14 ( Final )
15:56, 3 May 2023Taehyung pov
මම බාත්රූම් එකෙන් එළියට එද්දි ජන්කුක් හිටියෙ නැගිටලා. මූන පිහිද පිහිද හිටිය ටවල් එකත් විසි කරලා මන් පුළුවන් තරම් ඉක්මනට ගියේ ජන්කුක්ගෙ ඇඳ ගාවට.
" ජන්කුක් ඔයාට දැන් කොහොමද. "
මන් අහපු ප්‍රශ්නෙට එයා කළේ ඔළුව හොල්ලපු එක විතරයි. මාත් එක්ක තරහෙන් ඇත්තෙ උදේ මන් කියපුවට.
" ඇයි ඔයාලා මෙහෙ. "
" අහන කැත විතරක් මෝඩයා. අතන ඉස්කෝලෙ ජබර කලන්තෙ දාලා වැටිලා ඉද්දි උස්සගෙන ගෙදර ගෙනත් දෑවම අහනවා අපි මොකද මෙහේ කියලා. දෙන්න හිතෙනවා දෙකක් උඹේ ඔය ලෙඩ දෙපිටින් යන්න. "
යුන්ගි ජන්කුක්ගෙ ඔළුවටත් පාරක් ගහලා කියද්දි බලන්න ඕන එයාගෙ මූණ. තොලුත් උලුක් කරන් කටත් පුම්බන් ඉන්නවා මොකෙක්ද එකෙක් වගේ ඔරවන්. එයා හරි හුරතල්...
" දැන් ඒක නෙමේ ඇයි කියනවා අර මගුලෙ රූම් එකට ගියේ. "
යුන්ගි ආපහු ඇහුවෙ මටත් ජන්කුක්ගෙන් අහන්න ඕන වෙලා තිබුණු ප්‍රශ්නෙ.
" අර සුසී තමා කිව්වෙ ෆයිල් එකකුත් දීලා ඒ රූම් එකෙන් තියලා එන්න කියලා. ඇතුළට ගියාම කවුද මන්දා දොර ලොක් කරා. "
ආයිෂ් මේ සුසී නම්.... තියන්න වටින්නෑ. මගේ එකාට මොනවා හරි වුනානම් මන් මරලා හංගනවා මොකෙක්ටවත් හොයා ගන්න බැරි වෙන්න.
" අර මොකටද ඒකි උඹව ඒ කාමරේ දාලා ලොක් කරේ. "
" මම දන්නවද යකෝ. ඉදපන්කො ඕකි අහු වෙනකන් මන් හොඳ දෙකක් කියන්න. "
" මන් හිතන්නෙ එයාට අපි දෙන්නා උදේ කතා වුණු දේවල් ඇහුණා. මන් දැක්කා එයා අපි හිටපු තැනට ටිකක් ඈතින් ඉන්නවා. "
මට ඒක ඉබේටම කියවෙද්දි ජන්කුක් මගෙ දිහා බැලුවෙ ඇහි බැමකුත් උස්සලා. ඊට පස්සෙ කතා කරන් ගත්තෙ හෝසොක්.
" ඒකිට ජන්කුක්ව කාමරේකට දාලා ලොක් කරන්න තරම් උඹ මොනවද උදේ ජන්කුක් එක්ක කතා කරේ. ආ ඒක නෙමේ මල්ලි... තව දෙයක් අහන්න තියනවා. අර ජන්කුකා සිහි නැති වුණ වෙලාවෙ උඹ මොනාද අර කිව්වෙ මට ජන්කුක් ඔයා ළඟ නැති වුනාම හරි බයයි අනම් මනම් ගගා. "
ආයිෂ් මේ හෝසොක්ගෙ කටට ප්ලාස්ටර් රෝලක් ගහන්න හිතයි. විලි ලැජ්ජාවෙ බෑ. මුන් මට දාන නක්කල් හිනාව තමා පේන්න බැරි.
