Part 33 (Final)
09:54, 11 September 2024ඒත් එක්කම ජිමිනයි ටේ ඔප්පයිත් ඇවිත් අපිව බදා ගත්තා...ජින් ඔප්පත් ජූන් ඔප්ප එක්ක ඇවිත් අපිත් එක්ක එකතු වුනා...
💜️මට තමයි මේ ලොකේ ලස්සනම පවුල ඉන්නේ😚
මන් එහෙම කිවුවම කට්ටියටම හිනා වුණා..පස්සෙ අපි කෑම කාලා කතා කර කර ඉදියා...කට්ටියම ගොඩක් සතුටින් ඉන්නේ...
කන්හි නැති වුන එක ගැන කූකී දුක් වෙන් නෑ...එයා කියන්නේ ඒ විදිහට ඒක නැති වුණ එක හොඳයිලු... අනික කුකී කන්හිට ආදරේ කලාට කන්හි පොඩ්ඩක්වත් එයාට ආදරේ කරලා නෑ... කුකී කිවුව විදිහට හැමදාම කන්හි මොකක් හරි ප්‍රශ්නයක් ඇදන් එයා එක්ක රණ්ඩු වෙනවලු... ඇත්තටම ඒ දෙන්නා සතුටින් ඉදලා නෑ... කන්හි කරලා තියෙන්නේ කුකීගේ සල්ලි ටික ගත්ත එකයි අපේ ඔත්තු බලපු එකයි...කුකී මුලින් අවුලෙන් හිටියත් දැන් එයා ඉන්නේ ගොඩක් සතුටින්...කන්හි කියන්නෙ යුන්ගි ඔප්පගේ නැන්දගේ දුව නිසා යුන්ගි ඔප්පා කුකීගෙන් සමාව ඉල්ලුවත් කුකී කිවුවේ මේ කිසි දේකට යුන්ගි ඔප්පගේ වරදක් නෑ කියල.. මොකද යුන්ගි ඔප්පා දැනන් හිටියනම් කන්හි මේ කරන දේවල් නෑදෑකම කොහොම වුනත් යුන්ගි ඔප්පා කවදාවත් එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නෑ..කුකී කියන්නේ කවුරු මොන දේ කලත් යුන්ගි ඔප්පා වගේම අනිත් ඔප්පලා පස්දෙනා ගැනත් එයා හොඳටම දන්නවා එයාට වරදක් වෙන දෙයක් කවදාවත් එයාලා කරන් නෑ කියලා.. මන් විශ්වාස කරනවා අනිවාරෙන් දවසක කුකී ඔප්පටත් එයාට ඇත්තටම ආදරේ කරන අවංක ලස්සන කෙල්ලෙක් වුණ ගැහේවි...
🐯මේහ්...
🐥අරක...
🐯ආහ්...ඔව් නේ...
🐥ඉන්නකෝ ඉන්නකො...
🐹මොනාද ඔය උබලා දෙන්න කුටු කුටු ගාන්නේ....
අපි හැමෝම බැලුවේ ටේයියයි ජිමින් ඔප්පයි දිහා...දෙන්න දැන් ගොඩ වෙලාවක ඉදලා කයිය...මේ පාර කාටද දන්නෑ බෝම්බයක් දෙන්න හදන්නේ😅
🐯නෑ ජින් හ්යොන්ග්...මේ....
🐹මොකො....
🐯අපේ ජිමිනගේ යටි බඩේ කැක්කුමක් තියේ කියන්නේ....
ටේ ඔප්පා ඒක කිවුවේ නම් මන් දිහයි යුන්ගි ඔප්ප දිහායි හොරෙන් බලන් ගමන්... එක පාරට යුන්ගි ඔප්පට එයා බිබී හිටිය ජූස් එකත් ස්මොල්ලේ ගියා...
🖤ම්හ්..ම්හ්...ග්හ්....
🐥මොකො හ්යොංග්...
🖤නෑ නෑ...මුකුත් නෑ....
🐹දැන් මොකක්ද ජිමිනා වුනේ...
🐥නෑ හ්යොංග් මේ මන් කිචන් එකේ ඉදලා එද්දි එකපාරට බඩේ කැක්කුමක් ආවනේ... හොඳ වෙලාවට යුන්ගි හ්යොංග් මාව අල්ල ගත්තේ...
