< The Truth >
07:55, 2 March 2024මේ දෙන්න මෙහෙම එයලගෙ ලෝකෙ ඉද්දි ඒ පැත්තට තව ඇස් දෙකක් හැරිල තියනවා දෙන්නම දැක්කෙ නෑ.. ඒ ඇස් දෙක හොදටම දැක්ක මෙතන වෙච්ච දේ..
Time pass
ලෙක්චර් එක ඉවර වෙලා ළමයි එක්කෙනා දෙන්න හෝල් එකෙන් එලියට යද්දි ක්ලෙයා එයාගෙ බඩු ටිකත් එකතු කරන් ජිමින් දිහා බැලුවා..
" යන්නෙ නැද්ද ? ඔයාට මීට් වෙන්න ඕන කෙනාව අල්ලගන්න ඕනෙ කිව්ව නේද "
" මං එයාට ටෙක්ස්ට් එකක් දැම්මා නුනා.. එයා තව ටිකකින් ෆ්‍රී වෙයි.. "
" හ්ම් හ්ම් මං එහෙනම් යනවා.. ඔයා වැඩේ කරගන්න.. "
" හරි නුනා.. මට පුලුවන් නුනාව ඩ්‍රොප් කරන්න.. "
" ඔයාගෙ වැඩ ටික කරගන්න ජිමිනි.. මං ලයිබ්‍රියට යන්නත් ඕන.. "
" හරී ටේක් කෙයා.. "
ජිමින් ට බායි පාරක් දාන් කෙල්ල බෑග් එකත් අරන් හෝල් එකෙන් එලියට ආවා.. දොරත් වහලා කෙල්ල එතනම බිත්තියට හේත්තු උනා..
Kleya's pov
දෙයියනේ.. මං මේ මොනාද කලේ ??
ඇත්තටම මගෙ සිහිය එවෙලෙ කොහෙද තිබුනෙ ??
හැබැයි ඒ එක්ස්පීරියන්ස් එක නම් ජීවිතේට අමතක වෙන්නෙ නෑ... ජිමිනි කිව්ව හරි මට කවදාවත් මගෙ කොරියාවේ අන්තිම ලෙක්චර් එක අමතක වෙන එකක් නෑ..
ඒ ෆීලින් එක.. ඒ ටච් එක..
එකපාරටම මට මතක් උනේ මගෙ අන්ඩවෙයාර් එක බෑග් එකේ කියල..
මං මේ ලෝකෙට ඇවිත් වොශ් රූම් පැත්තට හිමින් හිමින් යන්න ගත්තා..
ඉස්සර හිටිය කෙල්ල කොහෙද කියල මන් කල්පනා කලා.. නෙක්ස්ට් වීක් ඉදන් මන් ආයිත් මගෙ පරන ජීවිතේට යනවා. ඒක නිසා ඇත්තටම මගෙ ලැජ්ජාව බය කියන දේ නැති වෙලා මොකද ආයිත් මේ රටට එන්න මගෙ කිසිම උවමනාවක් නෑ..
Author pov
45 minites later
( මතක තියාගන්න 😹 මිනිට්ස් 45 ක් කියන්නෙ සෑහෙන්න ලොකු වෙලාවක් )
කෙල්ල වටපිටාව බල බල හිමින් හිමින් යද්දි එක ක්ලබ් රූම් එකක් ළඟින් එයාට කෙනෙක්ව මතක් වෙලා අද කරන්න ඕන දේ අදම කරනව කියල ඒ දොර අරිනවත් එක්කම ඒක ඇතුලෙන් දෙන්නෙක්ගෙ කතාවක් ඇහුනා..
කෙල්ලට ඒ අස්සෙන් එයාගෙ නමත් ඇහුන නිසා ඒ පැත්තට කන දුන්නෙ නොඉවසිල්ලෙන්.. මොකද තමන්ගෙ නම එතන ඇහෙද්දි කාටද කුතුහලේ එන්නෙ නැත්තෙ..
" කවුද ? "
" ක්ලෙයා ද ? "
" ඔව් "
" එයා කවද්ද යන්නෙ "
" නෙක්ස්ට් වීක් මං හිතන්නෙ "
" ඔයා එයා එක්ක කතා නොකරම යවන්නද ඉන්නෙ ? "
" අනේ මන්ද.. මට එයා ගැන දුකයි.."