" අඩෝ ටේහ්යුනා... මාත් අහන්න හිටියෙ... උඹ කියපු ඒවයින් නම් මට තේරුණේ උඹ අපේ එකාට පැලෙන්න ආදරෙයි කියලා. "
මදිපාඩුවට යුන්ගිත් ඔය ආවෙ. ජන්කුක් ආපහු පාරක් ඇස් ලොකු කරන් කටත් පුම්බන් බලන් ඉන්නවා. ආයිෂ් දැන්නම් ගිලින්නමයි හිතෙන්නෙ මේකව.
" පි...පිස්සුද... ඕයි... විකාර කියන්න එපා. "
" අනේ මේ ඕයි... තමුසෙ මටනෙ ඔය බොරු කරන්නෙ. යකෝ මම මින් යුන්ගි. මට මිනිහෙක් හැරෙන කොට කියත හැකි ඌ මොන වගේද කියලා. උඹ දකිද්දි මට කියන්න පුළුවන් ගොනා හැරෙන්නෙ පොල් පැළේ කන්න තමයි කියලා. "
" කවුද යකෝ ගොනා.. "
" වෙන කවුද... උඹ තමා. හෝසොකා මෙන්න මෙහෙ වරෙන් යන්න. මුන් දෙන්නට තනියම ඉන්න දීලා. "
"යා යුන්ගියා... මාව මේ ටේහ්යුන් එක්ක දාලා යනවද තමුසෙ. යන්න එපා ඉන්නෝකො හලෝ.... "
යුන්ගි හෝසොක්වත් ඇදන් එපාර්ට්මන්ට් එකෙන් ගියේ ජන්කුක්වයි මාවයි තනි කරලා. මට කතා කරන්න වචන එන්නෙත් නෑ. කොණ්ඩෙත් කස කස කර ගන්න දෙයක් නැති නිසාම වාඩි වුණේ ඇඳේ ජන්කුක්ට එහා පැත්තෙන්.
" ජන්කුක්.... මේ මේ මම...... "
" කතා කරන්න එපා මන් එක්ක. ඔයත් යන්න ඉතින්. මොකද මෙහෙ කරන්නෙ. මාව දකින එක වදයක් කිව්වනේ. අපි යාළුවො නෙමේ කිව්වනේ. මොකටද තව මෙතන ඉන්නෙ. ඉතින් යනවා හැමෝම වගේ. "
ජන්කුක් කිව්ව වචන නිසා හොඳටම රිදුණේ මගේ හිත. ඒ වචන හරි සැරයි. හරියට විස කවපු ඊතල වැස්සක් වගේ. ඒ වචන නිසා ඇවිස්සුණේ මගේ තරහ.
" යාා... ජියෝන් ජන්ග්කුක් මමයි තමුසෙව අද බේර ගත්තෙ. එහෙම කරපු මට කතා කරන විදියද මේ ආ.. "
" ඉතින් මොකටද මාව බේර ගත්තෙ. මැරෙන්න දෙන්නනේ තිබුණේ. මන් මැරුණා කියලා අඩුම අඬන්නවත් කෙනෙක් නෑනෙ. "
" උඹේ ඔය කියවිල්ල නිසා හොම්බ කට සමතලා වෙන්න දෙකක් අනින්නමයි හිතෙන්නෙ. ඒත් යකෝ උඹේ ඔය හුරතල් මූණ දකිද්දි ගහන්න ලෝභයි බන්. "
මන් එක පාරටම මගේ තොල් වලින අල්ල ගත්තෙ තොරතෝංචියක් නැතුව කුරුළු පැටියෙක් වගේ කච කච ගාන එයාගෙ චූටි කට. ඒ තොල් හරියට වලාකුළු වගේ. එච්චර සිනිඳු දෙයක පහස වින්දෙ අදමයි. ඒ තොල් ගොඩක් පිම්බිලා. හපලා දාන්නමයි හිතෙන්නෙ. ඒත් ජන්කුක්ට රිදුණොත්.... ඒ නිසා මන් පුළුවන් තරම් හෙමිහිට මගේ තොල් එයාගෙ තොල් අතරෙ එහෙ මෙහෙ ගෙනිච්චා. ඒ තොල් අස්සෙ චාරිකා යන අතරෙ මන් දැක්කෙ ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්න ජන්කුක්ව. කිස් කරන අතරෙම මට හිනා ගියේ ඒ මූණ දැකලා. හරියට යකෙක් දැකලා බය වෙලා.