🖤මන්........
යුන්ගි ඔප්පා එකපාරට හයියෙන් කිවුවේ අපි ඔක්කොම උඩ යද්දි...
🐹ඇයි උබ නෙමෙයිද අල්ල ගත්තේ...
🖤න්..නෑ..ම්...මන් තමා...
🐥හ්යොංග් අල්ල ගත්තේ නැත්නම් මන් බිම... මාව අල්ලන් ඇඟට ලං කරන් අමාරුද බබා කියලත් ඇහුවා...
💙පුහ්....
💛ඔප්පා....
එකපාරට අපේ හොබී ඔප්පගේ කටේ තිබුන ජූස් ටික පුහ් ගාලා එලියේ... සුහෝගේ ඇඟෙත් එක්ක😅 ජූන් ඔප්පයි ජින් ඔප්පයි මූනට මූන බලන් මේ මොනාද මේ කියන්නෙ වගේ මූඩ් එකක...කුකී නම් බක බක ගාලා හිනා වෙනවා... සුහෝ එයාටත් හිනා...එයා හොබී ඔප්පට ගහ ගහ හිනා වෙන්නේ... මෙයාල ඔක්කොටම හිනා ඉතින්... ජිමින් ඔප්පා හරි විහිලුවක් නේ කරේ... මටනම් පොළව පලන් ගිහින් හැංගෙන්න හිතයි මේ කියන ඒවට....යාහ්...මෝඩ තාරාවා.... ඉන්නවකෝ මන් පස්සේ බලාගන්නම්... යුන්ගි ඔප්පත් මූන මෙහෙක් කොරන් බලන් ඉන්නවා...කට්ටිය හිනා වෙන දිහා...
🐯මොකෝ මියෝ රවන්නේ...
💜️පිස්සුද මේ මන්...නෑ...
🐥ඔයාට ඉරිසියයි නේ යුන්ගි හ්යොංග් මට බබා කිවුව එකට...
💛මටත් හිතෙන්නේ ඒ වගේ....
🖤යාහ්...ජිමින් මන් තමුන්ට බබා කිවුවේ නෑ...😫
🐥මොකො නැත්තේ...
🐹මේ මේ උබලා ඔය නොකියා කියන්නේ මොකක්ද කියපියව්....
💙මටත් හිතෙන්නේ මෙතන වෙන මොකක් හරි කතාවක් තියෙනවා...
🐨මටත් ඕක තේරුණා හැබැයි
🐯ලොකු අයියට ඒනම් හරියටම තේරිලා..😅
🐰ඇත්ත කියපල්ල බලන්න...
💛මියෝ...මොකො වුනේ...
🐥මන් කියන්නම්කෝ...මේකයි වුනේ හරිද...
💜️මේ මන් ඔයාලට තව කන්න මොනා හරි හදන් එන්නද...
මන් මැද්දෙන් පැනලා කිවුවේ මෙයාලගේ කතාව මඟාරින්න ඕන නිසා.. දැන් ජිමිනා ඕක කිවුවොත් අපි ඉවරයි... හොබී ඔප්පත් ඉන්නවා...සුහෝත් ඉන්නවා...හයියෝ... ලැජ්ජව බාල්දියෙන් එකයිනේ...
🖤ජිමිනා මේ මෙහෙ වරෙන්...
🐥ඕහ් බබා...
ජිමින් ඔප්පා කිවුවේ යුන්ගි ඔප්පා ලඟින් වාඩි වෙලා එයාගේ කරවටේ අතක් යවන ගමන්...
🖤ඔතනින් වාඩි වෙලා ඉදහන් හොඳ එකා වගේ...
ඔප්පා එහෙම කියලා ජිමිනාගේ ඔලුවත් අත ගෑවා... අනිත් කට්ටිය නම් මේ විකාරේ දිහා බලන් ඉන්නේ ඇසුත් හීනි කරන්...
🐰මේ චූටි...අර මොකො යුන්ගි හ්යොංග් ට මක් වෙලාද
💜️ඇයි...
🐰නෑ ඉතින් වෙනදට ඔහොම නෑනේ...
🐯මන් කියන්නම් කුක්කෝ....මේ අපේ හ්යොංග් අද උදේ අපි එද්දි ඔයාගේ චූටි නංගිගෙන් අහනවා අපිට ඇහුනා "තාම අමාරුද බබා..." කියලා...