" එයා තේරුම් ගනී.. "
" ඒත් එයා දුක් වෙයිනෙ.. "
" ඒත් අන්තිම දවසෙවත් එයා එක්ක කතා කරන්න.. "
" හ්ම්ම් ලව් යූ බේබ්.. "
කෙල්ලගෙ මෙච්චර අවදානෙන් තිබුන ඇස් පුදුමෙන් ලොකු උනේ අන්තිමට ඒ කෙනෙක් කිව්ව වචන ටික නිසා..
කෙල්ල කඩාගෙන දොර හොදටම ඇරන් ඇතුලට යද්දි එතන හිටියෙ ක්ලෙයාගෙ ක්ලාස්මේට් කෙනෙක් එක්ක ජන්හියුන්..
කෙල්ල ටිකක් වෙලා ගොලු කෙනෙක් වගේ වචන හෙව්වෙ ඇත්තටම මේක එයා නොහිතපු වෙලාවක නොහිතපු දෙයක් නිසා..
" ක්ලෙයා !!! "
" ක්ලෙයා ! "
එතන හිටිය දෙන්නම එකපාරටම කිව්වෙ ඇස් කටේ දාන්..
කෙල්ල මොකුත් නොකියම අපහසුවෙන් හිනා උනේ ඇත්තටම දුක හිතුන නිසා..
එකක් ජන්හියුන් ඇයි මෙච්චරකල් එයාට මේ ඇත්ත කිව්වෙ නැත්තෙ ?
දෙක එයා නෙක්ස්ට් වීක් යන්න කලින් සමහරවිට ජන්හියුන් මේ ගැන කතා නොකර ඉන්න ඉඩ තිබුන නිසා.
ජන්හියුන් අනිත් කෙනා එක්ක ක්ලබ් රූම් එකේ සෝෆ එකක වාඩි වෙලා අත් අල්ලන් හිටියේ..
ඒක හරියටම කිව්වොත් ඒ ක්ලාස්මේට් කොල්ලෙක් !!!!
ඒකයි ජන්හියුන් කවදාවත් ක්ලෙයාට රොමෑන්ටික් විදියට සැලකුවෙ නැත්තෙ..
ජන්හියුන් නැගිටල කෙල්ල ලගට ඇවිත් එයාගෙ උරහිස් දෙකෙන් අල්ලලා හෙලෙව්වා..
" ක්ලෙයා.. ?? "
" ඔප්පා.. "
" සමාවෙන්න ක්ලෙයා.. ඔයාට මට කියන්න දෙයක් තියනවා "
" පැහැදිලි කරන්න කරදර වෙන්න ඕනෙ නෑ ඔප්පා.. මට ඇහුන දේවල් වලින් ඔයාගෙ සිටුවේශන් එක තේරුම් ගන්න පුලුවන් "
" ඇත්තටම ??? "
ජන්හියුන් පුදුම උන මූනකින් කෙල්ල දිහා බලන් හිටියා.. මොකද කොල්ලා බලාපොරොත්තු උනේ මෙහෙම රියැක්ශන් එකක් නෙමෙයි... කෑහැහල අඩලා වැලපිලා එයාට ලැජ්ජ කරල අන්තිමට කොලේජ් එකේ ඔක්කොම මේක කියල යයි වගේ රියැක්ශන් එකක්..
ඒත් උනේ ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත..
" ඔප්පා.. ඔයාට කලින් මේක කියන්න තිබුනනේ.. ඔයා හිතුවද මං මේක ජරා පටු විදියට හිතන කෙල්ලෙක් කියල.. ඔප්පට අමතක උනාද මං ජර්මන් කෙල්ලෙක්.. "
" සමාවෙන්න ක්ලෙයා.. මට කොච්චර හිතුවත් ඔයාට කියන්න විදියක් හොයාගන්න බැරි උනා.. "
" ඒකට කමක් නෑ ඔප්පා.. මන් කොහොම හරි දැනගත්තනේ.. "
" එන්නකො මෙහෙන් වාඩි වෙලා කතා කරමු "
ජන්හියුන් කෙල්ලව එක්කන් ඇවිත් සෝෆ එකෙන් වාඩි කලා..
එතන ඉදන් එයාගෙයි ෆ්‍රෑන්ක්ගෙයි ලව් ස්ටොරි එක කිව්වෙ කෙල්ලව සමහර තැන්වල හිනා ගස්සලා..