මන් එයාගෙ තොල් වලින් ඈත් වෙලා මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තෙ ජන්කුක්ගෙ ලා රෝස පාට හුරතල් මූණ.
" එක කිස් එකයි දුන්නෙ. කට වැහුණෙ බොග් ගාලා. "
මේ කොල්ලට මොනා වෙලාද. තමා බය වෙලා වගේ.
" ඇයි එහෙම කරේ. "
ඔන්න දැන් නම් කතා කරන්න පටන් ගත්තා.
" එහෙම කිව්වෙ කොහොමද. "
" කිස් කරේ. "
" ආදරේ නිසා. "
ඔන්න ආයෙත් ඇස් ලොකු කරන් කට පුම්බ ගත්තා.
" ජන්කුක් ඔය විදියට මූන හදන්න එපා. හැබැයි මන් ආපහු කිස් කරනවා. "
ඒ පාර අත් දෙකෙන්ම කට වහ ගත්තා. අනේ මුගෙ තියන හුරතලේ. කොහෙ හරි හංගන්න හිතෙනවා උස්සගෙන ගිහින්.
" කෝ අත් දෙක ගන්න. මන් ආපහු කිස් කරන්නෑ හරිද. "
ඔන්න ඉට පස්සෙ තමා අත් දෙක අයින් කරේ.
" ඔයා හරියට හැසිරෙන්නෙ නිකන් ඒක ඔයාගෙ ෆර්ස්ට් කිස් එක වගේනෙ. "
" ඉතින් ෆර්ස්ට් එක තමා මිනිහෝ... "
" wtf.... එතකොට සුසී.. "
" මන් එයාව කිස් කරලා නෑ. "
" තමුසෙ නම් පිස්සෙක්. දැන් හිතා ගන්න පුළුවන් සුසී තමුසෙව දාලා ගියේ ඇයි කියලා. ඇයි යකෝ මූ ඒ කෙල්ලට කිස් එකක්වත් දීලා නෑනෙ ආසාවට. "
" යා කිම් ටේහ්යුන්.... කට පියා ගන්නවා මැරුම් නොකා. "
" ඇයි මොකෝ කටේ සැර. තව එකක් ඕන වෙලා වගේ. "
ආපහු පාරක් කට වහ ගත්තා අත් දෙකෙන්. අනේ මෙහෙමත් මලකෝලන්.
" ටේහ්යුන්.... ඔයා ආදරෙයි කිව්වෙ ඇත්තටමද. "
" හ්ම්.... "
" එහෙනම් ඇයි උදේ බැන්නෙ. "
" බය හිතුණා. "
" ඒ මොකටද. "
" ඔයාට මාව අප්පිරිය වෙයි කියලා. මොකද මන් කොල්ලෙක් නිසා. "
" එහෙනම් ඇයි දැන් කිව්වෙ. නොකියා ඉන්න තිබ්බනෙ මට. "
පපුව එන්න එන්න රත් වෙනවා වගේ දැනුණෙ ජන්කුක් කියපු එකට. ඒ කියන්නෙ එයා මට කැමති නෑ. එයා ආස ගෑණු ළමයිට වෙන්න ඇති. දැන් නම් මගෙත් හුස්ම හිරවෙන්න වගේ.
" කියන්නකෝ... ඇයි දැන් කිව්වෙ. "
" ඔයා සිහි නැතුව ඉද්දි මන් ඊටත් වඩා බය වුණා කුක්..... මන් බය වුණා ඔයා ආපහු ඇස් අරින එකක් නෑ කියලා. මට ඕන වුණා ඔයා සිහිය ආපු ගමන් ඒක කියන්න. ඒත් සොරි.. මන් දන්නවා ඔයා පිරිමි ළමයි ගැන කැමැත්තක් නෑ කියලා. මන් දැන් ගෙදර යන්නම්. "
එයා මගේ දිහා බලන් ඉන්නෙ හරි අමුතුවට. කිසිම හැඟීමක් නෑ ඒ මූණෙ.
