපු තවත් දෙන්නෙක් මගේ අත් දෙකෙන් අල්ලා ගද්දී මට ඉබේටම කෑගැහුනේ ඉකිබිඳුමකුත් එක්ක....
Please මට යන්න දෙන්න.... මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා...මම කිව්වේ උන් මාව ඇදගෙන යන්න හදද්දී.....
කවුද boy friend ද.....අදට එයාට යන්න කියමු...ඒ මිනිහා එහෙම කියලා මගේ මූනට එබෙද්දී මට දැනුනේ කියාගන්න බැරි අප්පිරියාවක්...😣😣😣
එකපාරටම මාව පැත්තකට විසි වුනේ මාව අල්ලගෙන ඉඳපු මනුස්සයෙකුත් එක්ක...මොකද වුනේ කියලා මම හැරිලා බැලුවේ අතේ තිබුනු coffe cup දෙක ඉහිරලා යද්දී...
ජන්ග්කුක් ෂී....... මම හයියෙන් කෑ ගැහුවේ අර මිනිස්සු දෙන්නට බිම දාගෙන ගහන ජන්ග්කුක් ෂී දිහාට දුවන ගමන්.......ඒත් මාත් එක්කම බිමට වැටුනු මනුස්සයා මාව අල්ල ගත්ත නිසා මට කරගන්න දෙයක් නැති වුනා... ජන්ග්කුක් ෂීට පාරක් දෙකක් වැදෙද්දී මට කෑ ගහලා ඇඩුනේ ඉවසන් ඉන්න බැරිම තැන..... කොහොම හරි දඟලලා දඟලලා මම ජන්ග්කුක් ෂී ගාවට දිව්වේ එයාවත් ඇද ගෙන දුවන්න හිතාගෙන....
ජන්ග්කුක් ෂී පල්ලීි කජා.......මෙතනට සෙනඟ එන්න කලින් අපි යමු....මම එහෙම කිව්වේ ජන්ග්කුක් ෂීගේ අතේ එල්ලෙන ගමන්.... ඒත් ජන්ග්කුක් ෂී මාව පස්සට තල්ලු කලේ මාව අල්ලන් ඉඳපු මිනිහට පයින් පාරක් ගහන ගමන්......ඒත් එක්කම වගේ මම දැක්කේ bar එක පැත්තේ ඉඳන් අපි ඉදපු පැත්තට එන 15ක විතර set එකක්...
දෙයියනේ ජන්ග්කුක් ෂී කොහොමද මේ කට්ටියට තනියම face කරන්නේ........මම දෙපාරක් නොහිතා ජන්ග්කුක් ෂී ව කෝට් එකෙන් අල්ලන් හොල්ලගෙන ගියේ ජන්ග්කුක් ෂී පල්ලී අපි දැන් මෙතනින් යන්න ඔීනේ කියලා කෑ ගහන ගමන්...
එයා ටිකක් සන්සුන් වුනු නිසා මම ජන්ග්කුක් ෂී වත් ඇඳන් කාර් එකට දිව්වේ කොහොම ආපු හයියකින්ද මට හිතාගන්න බෑ...
ජන්ග්කුක් ෂී එතනින් කාර් එක අරන් ඉක්මනට ආවේ එයාගේ බෙල්ලේ තිබුනු තුවාලෙන් ලේ බේරෙද්දී..
ජන්ග්කුක් ෂී ඉස්සරහින් ටිකක් නවත්තනවද?මම එහෙම ඇහුවම ජන්ග්කුක් ෂී ටිකක් නිස්කලංක තැනකින් කාර් එක නැවැත්තුවා....
ජන්ග්කුක් ෂී.......ඔයාගේ තුවාලෙන් ලේ එනවා...මම කිව්වේ එයාගේ කෝට් එකේ කොලර් එක ඈත් කරලා බලන ගමන්...
කෝ ඔීක ගලවන්න....මම එහෙම කිව්වම ජන්ග්කුක් ෂී මං දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරන්....
මං කිව්වේ කෝට් එක..... මං කිව්වා
ජන්ග්කුක් ෂී කෝට් එක අමාරුවෙන් ගලවලා මගේ අතට දුන්නේ අමාරුවෙන් බෙල්ල හරවන ගමන්...
ජන්ග්කුක් ෂීට හොඳටම දාඩිය දාලා තිබුනා වගේම එයාගේ බෙල්ලෙන් ගලපු ලේ ඇඳන් ඉඳපු සුදු ටී ෂර්ට් එකේ හැමතැනම ගෑවිලා තිබුනා...
බියානේ ජන්ග්කුක් ෂී ඔයා මගෙන් ඈත් වෙලා ඉන්න....මං නිසා කිසි කෙනෙකුට හොදක් වෙලා නෑ මේ වෙනකම්....please...... මම එහෙම කිව්වේ වේලිලා තිබුනු කදුලු අලුත් වෙලා කොපුල් දිගේ ගලාගෙන යද්දී....