" මට පුදුමයි ක්ලෙයා.. "
" මටත් මං ගැන සෑහෙන්න පුලුමයි ඔප්පා.. ඒක වැඩිය හිත්න්න එපා.. මෙච්චර කල් මාව බලාගත්තට ගොඩක් ගොඩක් තෑන්ක්ස්.. "
" මං ඔයාට ආදරේ කලේ මගෙම සහෝදරියෙක් ට වගේ ක්ලෙයා .. "
" මට දැන් ඒක තේරුම් ගන්න පුලුවන් ඔප්පා.. ඔයා ඇයි කවමදාවත් මට ලං උනේ නැති හේතුව.. මං දුක් වෙන එකම් හේතුව ඔයා මට ඇත්තම හේතුව නොකිය තනියම දුක් වින්ද එක .. "
" ඔයාව සමහර දවස්වලට රෑට තනියම තිබ්බ එකට සොරි ක්ලෙයා.. මං සමහර දවස් වලට ෆ්‍රෑන්ක්ගෙ එපාර්මන්ට් එකේ නවතිනවා..මොකද අපිට එළියෙ මීට් වෙන්න අපහසු නිසා.. "
" සොරි ක්ලෙයා.. "
මෙච්චර වෙලා කෙලෙයාගෙ අතකුත් අල්ලන් කියන හැමදේම අහන් හිටිය ෆ්‍රෑන්ක් අන්තිමට කතා කලා..
" සොරි කියන්න එපා ෆ්‍රෑන්ක්.. ඔය දෙන්නම සතුටින් ඉන්න ඒ ඇති මට.. "
" තෑන්ක්ස් ක්ලෙයා.. "
" ඔයාලට මෙහෙ ප්‍රශ්නයක් ආවොත් ජර්මන් එන්න.. මට ඔයාලට උදව්වක් දෙන්න පුලුවන් 😊 "
" අනේ ඔච්චර හොද වෙන්න එපා ක්ලෙයා.. මට දුකයි.. "
" මං හොද නෑ ඔප්පා.. ඇත්තටම මටත් කියන්න දේවල් ටිකක් තියනවා "
කෙල්ල හැදුවෙ ජන්ග්කුක් එක්කයි එයාගෙ යාලුවො එක්කයි වෙච්ච දේවල් ටික කියලම එයාගෙ හිත නිදහසේ මෙහෙන් යන්න..
" මොනාද ක්ලෙයා ? "
" ඇත්තටම.. ම්ම්.. මේ මමයි ජන්ග්කුකායි.. අ .. "
" අහ් මං ඒ දේවල් දැනන් හිටිය ක්ලෙයා.. මට කුකී කිව්වා.. එයා මගෙන් සමාවගත්තා.. ඔයාට වැරැද්දක් උනා කියල.. එයා දැනන් හිටිය ෆ්‍රෑන්ක් ගැන.. "
" අහ්.. "
කෙල්ල ට එකපාරටම හිනාවක් ආවෙ එදා උදේ ඇහැරෙද්දි ජන්ග්කුක් ගෙ හුලගක්වත් ගෙදර තිබුනෙ නැති බව මතක් වෙද්දි
" ඒකට කමක් නෑ ක්ලෙයා.. අපි ඔක්කොම මිනිස්සු.. මිනිස්සුන්ට තමයි හැගීම් දැනීම් තියෙන්නෙ.. "
" හ්ම්ම් "
" ඒ ගැන මගෙ හිතේ කිසිම තරහක් නෑ කෙල්යා.. මොකද මේක ඔයාගෙ ජීවිතේ.. ඔයාට සම්පූර්ණයෙන් අයිතිය තියනවා ඕනම දෙයක් කරන්න.. "
" සමාවෙන්න ඔප්පා.. "
" ඔයා ගියාම පරිස්සමෙන් ඉන්න ක්ලෙයා.. අපි දෙන්න එහෙ ආවොත් එන්නම්කො ඔයාව බලන්න "
ෆ්‍රෑන්ක් කෙල්ලගෙ අතට තට්ටුවක් දාල කිව්වා..
