𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟷𝟻
16:11, 29 September 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ¹⁵
' ලින්ග් ලින්ග් '
ඒ හිටියෙ අර පොටෝ එකේ හිටිය අක්කා.
"ල්... ලින්ග් ලින්ග්"
Cudu mahaththaya මුමුණනකොට මම ඒ කෙල්ල දිහා බැලුවා. මම කියලා කෙනෙක් ඉන්නවද කියලා වත් නොබලා එයා Cudu mahaththaya ට එහා පැත්තෙන් වාඩි වුණා. මේ මොනෝත්තක්ද යකෝ. අමාරුවෙන් කොහොමහරි Cudu mahaththaya ව ඩේට් එකක් නොවෙන ඒ වගේ එකකට අරගෙන ආවා. මේ ඔට්ටපාලු හිකනලී ඇවිත් ඒක කාලා දැම්මා. ඇත්තටම මට එන සතුටට එයාව කනපිට ගහලා පුළුන් පුරවන්න පුළුවන්.
"ම්හ්ම්...."
මම උගුර පාදන සද්දෙට ඒ කෙල්ල මගේ දිහාවට හැරිලා ආයෙම Cudu mahaththaya දිහා බැලුවේ මම කවුද අහන්න වගේ..
"යීබෝ... මේ කවුද..."
"ඒ මගේ බොස් යැන්ග් ලින්ග්... ප්ලීස් දැන්වත් වදයක් නොවී යනවද..."
ඒ වුණාට එහෙම යන්න දෙන්න පුළුවන් ද නේද... ඔයා මෙතනින් ඇවිත් වාඩි උනාට යන්න වෙන්නෙ මම කියන වෙලාවටනේ... මම හිතින් හිනාවෙන ගමන් අක්කා දිහාවට හැරිලා ලස්සනට හිනා වුණේ Cudu mahaththaya මට රවනකොට.
"අයියෝ යීබෝ ග'ගා... එයා ආවා විතරයිනේ... එයා හිටපු දෙන්..."
මම කියනකොට Cudu mahaththaya ගෙ මූණ ඇද උනා. එයා මේ කෙල්ලට කැමති නෑ වගේ... එහෙනම් පවුලෙ කෙනෙක් වෙන්න බෑ. ඒ කියන්නෙ ලොවෙත් මේ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්. එක්කො ex ද කියන්නත් බෑ.
"හායි... ජියේ.... මම ශිආඕ ජාන්... එතකොට ඔයා"
"මම යැන්ග් ලින්ග්... යීබෝගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්..."
ම්ම්ම්.... නායිස්.... එහෙනම් මේකයි Cudu mahaththaya මම එදා එයාව කිස් කරනකොට මාව තල්ලු කරපු හේතුව. මොනවා උනත් අක්කා ලකී. නැත්තම් හැමෝටම මෙහෙම වටේ යන්නැති බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බෙන්නෙ නෑ නේ.
"මම හිතන්නේ ඒක එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා වෙනස් වෙන්න ඕනි නේද යැන්ග් ලින්ග්.."
මෙච්චර වෙලා කට වහගෙන හිටිය Cudu mahaththaya කිව්වෙ මම හිතපු සේරම ඉල්ලා අස් කරගන්නකොට. එයා හරි කූරයි. කොහොමද මෙච්චර ලස්සන අක්කා කෙනෙක් අතෑරලා දැම්මෙ. ඒ උනාට මට හරි සතුටුයි අයියෝ...
"ඉතින් කියන්නකෝ ඇයි ඔයාලා බ්‍රේකප් උනේ ..."
වේටර් ඕඩර් එක ගෙනාවට පස්සේ කෑම කටේ පුරවාගෙන මම ඇහුනේ තරහටම පුපුරන Cudu mahaththaya ගෙනුයි එයාගෙ එක්ස් කෑල්ලගෙනුයි. කොහොමත් මම ඕඩර් කලේ මගේ බඩේ ඉන්න හිඟන පවුලටත් එක්කම නිසා තව කෙනෙක් වැඩි උනා කියලා කෑම මදි උනේ නෑ. මම ඉතින් කොහොමත් ගෙදර ගිහිං ආයෙම කන එකනේ.