" ඒක ලස්සනයි ටේහ්යුන්.... "
" මොකක්ද. "
" කුක්... ඒ නම හරි ලස්සනයි. මන් ඒකට ආසයි. "
හයියෙන් ගැහි ගැහි තිබුණු පපුව තව හයියෙන් ගැහෙන්න ගත්තෙ ජන්කුක්ගෙ හිතේ මන් ගැන මොනවා තියනවා ඇතිද කියලා හිතා ගන්න බැරුව.
" ජන්කුක් ඔයා මට ආදරෙයිද. "
එයාගෙන් උත්තරයක් නෑ.... මගේ මූන දිහා බෙල්ලත් හරවන් බලන් ඉන්නවා. ඒත්......... මගේ ෂර්ට් එකෙන් ඇදලා ගත්තු එයා ඒ පිම්බුණු තොල් තද කරේ මගේ තොල් වලට. මෝඩ හා පැටියා... එයා කිස් කරන්නවත් දන්නෑ. තොල් තියලා නිකම්ම බලන් ඉන්නවා. රේස් දුවපු හිත චුට්ට චුට්ට සන්සුන් වුණේ එයාගෙ චූටි හාදුවෙන්. තත්පර විස්සකට විතර පස්සෙ එයා ඈත් වුණා. ඒ මූණෙ හරි ලස්සන හිනාවක්. ඒ මදිවට හොඳටම රතු වෙලා.
" උත්තරේ තේරුණා නේද ඔයාට... "
මන් පැනපු ගමන් තද කරලා බදා ගත්තෙ මගේ මෝඩ කොල්ලව. මේ විනාඩි දිහයට මාව මැරුවෙ නැති ටික විතරයි....
" ටේහ්යුන් මට හුස්ම ගන්න බෑ... "
මන් එහෙම්ම ඇඳේ දිගා වුණේ ජන්කුක්වත් බදා ගෙනමයි.
" දඟලන්නැතුව ඔහොම ඉන්නවා. දැන් ඉතින් මගෙන් ගැලවිලා යනවා බොරු සුදු මැණික. "
අනේ මහ මොකෙක්ද මන්දා. රතු වුණු හැටි සුදු මැණික කිව්ව ගමන්.
" මට එහෙම කියන්න එපා. කලින් කතා කරපු විදියටම කතා කරන්න. "
" හාකෝ... මේ ඕයි දඟලන්නැතුව ඔහොම ඉන්නවා කන පලා ගන්නැතුව. දැන් හරිනෙ සුදු මැණික.... "
"යා..... ටේහ්යුන්...... "
අපි දෙන්නගෙ හිනාවල් පුංචි පුංචි රණ්ඩු වලින් ජන්කුක්ගෙ කාමරේ පිරිලා ගියා.
" ටේ.... ඔයත් මාව දාලා යන්නෑ නේද... "
මෙයා මේ මොනවද අහන්නෙ. දාලා යන්නද මෙච්චර කට්ටක් කාලා යාළු කරගත්තෙ. පිස්සෙක්ද මන්දා අඟහරු වලින් ආපු.
" ඇයි ඒක ඒ තරම් අමාරු ප්‍රශ්නයක්ද ටේ ඔයාට උත්තර දෙන්න. ඇයි ඔච්චර වෙලාවක් ගන්නෙ. "
" නෑ මන් මේ කල්පනා කරේ ඔයා නැතුව මන් ජීවත් වෙන්නෙ කොහොමද කියලා. හිතන්නවත් බෑ සුදු මැණික. හිතනකොටත් පපුව පිච්චිලා යනවා. ආදරේ කරේ දාලා යන්න නෙමෙයි. හැමදාම ළඟ ඉන්න. "
පව් කොල්ලා. ඇස් දිලිසෙනවා. කඳුළු වෙන්නැති ඒ. තව ටිකක් තුරුළු වුණේ මගෙ පපුවට. එයාගෙ උණුසුම් හුස්ම පපුවෙ වැදෙද්දි කිති කැවෙනවා වගේ.
" අපෝ හොටු කොල්ලා අඬනවද ආ... ඊව් යොන්හා එකේ හොට් බෝයි මෙන්න අඬනවා. "
" යනවා යන්න. "
එහෙම කියලා ජන්ග්කුක් මගේ පපුවට ගැහුව පාර පපුවෙ කෑල්ලකුත් නෑ වගේ. මූණයි කතාවයි හුරතල් වුණාට මුගෙ අත පය නම් තියනවා නිකන් යකඩ කෑලි වගේ.