🖤යාහ්....ටේ......
🐥ඉතින් ඇත්තනේ...
🖤උබ කට වහන් ඉදහන්...
💙යුන්ගියා.....උබ මගේ නංගිට....
💜️ඔප්පා.....
🐹හරි හරි ඒක තමා වෙලා තියෙන්නේ...
හයියෝ....ලැජ්ජාවේ සන්තෝසේ බෑ...මන් එතනින් යන්න හැරිලා ආයේ නැවතුනේ ඔප්පා මට කතා කරපු නිසා...
💙චූටි...
💜️ම්ම්ම්....
💙එන්නකෝ පොඩ්ඩක්....
ඔප්පා මට එයා ගාවට කතා කරා...මන් ඉතින් එයා ගාවට ගිහින් එතනින් වාඩි වුනා...
💙ඔයා මගේ පන චූටි...මට තාම හිතා ගන්න බෑ ඔයා මෙච්චර ලොකු වුණා කියලා..හැබැයි මට තාම ඔයා මාත් එක්ක හුරතල් වුන මගේ ලඟ දැවටුන චූටි නංගි...
💜️මන් දන්නවා ඔප්පා ඒක...🥺
💙එහෙමයි කියලා ඉතින් මට ඔයාව හැමදාම මගේ ළඟ තියා ගන්නත් බෑනේ... දැන් ඉතින් අයිතිකාරයෙක් ඉන්නවත් එක්කනේ
ඔප්පා කිවුවේ හිනා වෙවී...මන් දන්නවා ඔප්පා මට ගොඩක් ආදරෙයි...ඔම්මයි අප්පයි නැති වුණ දවසේ ඉදලා අද වෙනකම්ම ඔප්පා මාව පරිස්සමෙන් බලා ගත්තා...මට කවදාවත් අඩන්න දීලා නෑ එයා..එයාට පුලුවන් උපරිම මාව සතුටින් තිබ්බා... ඇත්තටම මගේ ජිවීතේ උඩින්ම ඉන්නේ මගේ ඔප්පා...එයා තමයි මගේ දෙවනි අප්පා..
💙ඔන්න ඉතින් ටැප් එක ඇරියා...
💜️අනේහ්...
💙ඉතින් අපි ඔයාලා දෙන්නගෙ wedding එක ඉක්මනටම ගමු නේද...එහෙම හොඳයි නේද යුන්ගියා...
ඔප්පා යුන්ගි ඔප්පා දිහා බැලුවා...එයාගේ ඇස් සතුටින් දිලිසෙනවා...අනේ එයාටත් දුක හිතිලද කොහෙද
💙ඒ උබ මොකද ඔය...මෙහෙ එනවා...අප්පෝ මුන් පොඩි වුන් වගේ නේ
හොබී ඔප්පා මාවයි යුන්ගි ඔප්පවයි හරිම ආදරෙන් බදා ගත්තා...
💙තව දෙයක් කියන්න තියෙනවා චූටි...
💜️ඒ මොකක්ද ඔප්පා...
💙මන් හිතන්නේ සුහෝ ඔයාම ඒක කිවුවනම් හොඳයි...
💛මියෝ ඔයා...නැන්දා කෙනෙක් වෙන්නයි යන්නේ...
💜️මොකක්🥺
💙ඔව්...එතකොට උබලා ඔක්කොමලා මාමාලා වෙන්නයි යන්නේ😅
🐥එක නැන්දයි මාමලා ගොඩයි.....
ජිමින් ඔප්පා කිවුවේ හිනා වෙවී....
💙උබලත් නැන්දලා ගෙනහල්ලා ඉතින්...😅
💜️අනේහ් සුහෝ....
මන් ගිහින් සුහෝව තුරුල් කර ගත්තා... අනේ අදනම් පුදුම දවසක්... අද දවස කවදාවත් අමතක වෙන එකක් නැ... තමන්ගේ සහෝදරී හොඳම යාලුවා අම්මා කෙනෙක් වෙන්න යන්නේ කියලා දැනගත්තම දැනෙන සතුට...
💜️උම්මා...උම්මා....😙
💛ඊයා බන් කෙලත් ගෑවා...
💜️අනේ මට ගොඩක් සතුටුයි...