ඔයාට ඔික කලින් නේ කියන්න තිබුනේ...එහෙනම් මට මෙහෙම තුවාලේ වෙන්නේ නෑනේ..ජන්ග්කුක් ෂී කිව්වා...
මම මගේ ලේන්සුව වතුරෙන් පොගවලා ජන්ග්කුක් ෂී ගේ තුවාලේ හේදුවේ එයා කියන දේවල් වලට අවධානය දෙන ගමන්....
මොකද්ද... මම ඇහුවේ එයා කිව්ව දේ මට නොතේරුන නිසා....
ඔයාගෙන් ඈත් වෙලා ඉන්න කියලා...ඒත් ඔයා කෑ ගැහුවේ ඔයාව බේරගන්න කියලනේ....ජන්ග්කුක් ෂී කිව්වේ දඟකාර හිනාවකින් මූන පුරෝගන්න ගමන්...😋😋😋
ආාහ් විකාර කියවන්න එපා ඔයාට බය නැද්ද?මම ඇහුවේ එයාව තව තුවාල වෙලාද කියල බල බල...
හරි හරි දැන් ඒක ඉවරයිනේ...ඔයත් දැන් ඔීක ගැන හිතන එක නවත්තන්න ඔීනේ අරස්සෝ...ජන්ග්කුක් ෂී එහෙම කිව්වේ තුවාලේ වේදනාව නිසා ඇස් දෙක පුංචි කරන ගමන්...
ඔීදි අප්පයෝ මම ඇහුවේ එයාගේ තුවාලෙට පිඹින ගමන්...
හ්ම් ටිකක්...ගිහින් බෙහෙත් ටිකක් දාගන්නවා....ජන්ග්කුක් ෂී කිව්වේ ආපහු කාර් එක start කරන ගමන්......
Jeon Jungkook pov 💕💕💕
මට නූරි ගැන දැනුනේ ඉවසන්න බැරි දුකක්...මට තාමත් මැවි මැවී පෙනුනේ එයා බය වෙලා අඬ අඬ හිටපු හැටි...නූරි මගේ තුවාලේ හෝදද්දී මට දැනුනේ ඉවසන්න බැරි දැවිල්ලක්....ඒත් ඒ හැමදේම යටපත් වුනේ නූරිට මුකුත් නොවුනු එක ගැන මට දැනුන සතුටට...නූරිගේ අතත් හීරිලා තියෙනවා මං දැක්කේ එයා මූනේ තිබුනු කඳුලු පිහිදාද්දී.ඒත් එයාට නම් ඒක ගානක් තිබුනේ නෑ...එයා කලේ කාර් එකට නැග්ග වෙලේ ඉඳන් අඬපු එක විතරයි...
නූරි මගෙන් බය නැද්ද කියලා ඇහුවම මම පුළුවන් තරම් සැහැල්ලු වෙන්න උත්සාහ කලේ මම බය වුනොත් නූරි තවත් බය වෙන හින්දා...කොහොම වුනත් මම ඒ වෙලාවේ බය වෙවී වෙවී ඉඳියා නම් නූරිට වෙන දේ හිතාගන්න බෑ....
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
නූරි එයාව ගෙදරින් දාලා යන්න කියද්දී මං කෙලින්ම Dorm එකට ආවේ මට එයාව තනියෙන් ඒ ගෙදර තියන්න හිත දුන්නේ නැති නිසා...
මට නූරිත් එක්ක dorm එකට අඩිය තියන්න ලැබුනේ නෑ හ්යොන්ග් ලා ඔක්කොම අපිව වට කරගත්තේ මගේ t shirt එක දැකලා.....
ජන්ග්කුකා.....මොකද වුනේ....ජින් හ්යොන්ග් මගේ තුවාලේ බැලුවේ වාඩි වෙන්නවත් දෙන්නෙ නැතුව...
හ්යොන්ග් මට ටිකක් හුස්ම ගන්න දෙනවකෝ...මම එහෙම කිව්වමයි කට්ටිය ටිකක් පස්සට වුනේ...
මම නූරිවත් ඇදන් ඇතුලට ආවේ එයා නිකන් මාලුවෙක් වගේ ගැහෙද්දී.....
ජන්ග්කුකා මොකද වුනේ......කියනවා මගේ යකා අවුස්සගන්නේ නැතුව...නාම්ජුුුුන් හ්යොන්ග් කලබල වෙලා ඉන්නවා දැක්කම මට හ්යොන්ග්ලා ගැන දුක හිතුනේ එයාලා මං ගැන ගොඩාක් වද වෙන හින්දා....
මම වෙච්ච හැමදෙයක්ම එකින් එක කියද්දී හ්යොන්ග් ලා බය වෙලා බලන් ඉඳියේ මායි නූරියි දිහා...
