𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟷𝟹
16:11, 29 September 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ¹³
' ඔම්ලට් එක '
උදේ පාන්දරම නැගිටින එක මහ කරුමයක්. සාමාන්‍යයෙන් මම උදේම නැගිටින්නෙ නෑ. හැමදාම ආන්ටි ශෙන්ග් හරි පපා හරි ඇවිත් තමා මේ සෝස මලව නැගිට්ටන්නෙ. ඒත් ඒක මේ ළඟකදි ඉඳලා cudu mahaththaya බාරගෙනනේ. දෙයියනේ කියලා අනිත් දෙන්නා වගේ නෙවෙයි මගෙ cudu mahaththaya මේ සෝස මලට පාඩුවේ නිදාගන්න දෙනවා. ඇත්තම කිව්වොත් අදත් එයා සෝස මලව නැගිට්ටුවේ නෑ. ඒ වෙනුවට එයා මාව බදාගෙන දොයි.. අම්නේ... එයා නිදාගත්තම පූශ් පැටියෙක් වගේ... නැගිටලා ඉන්නකොට ඉන්න යකා වගේ නෙවෙයි..
ඊයෙ රෑ වෙනකම් අඬලයි ෆිල්ම් බලන්න ගිහිල්ලා කරපු විකාරයි සේරම ඉවසගෙන හිටිය එයා ගැන ඇත්තටම දුකක් හිතුන නිසා මම එයාගෙ අත්වලට කොට්ටයක් හිර කරලා බාත්රූම් එකට දිව්වා. කොහොමත් අලුතින් දවසක් පටන් ගන්නකොට කලින් දවසෙ වෙච්ච සේරම දේවල් අමතක කරලා දාන මගේ පුරුද්ද නිසාම මට අද ලොකුවට අවුලක් තිබ්බෙ නෑ. දුක නෑ කියන්න බෑ. ඒත් දුකයි කියලා ඒකෙම එල්ලිලා ඉඳලා වැඩකුත් නෑනේ.
මම බාත්රූම් එකෙන් එලියට එනකොටත් cudu mahaththaya නිදාගෙන හිටිය නිසා මම එයාට එහෙමම ඉන්න දීලා පහලට ආවා. කොහොමත් එයා නැගිටින්න කලින් කරන්න වැඩකුත් තියෙනවනේ. අදත් මම පමණට එනකොට පපා ගිහින් තියෙද්දී මම දැක්කෙ අර ඊයෙ cudu mahaththaya එක්ක කතා කර කර හිටිය මේඩ් කෙල්ල... ඇස් දෙක කරක කරක බලන්නෙ මම හිතන්නේ cudu mahaththaya එනවද කියලද කොහෙද. පෙන්නන්නම්කෝ මම අද ඔයාට cudu mahaththaya ව.
"ගුඩ් මෝනින් අනේ..."
එයාගෙ පිටිපස්සෙන් ඉඳගෙන මම කියනකොට එයා එකපාරටම ගැස්සුනේ එයා මල් වාස් එක පිහිද පිහිද හිටිය රෙදි කෑල්ලත් බිමට වැටෙද්දි. එයා ඉක්මනට ඒක අහුලගෙන මගේ දිහාවට හැරිලා ගුඩ් මෝනින් කිව්වා.
"යන්ග් මාස්ටර් ජාන් තනියමද පහළට ආවේ..."
එයා අහනකොට මම පොඩ්ඩක් ඇඹරිලා හිනාවක් දැම්මා. රඟපෑමක් උනත් තාත්විකව කරන්න ඕනනේ. නැත්තම් ඉතින් කරන්නෙ බොරුවක් කියලා අහු වෙනවා.
"ඔව්නේ අනේ. අරයා තවම නිදි..."
"අරයා කිව්වෙ යන්ග් මාස්ටර්..."
"අයියෝ අනේ.. මම කිව්වෙ යීබෝ ග' ගා ගැන.."
මම පණුවෙක් වගේ ඇඹරි ඇඹරි කියනකොට එයා පොඩ්ඩක් රතු වුණා. අනේ... ශුඩු නෝනා එහෙමත ආස... හාකෝ හාකෝ... මම ඉන්නකම් cudu mahaththaya අයිති කරගන්න එක හීනයක්. එයා අයිති මට... ආහ් නෑ.. අර පොටෝ එකේ ඉන්න අක්කට...
"යීබෝ සර් තවම නිදිද..."