" ඔයාගෙ එග්සෑම් ඉවර වෙලා යන්න කලින් අපි ඩේට් එකකට යන් ක්ලෙයා මං හොස්පිටල් එකෙන් ඕෆ් එකක් ගන්නම් "
" අනේ කරදර වෙන්න එපා ඔප්ප.. "
" කමක් නෑ ක්ලෙයා මට හැමදාම ඔයා එක්ක ඩේට් එකකට යන්න ඕන උනා.. ඒත් මං එහෙම ගියාම ඔයා එක්ක හැසිරෙන්න ඕන විදිය ගැන හිතාගන්න බැරුව හිටියෙ.. "
" හ්ම්ම්.. ඔයාට මාත් එක්ක කතා කරන්න තිබුන ඔප්පා.. මං කවදාවත් ඔයාට බනින්නෙ නෑනෙ.. "
" සමාවෙන්න කෙල්ල.. "
" ඒක දැන් අමතක කරන්න ඔප්පා.. හරි හරි අපි යන්කො ඩේට් එකකට.. ඔයත් එනවනෙ ෆ්‍රෑන්ක් ? "
" මන් ?? "
" ඔව් ඔව් 😃 ඔයා තමා ඔයත් අනිවාර්යයෙන් යන්.. එතකොට තමයි ඒක සම්පූර්ණ වෙන්නෙ "
" හ්ම්ම් හරි හරි 😊😊 "
කෙල්ල ගොඩක් වෙලා ඒ දෙන්න එක්ක කතා කර කර ඉදල කොලෙජ් එකෙන් එලියට යද්දි හවස් වෙලා හොදටම..
කෙල්ල ගේට් එකෙන් එලියට ඇවිත් කැබ් එකක් බැලුවේ ඉක්මනට ගෙදර යන්න..
මොකද අද ගොඩක් දිග දවසක්.. සෑහෙන්න දේවල් සිද්ද උනා.. හීනෙකින් වත් හිතුව නැති දේවල්..
එයා ඇත්තටම ජන්හියුන් ට සමාව දුන්නා.. මොකද එයාට ඒ දෙන්නගෙ හැගීම් තේරුම් ගන්න පුලුවන් උන නිසා.. එයාට Gay , Lesbian කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි පොඩි කාලෙ ඉදන් එයා ඒ ආදර කතා දැකල තිබුනා.. මොකද එයා හයි ස්කූල් යද්දි ඒකෙ ඕන තරම් කපල් හිටිය නිසා..
ක්ලෙයා පලවෙනියටම ආව කැබ් එක නවත්තන් ඒකෙන් ඉක්මනට ගෙදරට ආවෙ මේ ඔක්කොම හිතේ පැත්තකට කරල අනිද්ද තියන එග්සෑම් එකට අන්තිමට පාඩම් කරන්න..
අනිද්දයින් පස්සෙ දවස් තුනකින් ග්‍රැජුවේශන් එක.. එතනින් පස්සෙ එයා කොරියාව ට ඇවිත් කරන්න තිබුන ලොකුම වගකීම ඉවරයි..
............................................................................................................
One week later
මේ ගත වෙන්නෙ ක්ලෙයා මෙහෙ ඉන්න අවසාන දවස් ටික..
එයා ජන්හියුන් ඇන්ඩ් ෆ්‍රෑන්ක් එක්ක ඩේට් එකකට ගියා.. දවසෙම ඒ වෙන්න එක්ක amusement park එකක පොඩි තුන්දෙනෙක් වගේ සෙල්ලම් කලා..
ක්ලෙයා හැමවෙලේම වීමින්කුක් තුන්දෙනා ගැන මතක් කලා.. ඒ එයාට ආයිත් ආතල් ගන්න නෙමෙයි.. එයාගෙ ජීවිතේට අලුතෙන් පලවෙනියටම දෙයක් අත්විදින්න කියල දීපු තුන්දෙනා එක්ක මේ කපල් එකත් එක්ක වගේ පොඩි එකෙක් වගේ එක දවසක් හරි සතුටින් ඉන්න ඕන නිසා..
එයා ඇහුවා ජන්හියුන් ගෙන් කෝ ජන්ග්කුක් කියල.. එයා කිව්ව විදියට එදා ජිමින් කොලෙජ් එකට ආව දවසෙ එයාල තුන්දෙනාම තව කට්ටියක් එක්ක හවායි ගිහින් තියෙන්නෙ එදාමයි.. එයාල මෙහෙ ආවෙ වැකේශන් එකටනේ..
කෙල්ල දුක් උනා මොකද එයාට ආයිත් කවදාවත් ඒ තුන්දෙනා එක්ක කතා කරන්නවත් ලැබෙන්නෙ නෑ කියල.. එයාට හරියට ටේ ජිමිනි ගෙන් සමුගන්නවත් බැරි උනානෙ.. පස්සෙ යන්න කලින් ජන්හියුන් ගෙන් නම්බර් එකක් අරන් කෝල් එකක් දෙනව කියල කෙල්ල එවෙලෙ හිතාගත්තා..