🐥ඒ කියන්නේ අපේ හොබී හ්යොංග් අප්පා කෙනෙක් වෙන්නයි යන්නේ...
🐰Congratulations මගේ ලොකූ හ්‍යොංග්😚
🐹සෙට් එකේ පලවෙනි අප්පට අපගේ උණුසුම් සුභ පැතුම්....
🐨සුභ පැතුම් හොබියා....
🐯යාහ් මොකද අනේ ඔයාලා...හොබී හ්යොංග් මේ පලවෙනි පාර විතරයි අප්පා කෙනෙක් වුනේ...එයා තව බබාලා 6 ක් හදනවලු 7ක් වෙන්න😁
💙යාහ් ටේයියා...උබනම්....
🖤මොනා වුනත් ඒ කතාව ඇත්තක්...
💙යුන්ගියාහ්😩
____________________
After one month....
🐯ඒ උබලා ලෑස්තිද...
🐥ඔව් ඔව්...මන් ඉවරා...යි
🐯කුකියා උබ...
🐰ඉවරයි බන් ඉවරයි පොඩ්ඩක් හිටාම්...
🐯යකෝ උබ මනමාලිගේ ඔප්පා නේද...ඉක්මනට යමන්...
🐰ඉදහන් ඉතින්...ඔප්පා හින්දා තමා මන් ලස්සනට ලෑස්ති වෙන්න ඕන...
🐥අනේ මුගේ බොරු මරුසි...😅
🐰කොට තරාවෝ කට වහන් ඉදාම්...
🐯ඉක්මනට යක්කුනේ...
🐥🐰හරි හරි....
Author pov...
මාසයක් වගේ පොඩි කාලෙකදී කට්ටියම එකතු වෙලා මියොන්ගි ගෙයි යුන්ගි ගෙයි වෙඩින් එක ප්ලෑන් කරා...හොබී,ජූන්,ජින් වගේම පොඩි තුන් දෙනත් අන්තිම වෙනකම්ම හොයල බලල වැඩ ටික කරා...වෙඩින් එක ගන්න මෙයාලා ප්ලෑන් කරලා තිබ්බේ outdoor ලස්සන නිස්කලන්ක පරිසරයක... ඇත්තටම එතන මාරම ලස්සනයි... එයාලා ලස්සනට හැමදේම organized කරලා තිබුනා... මේ වෙලාවේ මියොන්ගි යුන්ගි යි දෙන්නම හිටියේ ලෑස්ති වෙන ගමන්...අනිත් අයත් එහෙමයි...
Meyongi pov...
💛අනේ හරිම ලස්සනයි මියෝ....🥺
සුහෝ ඇවිත් මට හග් එකක් දුන්නා...මන් දැක්කා සුහෝගේ ඇස්වල කඳුලු තියෙනවා... ඒ තරම් එයාට සතුටුයි...
💛කොච්චර කල් බලන් හිටියද ඔයා මෙහෙම ඉන්නවා බලන්න ඉතින්...
💜️ඒ කියන්නේ මාව යවා ගන්න නේ බලන් ඉදලා තියෙන්නේ😅
💛අනේ පලහ්....ඇත්තටම මාරම ලස්සනයි මැණිකේ🥺 මට කියන්න වචන නෑ...මට ගොඩක් සතුටුයි
💜️මන් දන්නවා සුහෝ...මගේ ඔප්පා තරමටම ඔයා මන් ගැන සතුටු වෙනවා කියල...
💙ආ...ආ...මොකක්ද ඒ කතාව...
💜️ඔප්පා...☺️
💙මගේ චූටි අද සුරංගනාවියක් වගේ....
ඔප්පා ඇවිත් මගේ නලලට කිස් එකක් දීලා මාව බදා ගත්තා...
💙එහෙනම් අපි මංගල සභාවට සම්ප්‍රාප්ත වෙමුද කුමරියනී...😅
ඔප්පා ඇහුවේ හිනා වෙලා...ඒත් එයාගේ ඇස්වල සතුට කඳුලු තිබුන මන් හොඳ ට දැක්කා...මන් ඔප්පවයි සුහෝවයි එක පාර බදා ගත්තේ ආපු සතුටට වගේම දුකට...
💙මොකද ඉතින් මේ...බලන්නකෝ සුහෝ
💛ඒකනේ...කෝ දැන් ඉතින් ඔය ඇඬුවා ඇති
💜️මට ටිකක් මෙහෙම ඉන්න ඕනෙ...