ඒ මිනිස්සු ඔයාව අදුරගත්තද දන්නෙ නෑ ජන්ග්කුකා ජිමින් හ්යොන්ග් ඇහුවේ මගේ තුවාලේ බලන ගමන්....
ඒ මිනිස්සු බීලා හ්යොන්ග් හිටියේ.....අනික ටිකක් කළුවර වැටිලනේ තිබුනේ...ඒත් ඉතින් මට හරියටම විශ්වාස නෑ....මම කිව්වේ නූරි දිහා බලන ගමන්....
නූරිට මොකද කරන්නේ.....එයා අද මෙහෙද ඉන්නේ....ටේ ඇහුුුුවේ මම නූරි දිහා බලනවා දැක්ක නිසා...
අනේ මන්දා හ්යොන්ග් ...මට බය හිතුනා මෙයාව ගෙදර තනියම තියන්න.......මම කිව්වා...
අනී අනී මට පුළුවන් තනියම ගෙදර ඉන්න.නූරි එහෙම කියලා පුටුවෙන් නැගිට්ටේ මගේ කෝට් එක හොබී හ්යොන්ග්ට දෙන ගමන්...
අනී නූරිට අදට මෙහෙ ඉන්න පුලුවන්..හොබී හ්යොන්ග් එහෙම කිව්වම ඔක්කොමලා ඔලුව වැනුවා...
අනී මං යන්නම්..මං ඉන්න එක ඔයාලට ප්‍රශ්.............
දැන් ඔයාට කිව්වා නේද මෙහේ ඉන්න පුලුවන් කියලා..මම ටිකක් සැරෙන් කිව්වේ නූරි කියන්න ගිය දේ කියන්න නොදී...
නූරි ටිකක් ගැස්සුනා වගේ වුනත් මට කීකරු වෙලා ආපහු පුටුවේ වාඩි වුනේ මගේ මූනට හිනාවක් ගේන ගමන්...
මම ජිමින් හ්යොන්ග් ගේ කාමරේට යන්න හිතුවේ නූරිට මගේ කාමරේ ඉන්න දීලා..
ඔයාට මේ ඇඳුම අදින්න පුලුවන් වොෂ් එකක් දාලා...මම නූරිට මගෙ ලග තිබුනු පොඩිම සයිස් බොටම් එකකුයි ටී ෂර්ට් එකකුයි දෙන ගමන් කිව්වා...
නූරි මුකුත් නොකියා ඒ දෙක අතට ගත්තේ මගේ කාමරේ දිහා බල බල...
එතකොට ජන්ග්කුක් ෂී කොහෙද නිදාගන්නේ...නූරි ඇහුවා..
වේ...මාත් නිදාගන්නේ මේ කාමරේ තමයි...මම එහෙම කිව්වේ නූරිව ටිකක් බය කරන්න හිතා ගෙන...
හිතුවත් වගේම නූරි බය වෙලා මං දිහා බලන් හිටියේ මං දුන්නු ඇඳුම් දෙකත් බදා ගෙන ...😁😁😁
අනී අනී...මම අද නිදාගන්නේ ජිමින් හ්යොන්ග්ගේ කාමරේ...මම එහෙම කියාගෙන එලියට ආවේ නූරිගේ කොන්ඩේ අවුල් කරන ගමන් ....
මම ජිමින් හ්යොන්ග්ගේ කාමරේට ඇවිත් ඇදේ දිගා වුනේ ජිමින් හ්යොන්ග්ට මගේ තුවාලෙට බෙහෙත් දාන්න ලේසි වෙන්න....නූරිවත් තුවාල වෙලා තිබුනා හ්යොන්ග්...මම කිව්වා....
එයාටත් බෙහෙත් දාන්න බැරි යැයි...ජිමින් හ්යොන්ග් කිව්වා...
අනී...මම දාන්නම් එයාට බෙහෙත්...මම කිව්වාා..
අරස්සෝ අරස්සෝ...දැන් ඉන්නවකෝ දඟලන්නේ නැතුව..ජිමින් හ්යොන්ග් එහෙම කිව්වේ මගේ පස්සට ගහන ගමන්....
මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද හ්යුන්ග්...මම ජිමින් හ්යොන්ග් ගෙන් ඇහුවේ හිතේ තිබුනු බයට....
බලමුකෝ ජන්ග්කුකා...හැමදේම හොඳ විදිහට වෙයි..ජිමින් හ්යොන්ග් කිව්වේ ලොකු හුස්මක් ගන්න ගමන්....
Writer's note....
ලමයි මේක ටිකක් ගානට වැඩී වගේද....මට සමාවෙන්න ජන්ග්කුක්ව තුවාල කරන්න වුනාට....මෙතනින් පස්සේ මොකක් වෙයිද?🤔🤔🤔 පරිස්සමෙන් ඉන්න ඔක්කොම ගෙදරට වෙලා.....Thank you මගේ කතාව කියවන vote කරන හැමෝටම....😘😘😘
There are no comments yet. Log in to be the first to leave a review!