"යීබෝ හදිස්සියේම කොරියා ගියානේ... ඒක නිසා.."
"ඇයි තමුසෙ වටේ ගිහින් මගේ අතටම අහුවුණා කියලා කියන්න ලැජ්ජද..."
ලින්ග් ලින්ග් ඇඹරි ඇඹරි කියනකොට එකපාරටම Cudu mahaththaya මැදට පැන්නා. එයාට නම් දැන් හොඳටම මළ පැනලා ඉන්නකොට කොයි වෙලේ හරි එයාගෙ නූඩ්ල්ස් සුප් එක ලින්ග් ලින්ග් ගෙ ඔළුවට පාත් වෙයි කියලා මට සාධාරණ සැකයක් මතු වුණා. දෙතුන් වතාවක් ම Cudu mahaththaya මගේ දිහා බලාගෙන ඉන්නවා දැක්කත් මම නොදැක්කා වගේ එයාගෙ බැල්ම මඟෑරලා ලින්ග් ලින්ග් දිහා බලනකොට ඒකි එකපාරටම මට ඇහැක් ගැහුවා. Ewww... මොන බාල්දියක්ත මේ...
"මම හිතන්නේ අපි දැන් ගියොත් හොදයි... ඔයාව තුන වෙනකොට ගෙදරට අරගෙන එන්න කියලා මාස්ටර් කිව්වා. "
Cudu mahaththaya කියනකොට මම ඔරලෝසුව දිහා බැලුවා. දෙකයි කාලයි. ගෙදරට යන්නත් පැය බාගයක් විතර යන නිසා මම බිල් එක ගෙවලා එයා එක්ක එලියට ආවේ ලින්ග් ලින්ග් අපේ පස්සෙන් එනකොට. මොන මඟුලකට එනවද දන්නෑ.. පොඩ්ඩක් ඉන්න. මෙයා යීබෝ නැති නිසා මාවවත් පටලගන්න ට්‍රයි කරනවද...
රෙස්ටොරන්ට් එකේ ඉදලා යනකොට මම එකපාරටම නැවතුනේ ගිෆ්ට් ස්ටෝ එකක් ගාවින්. ග්ලාස් එකෙන් එහා පැත්තේ පේන snow globe එකක් දැකපු මම ඒක ඇතුලට ගියේ Cudu mahaththayaත් මමත් එක්ක ඇතුලට එනකොට.. ඒකෙ තිබ්බ snow globe දිහා බල බල ඇවිදපු මම පුංචි මුව පැටියෙක් ඉන්න එකක් ගන්න හැදුවත් ඒක වෙන කෙනෙක් ගත්තේ මටත් කලින්...
"දැන් ඒක ගැන හිතන්න එපා ජාන්..."
Cudu mahaththaya මට කතා කරනකොට මම රවලා බැලුවේ ඒ වෙලාවේ ඇත්තටම මට තරහ ගිහින් තිබ්බ නිසා. මට අර කොල්ලා නිසා ඒ snow globe එක ගන්න උනෙති නෑ. ඒ මදිවට එන්න හදනකොට අර බූරු ලින්ග් ලින්ග් Cudu mahaththayaව අතෙත් එල්ලිලා එයාව බදාගන්නත් හැදුවා.
"ජා..."
"මොන වදයක්ද අප්පා. ඔයා මගේ බොඩිගාඩ් මිසක් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් නෙවෙයිනේ. කට වහගෙන පාඩුවේ ඉන්න. "
තිබ්බ තරහට මම එයාට බනිනකොට එයාගෙ ඇස් චූටි වුණා. මම කෑ ගහපු පාරට ඩ්‍රයිවර් පවා ගැස්සිලා යනකොට මම අත තද කරලා කාර් එකට ගැහුවේ මට ඇඬෙන්න එනකොට.