............................................................................................................
An 3 hours before the flight
Kleya's pov
මං අන්තිම වතාවටත් ආයිත් එපාර්මන්ට් එක දිහා බලලා ටැක්සි ඩ්‍රයිවර් අන්තිම බෑග් එකත් ටැක්සි එකට දැම්මට පස්සෙ ටැක්සි එකට නැග්ගා..
ජන්හියුන් ඔප්පා ෆ්‍රෑන්ක් එක්ක එයාර්පෝර්ට් එකට කෙලින්ම එන්නම් කිව්වා..
යූමිටයි යුන්ගි ඔප්පටයි මං ඊයෙම බායි කියල ඩිනර් එකත් අරන් එයාලට සමු දුන්නා..
ඒත් තාමත් අර කොල්ලො තුන්දෙනා ආවෙ නෑ.. ඒක නිසාම මන් ජන්හියුන් ඔප්පගෙන් ජිමිනිගෙ නම්බර් එක ඉල්ලගෙන එයාට කෝල් කරද්දිත් එයාල හිටියෙ හවායි වල.. එවෙලෙ කතා කරල මට සමුදෙන්න හම්බ උනේ ටේ ටයි ජිමිනිටයි විතරයි, මොකද ජන්ග්කුක් එයල එක්ක හිටියෙ නැ.. කමක් නෑ දෙන්නෙක්ට හරි සමුදෙන්න හම්බ උනානෙ..
ටික වෙලාවකින් මං එයාර්පෝර්ට් එකට එද්දි ජන්හියුන් ෆ්‍රෑන්ක් කපල් එක ඇවිල්ල හිටියා..
" ක්ලෙයා... !!! "
" පරක්කුයි ඔයා.. "
" වෙලාව තියනවා ඔප්පා.. බය වෙන්න එපා.."
" හ්ම්ම් කෝ ඉන්න ලැගේජ් ටික අපි ගන්නම්.. "
" තැන්ක්ස් "
මං ඒ දෙන්න එක්ක එයාර්පෝර්ට් එකට ඇතුල් උනා.. වෙලාව බලද්දි මගෙ ෆ්ලයිට් එකට හරියටම තව පැය එකහමාරක් වගේ තිබුනෙ..
කොල්ලො දෙන්නගෙ උදව්වෙන් මං ලැගේජ් ටිකට ටැග් දාල ඒක ගේට් පාස් වෙන්න දාලා ඒක යවලා අර දෙන්නත් එක්ක ඇතුලෙම කැෆේ එකකට ගියා..
අපි කෝෆි එකක් බොන ගමන් කතා කර කර ඉද්දි එකපාරටම..
" නුනා !!!!!!!!!!! "
ඒ සද්දෙ ආවෙ කොහෙන්ද බලන්න මං කැෆේ එකෙන් එලිය බැලුවා..
පිස්සු පූසො දෙන්නෙක් වගේ මේ පැත්තට දුවන් ආවෙ ටේ..
" ටේ ! ඔයා කොහෙද මෙහෙ ? "
" නුනා යන්න කලින් ආවෙ "
" අනේ.. 🥺🥺 "
" සොරි නුනා අපි ට්‍රිප් එකක් ගියානෙ යාලුවො එක්ක.. "
" නුනා.. !!! " " යකෝ ටේ මාව දාල ඔහොම දුවන් එනවද යකො මමයි තොට කිව්වෙ නුනා ඉන්න තැන ටෝ පිස්සා වගෙ දුවන් ආවා.. "
" ජිමිනී.... "
" කොහොමද නුනා අපේ වැඩ.. යන්න කලින් අපි ජින් හ්‍යොන්ග්ගෙ ජෙට් එකෙන් කොහොම හරි ආවා.. "
" අනේ මට ඔයාලව අන්තිම පාරට දකින්න ලැබුන එකට සතුටුයි "
ඒ දෙන්නත් අපි හිටිය ටේබල් එකටම ඇවිත් විස්තර කතා කර කර ඉද්දි දන්නෙම නැතුව වෙලාව ගියා..
Time pass
" ගයිස් මං දැන් යන්න ඕනෙ.. ෆ්ලයිට් එකට වෙලාව හරි.. "
" හ්ම්ම් පරිස්සමෙන් ක්ලෙයා.. "
" ගිහින් සෙට්ල් උනාම අපිට කතා කරන්න හරිද ක්ලෙයා "
" බායි නුනා "
ක්ලෙයා ෆ්‍රෑන්ක් ව හග් කලා..