"ඔව් අනේ... දන්නැද්ද ඉතිං... ඊයෙ පොඩ්ඩක් මහන්සි වෙලා ඇඟ රිදෙනවා කියලා එයා තවම නිදි..."
එයාට ඕනි බනනා ෆ්ලවර් එකක් හිතා ගන්න කියලා මම ආන්ටි ශෙන්ග් හොයාගෙන කිචන් එකට ගියා. එයා හිටියෙ මම ආසම කරන ඩම්ප්ලින් හදන ගමන් වෙනකොට මම මගේ දත් සේරම පේන හිනාව දාගෙන එයා ගාවට ගියේ පොඩි වැඩක් කරගන්න..
"යන්ග් මාස්ටර් ජාන් මොකද කවදාවත් නැතුව මේ පැත්තට ඇවිල්ලා... "
"නිකන් අප්පා..."
මම කියන ගමන්ම කිචන් කවුන්ටර් එක උඩින් වාඩි වෙන්න ගියත් ආන්ටි ශෙන්ග් මට හෙමිහිට පාරක් ගැහුවේ මම හයියෙන් හිනා වෙනකොට..
"කී සැරයක් කියලා තියෙනවද දරුවෝ ඔහොම වාඩි වෙන්න එපා කියලා..."
"හරි හරි අනේ... ඒක නෙවෙයි... යීබෝ ග'ගා ගෙ කෑම එක හැදුවද...."
"ඇයි කලින් බොඩි ගාඩ්ට වගේ ලුණු බෝතලයක් හලන්නද..."
ඇන්ටි ශෙන්ග් කියනකොට මට මතක් වුණේ cudu mahaththayaට කලින් හිටිය බොඩිගාඩ්ට කලින් හිටිය කෙනාට කලින් හිටිය කෙනා.. එයාව එලවගන්න ඕනිවට මම එයාගෙ කෑම එකට ලුණු බෝතලයක්ම හැලුවා. මම හිතන්නේ තවම එයාට කෑම වලට ලුණු දාගන්න ඕන නැතුව ඇති...
"නෑ අනේ... එයාව එලවන්න ඕන නෑ වගේ.. මම හැදුවේ එයාගෙ බ්‍රෙක්ෆස්ට් එක හදන්න..."
ඇත්තටම පාඨක ජනතාවට කියන්න ආන්ටි ශෙන්ග් මගේ දිහා බලාගෙන හිටියෙ අඟහරු ලෝකෙන් හොයාගත්තෙ පලවෙනි ජීවියා මම වගේ. ඇත්තටම මේක පිස්සු පීකුදු වගේ තමයි. ඒත් ඉතිං ඔහොම බලන එක හරිද මම අහන්නෙ.... මගේ දිහා බලාගෙන ඔළුව වනපු ශෙන්ග් ආන්ටි මටත් පොඩ්ඩක් ඉඩ දීලා පැත්තකට වෙනකොට මම ආවේ cudu mahaththaya ගෙ ජාතික ආහාරය හදන්න.. ටෝස්ට් ඒකයි ඔම්ලට් එකයි අර ඇවකාඩෝ ක්‍රීම් එකයි ඇරෙන්න මේ මනුස්සයා වෙන දෙයක් කන්නෙ නෑනේ.
මුලින්ම පාන් පෙති දෙකක් අරගෙන ඒක ටෝස්ටර් එකට දාපු මම අලිගැටපේර ගෙඩි දෙකක් අරගෙන ඒක දෙකට මැදින් කපලා ඇට දෙක අයින් කලා. ඊට පස්සේ ඒක හූරලා බෝල් එකකට දාපු මම ලෙමන් ගෙඩියක් අරගෙන ඒකෙ හොදට මිරිකලා ඒකෙ ඇඹුල් ටික සේරම අලිගැටපේර එකට දාලා කවලම් කලා.
"ළමයෝ.. ඕකට ඔච්චර ලෙමන් දාන්නෙ නෑ.. මුලින්ම කාලා බලන්න ඕක කන්න පුළුවන්ද කියලා..."