මම ජන්කුක්ගෙ බෙල්ල අස්සෙ මූණ තියා ගත්තෙ එයා හරි සුවඳ නිසා.
"මොනාද හලෝ කරන්නෙ. මට කිචියි. ඔය මූණ ගන්නෝකො බෙල්ලෙන්. "
" බෑ මන් මේ සුවඳ බලනවා. ඔයා හරි සුවඳයි. පොඩි ළමයෙක් වගේ. වොෂ් රූම් එකේ තියන තරමක් තියෙන්නෙ බේබි සබනුයි බේබි ෂැම්පුයි. අනේ මන්දා ඔයත්...... පොඩ් එකා වගේ. "
" එහෙම තමයි අපි මල් වගේ හරි සුවඳයි. "
" රෝස මල මගේ. "
අනේ මෝඩයා... ආයෙත් රතු වුණා. මූණ කොයි වෙලේ පුපුරයිද මන්දා. මේකා නම් තක්කාලි ගෙඩියක් වගේ.
" ටේහ්යුන්..... මන් ඔයාව කිස් කරන්නද අනේ... "
අනේ ඒක අහපු විදිය ඔළුවත් ඇල කරන්. දරා ගන්න බැරි මෙයාගෙ මේ හුරතලේ. ගිලින්නමයි හිතෙන්නෙ.
" අහන්නත් දෙයක්ද. මේවා ඉතින් දැන් ඔයාගෙ තමා. "
මම හිමින් ජන්කුක්ගෙ තොල් වලට නැඹුරු වෙද්දි කලින් වගේ නැතුව එයා මේ පාර ඇස් පියා ගත්තා. කලින් පාර වගේ තොල් තද කරන් හිටිය නිසා මන් ලාවට එයාගෙ තොල හැපුවා.
" ආහ්.... "
ඒ අවසරෙන් මන් මගේ දිව ජන්කුක්ගෙ දිවත් එක්ක පටල ගත්තෙ සියුම් හාදුව එන්න එන්න උද්යෝගිමත් කරමින්. අපි දෙන්නා තරඟයක්. කොහොමහරි දින්නෙ මම. ජන්කුක්ගෙ තොල් වගේම කට ඇතුළෙත් රස තැන් හොය හොය මගේ දිව චාරිකා යද්දි ජන්කුක්ගෙන් ආවෙ චූටි චුටි කෙඳිරිලි.
" ම්ම්ම්ම්.... "
එයාගෙ අත් මගේ බෙල්ල වටෙන් ගිහින් ඒ ඇඟිලි වලින් මගේ කොණ්ඩ ගස් අදින්න ගත්තෙ හරි තදට. අපි දෙන්නම අපි දෙන්නට හොඳටම ඇබ්බැහි වෙලා අධිමාත්‍රාවෙන්. මන් හිමින් සැරේ ඒ තොල් වලින් ඈත් වුණේ තව ටිකක් හිටියොත් සිප ගැනීමක් අතරතුර හුස්ම සිරවී දෙදෙනෙක් මරුට කියලා හෙට හදිසියේ ටීවී වල නිව්ස් එකක් ගියොත් එහෙම කියලා.
" ටේ.... මන් ඔයාට ආදරෙයි.... "
" මාත් ඔයාට හරි ආදරෙයි කුක්.... "
The End
ඔන්න කතාව ඉවර වුණා ළමායි. මන් දන්නවා මේක හෙන සීනි බෝල කතාවක් කියලා. ඒ වුණාට මොනවහරි අදවත් කොටාගෙන යන්නලා ඈ.
ඔයාලට තව කතාවක් ඕනත.... 🤭ඕන නම් කියන්න. මන් දෙන්නම්.
ඉතින් කතාව කියවපු වෝට් කරපු කමෙන්ට් කරපු ඔයාලා හැම කෙනෙක්ටම මම හරි ආදරෙයි ළමයිනේ..... ❤️
#දේදුනු23/05/03
There are no comments yet. Log in to be the first to leave a review!