"කාර් එක නවත්තනවා...."
මම කියන පරක්කුවට ඩ්‍රයිවර් කාර් එක නවත්තනකොට කාර් එකෙන් බැස්ස මම පාර අයිනට වුණේ අත් දෙකෙන්ම මගෙ ඔළුව බදාගෙන. මම ඕනිවට වඩා තරහ ගන්නකොට මට මාවම පාලනය කරගන්න බෑ. ගෙදරදි නම් මේ වෙලාවට මගේ රූම් එක පිස්සන් කොටුවක් වෙලා ඉවර වෙනකොට මම තිබ්බ තරහට පාරේ අයිනෙ තිබ්බ පොඩි ගලකට පයින් ගැහුවා.
"ජාන්..."
Cudu mahaththaya කතා කරන සද්දෙ මට ඇහෙනකොට මම එයාව කාර් එකේ වදින්න තල්ලු කරලා දැම්මෙ තිබ්බ තරහට. එයා දකින වාරයක් ගානේ මගේ තරහ තව වැඩි වෙනකොට මම එයා එලියෙ ඉන්නකොටම කාර් එකේ ඉස්සරහට නැග්ගා.
"ගෙදර යමු.."
"ජ්.. ජාන් බේබි... ය්..යීබෝ සර්..."
"එයා ඕන විදියකට එයි..."
එයාව සයිඩ් කන්නාඩියකින් ටිකෙන් ටික පොඩි වෙලා පේනකොට මම ඒ දිහාම බලාගෙන හිටියා. අවසානයෙහි එයා පේන්නෙම නැතුවම ගියා. කමක් නෑ. මට කරපුවට ඕක හොඳ මදි. පොඩ්ඩක් පයින් ආවා කියලා මැහෙන්නෙ නෑනේ.
ගෙදරට ආව මම ගත්ත සේරම කාර් එකේම දාලා උඩට දිව්වා. එහෙමම ඇස් වහගෙන ඇඳට වැටුණ මම ටිකකින් ඇස් ඇරලා ජනේලෙ දිහා බලනකොට දැක්කෙ එලියෙ මහ හයියෙන් වහිනවා. එතකොට එයා.... එයා තෙමෙනවා ඇතිනේ... මම එනකම් හිටියෙ කල්පනාවක වෙනකොට වහින්න පටන් ගත්තෙ කොයි වෙලාවෙද කියලවත් මට දැනුනේ නෑ.
ඕනි දෙයක් වෙන්න කියලා මම ආයෙම පහළට දිව්වෙ එයාව එක්කගෙන එන්න යන්න. ඩ්‍රයිවර් අන්කල් මේ වෙලාවේ ඉන්නෙ පහළ ගාඩ් රූම් එකේ එකේ කියලා දන්න නිසාම එහාට යන්න දුවපු මම දැක්කෙ වැස්සෙ තෙමීගෙනම එන Cudu mahaththayaව. මම වැස්සෙ තෙමි තෙමීම එයා ගාවට දුවගෙන ගියත් එයා මාව දැක්කෙ නෑ වගේ යන්න ගියා. ඒත් මම ආයෙමත් එයාගෙ පස්සෙන් දිව්වෙ බැන්නත් කමක් නෑ කියලා හිතාගෙන. මම දුවලා ගිහින් එයාගෙ අතකින් අල්ල ගත්තත් එයා මගේ අත ගසලා දැම්මා.
"ප්ලීස් මගෙන් ඈත් වෙලා ඉන්න යන්ග් මාස්ටර් ජාන්..."
To be continued
Anastasia Wang26.10.22
ජාන් පව් නේත.
වෝට් 50 කමෙන්ට් 50 යි.
අදයි හෙටයි ශුවර් නෑ. මට පොඩි වැඩක් තියෙනවා..
බායි...
There are no comments yet. Log in to be the first to leave a review!