අති සාර්ථකව අලිගැටපේර එක වණ කරගත්ත මම ඒ බෝල් එක පැත්තකට දාලා අලුත් එකකට ආයෙම අලිගැටපේර ගෙඩි දෙකක් දාලා ඒක පොඩි කරන්න ගත්තා. යන්තමට ඒක කන්න පුළුවන් සයිස් එකට එනකොට ඒක තියපු මම හැදුවේ cudu mahaththayaගෙ ඔම්ලට් එක හදන්න. ඒත් ඊට කලින් නිකන් මොකක්ද කර වෙනවා වගේ ගඳක් එතකොට තමයි මට ටෝස්ට් දෙක මතක් වුණේ. ඒක හරි ගාණට ටෝස්ට් වෙලා. බ්ලෙන්ඩ් කරලා ගත්තා නම් අඟුරුවලින් දත් මදින්න පුළුවන්. වැඩි අවුලක් නෑ. ඔය ඇක්ටිව් චාකෝල් කියලා පොෂ් කරලා ගත්තට ඒකත් අඟුරුනේ. ටෝස්ට් දෙක ඩස්ට්බින් එකට දාපු මම ආයෙම පාන් පෙති දෙකක් ටෝස්ටර් එකට දැම්මා..
'ශෙන්ග් ආන්ටි... මේ බලන්නකෝ ගම්මිරිස් ඇතිද කියලා...."
ඔම්ලට් එකට ගම්මිරිස් දාපු මම ඩම්ප්ලින් ටික ස්ටීම් කරන ආන්ටි ශෙන්ග්ට කතා කරනකොට එයා ඇවිත් මගේ එහා පැත්තෙන් එබිලා පෑන් එක දිහා බැලුවා...
"ගම්මිරිස් නම් ඇති ජාන් බේබි... හැබැයි බිත්තර නම් මදි...."
කොහොමහරි කරලා කෑම එක ගානට හදාගත්ත මම ෆ්‍රිජ් එකෙන් එයා ආසම ඔරේන්ජ් ෆ්ලේවර් ජූස් බොක්ස් එකකුත් ට්‍රේ එකේ තියාගෙන උඩට ගියා. මම යනකොට එයා ඇඳේ හිටියෙ නෑ. ඒ වෙනුවට බාත්රූම් එකේ වතුර වැටෙන සද්දයක් ඇහෙනකොට මම ජනේලෙ ගාවට ගිහින් කර්ට්න්ස් ඇරලා දැම්මා.
"ගුඩ් මෝනින් ජාන්..."
එයාගෙ උදේට තියෙන ගැඹුරු කටහඬ ඇහෙනකොට එයාගෙ පැත්තට හැරුන මම දැක්කෙ සුදු පාට ටී ශර්ට් එකකට ස්වීට් පෑන්ට් එකක් ඇඳලා හිටියේ එයාව. එයාගෙ කොණ්ඩෙත් මූණට වැටිලා තිබුණ නිසා මට එයාව පෙනුණෙ පොඩි එකෙක් වගේ. ඒත් හැබැයි අර නිදාගෙන ඉන්නකොට තිබ්බ අහිංසක පාටට දැන් නෑ...
"ගුඩ් මෝනින්... ඉන්මනට එන්න... මම ඔයාගෙ උදේ කෑම හැදුවා..."
එයා නොවී ටේබල් එක උඩ තිබුණ ට්‍රේ එක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ එයා බැලුවේ මගේ දිහා...
"ශුවර්ද මාව මැරෙන එකක් නෑ කියලා..."
එයා කියනකොට මම එයාගෙ අතේ තිබ්බ පිහිය උදුරගෙන ටෝස්ට් එකෙන් කෑල්ලක් කපලා ඒක කන්න ගත්තෙ මොනවත් දැම්මෙ නෑ කියලා පෙන්නන්න. ඒත් මම ගෑරුප්පුවට ගත්ත ටෝස්ට් කෑල්ල සම්පූර්ණයෙන් ම කන්න කලින් එයා මගේ පැත්තට නැවිලා ඒක එයෙ දත්වලට හිර කරගත්තෙ එයාගෙ තොල් මගේ තොල් වල ගෑවෙනකොට...
එතකොට ඒක.....
කිස් එකක්ද....
To be continued....
Anastasia Wang23.10.22
හායිම්...
ජාන් ඔය උයන්න ගිහිං වන කරගත්ත එක ගැන හිතන්න එපා. මම මුලින්ම උයන්න ගිය දවස්වල ගිනි තිබ්බෙ නැති එක විතරයි .
මේකටත් වෝට් ගෝල් එකක් දෙනවා.
වෝට් 50 යි කමෙන්ට් 50යි.
ගෝල් එක කම්ප්ලීට් කරපු ගමන් අප්ඩේට් එකක් දෙනවා.
There are no comments yet. Log in to be the first to leave a review!