" ඔයාල දෙන්නටත් ගුඩ් ලක් සතුටින් ඉන්න.. "
ඊට පස්සෙ ජිමිනි ව
" මාව අමතක කරන්න එපා නුනා.. 🥺 "
" එහෙම අමතක වෙන්නෙ නෑ ජිමිනි ඔයාව මට.. මං කෝල් කරන්නම්කො ඔයාට.. "
ඊට පස්සෙ ටේ ව
" ඔයාව මගෙ ජීවිතේ හැමදාම මතක හිටීවි ටේ.. ගොඩක් තෑන්ක්ස් මට මගෙ ජීවිතේ පලවෙනි අත්දැකීමක් ගෙනත් දුන්නට.. ඒක ඔයා එක්ක වෙච්ච එක ගැන මං ගොඩක් සතුටුයි.. "
" පරිස්සමෙන් ඉන්න නුනා.. හැම කොල්ලම මං වගේ නෙමෙයි 😁 "
ටේ ජිමින් ෆ්‍රෑන්ක් තුන්දෙනාව හග් කරල අන්තිමට ජන්හියුන් ව හග් කලා..
" ලස්සනට සතුටින් ජීවිතේ ගෙනියන්න ක්ලෙයා.. වෙච්ච හැමදේම සමාවෙන්න.. මං ගොඩක් සතුටු වෙන්නෙ ඔයා මාව තේරුම් ගත්ත එකට.. ඒකට ගොඩක් තෑන්ක්ස්.. "
" සමාව ගන්න එපා ඔප්පා.. මං ඔයාලට මගෙ මුලු හදවතින්ම විශ් කරනවා.. ඔයාල දෙන්නත් සතුටින් ඉන්න.. ප්‍රශ්නයක් උනොත් එහෙට එන්න ඔප්පා.."
කෙල්ල ජන්හියුන් ගෙ හග් එකෙන් අයින් වෙලා..
" එහෙනම් හැමෝටම ගුඩ් බායි සතුටින් පරිස්සමෙන් ඉන්න.. මං යනවා.. එහෙට ආවොත් කෝල් එකක් දෙන්න හොදේ "
" හරි නුනා.. බායි "
" ගුඩ් ලක් ක්ලෙයා "
කෙල්ලගෙ ඇස් වලට කඳුළක් ආවත් ඒක හිර කරන් එයා ගේට් පාස් කරල ටිකට් චෙක් කරල අන්තිම පාරටත් කොල්ලො ටිකට අත වැනුවා..
ෆ්ලයිට් එකට ගිහින් වාඩි උනා විතරයි කෙල්ලගෙ ඇස් වලින් කදුලු ගැලුවෙ අවුරුදු 2ක් එකට හිටිය ජන්හියුන් ව දාල යන්න වෙන දුකට.. මොනා උනත් කෙල්ලගෙ හිතේ ජන්හියුන් ගැන පොඩි ආදරයක් සෙහෙනසක් තිබුනා..
ටිකක් වෙලා කදුලු ගලපු ඇස් පිහදාන් කෙල්ල හුස්මක් ගත්තෙ තව පැය ගානකින් එයා ජීවිතේ අලුත් ආරම්භයක් ගන්න ඕන නිසා..
ෆෝන් එකට හෙඩ් සෙට් එක ගහන් සින්දුවක් ප්ලේ කලේ එයාගෙ හිත නිදහස් කරගන්න ඕන නිසා...
ඒ ඉද්දි කෙල්ලගෙ හිත සතියකට කලින් දවසකට ගියේ නොදැනමයි.. 🎶🎶🎶🎶🎶🎶🎶
........................................................................................................
ඔන්න ස්ටොරි එකේ හිස් තැන් පිරෙව්වා..
හෙට අන්තිමට ලාස්ට් ෆයිනල් චැප්ටර් එකත් එක්ක හම්බ වෙමු 🥂🎶
පොඩි පොඩි මිස්ටේක් තිබුනොත් ගනන් ගන්න එපා හොදේ.. ඔයාලගෙ කැත හිතක් ඇති ඕතරී වැඩ අස්සෙ මේක හදිස්සියේ ටයිප් කලේ 😊🥂
There are no comments yet. Log in to be the first to leave a review!

![Dust Bones [Harry Styles]](https://fanficsread.net/media/fs-stories-1/1198/conversions/a640cdb809d084e5d20475eedbf3c663.jpg)