මන් එහෙම කිවුවම එයාලා මුකුත් කිවුවේ නෑ.. ඔප්පා කලේ මගේ ඔලුව අත ගාපු එක...
🐰ඒ.....මේ මොකද.....මන් නැතුව ඔයාලා සතුට සමරනවා නේද
කූකියත් ඇවිත් අපිව බදා ගත්තා....
🐯හයියෝ...මරු එකාව මන් එවුවේ කට්ටියව එක්කන් එන්න කියලා...
🐥කෝ කෝ දැන් යන්...වේලාව පහු උනොත් තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා ආ😅
💜️හරි හරි අනේ.....
🐥කෝ එහෙනම් දැන් මේ මනමාලිගේ ලොකු අයියා මේ පැත්තට ආවනම්...
🐯ආ...ආ...පොඩි අයියා මේ පැත්තේ...
මේ දෙන්නා මොනා කරන්න යනවද මන්දා... හොබී ඔප්පවයි කූකී ඔප්පවයි මගේ දෙපැත්තෙන් තියලා ඒ දෙන්නගෙම අත්වල මගේ අත් දෙක පැටලෙවුවා...
🐥හරි එහෙනම් දකුණු කකුල පෙරට තියලා යන්....
අපි හැමෝම wedding stage එක ලෑස්ති කරපු location එකට ආවා... ඒ එද්දිත් යුන්ගි ඔප්පා ඇවිත්...මන් එනවා දැකපු ජින් ඔප්පා යුන්ගි ඔප්පව අනිත් පැත්ත හැරෙවුවා...🤭
හොබී ඔප්පගෙයි කුකී ඔප්පගෙයි අත් දෙකේ එල්ලිලා මන් ඉස්සරහට ගිහින් යුන්ගි ඔප්පට කතා කරාම එයා මගේ පැත්තට හැරුණා... මන් දැක්කා සතුටට එයාගේ ඇස්වලට කඳුලු පිරෙනවා... හොබී ඔප්පා මගේ අත යුන්ගි ඔප්පගේ අත උඩින් තිබ්බම යුන්ගි ඔප්පා මාව තුරුල් කර ගත්තා...
Yoongi pov...
ජින් හ්‍යොංග් මාව අනිත් පැත්ත හැරෙවුවම මම දැනගත්ත මගේ කෙල්ල එනවා කියලා... මගේ පපුව කවදාවත් නැති විදිහට ගැහෙන්න ගත්තා...එයා ඇවිත් මගේ උරහිසකින් අතක් තියලා මට කතා කරාම මන් එයාගේ පැත්තට හැරිලා බැලුවා...තනි සුදු පාට ලස්සන වෙඩින් ෆ්‍රොක් එක... කඩා හැලෙන දිග කොණ්ඩේට ගහපු දම් පාට මල්... අතේ තිබුන දම් පාට යි සුදුයි මල් එකතු වුන මල් පොකුර එයාව තවත් ලස්සන කරා... ඇත්තටම එයා සුරාංගනාවියක්... මේ ලොකේ ඉන්න ලස්සන කෙල්ල ඉන්නේ මට... එයාගේ මූනේ තිබුන හිනාව එයාව තවත් හැඩ කරා... මගේ ඇස්වලට කඳුලු පිරෙනවා මට දැනුනත් මන් ඒ කඳුලු නවත්තගන්නවත් කාගෙන්වත් හංගන්න වත් ගියේ නෑ... ඇත්තටම මට සතුටුයි මෙහෙමයි කියලා කියන්න බැරි තරම්.....හොබී මගේ අතත් එක්ක මියෝන්ගිගේ අත පටලවලා මට කිවුවේ "මගේ නංගිව හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් බලා ගන්න" කියලා... මගේ ජීවිතේ අන්තිම හුස්ම වෙනකම්ම මන් මගේ පන වගේ එයාව බලාගන්නවා හොබී....
Meyongi pov...
හිනිත් ගතින් වගේම අන්තිමට අපි දෙන්නා හැමෝගෙම ආශිර්වාදය මැද්දෙ නීතියෙනුත් අපේම වුණා... එයාගේ ආදරේ ජීවිත කාලෙටම ලබන්න මන් පින් කරලා තිබුනා ඉතින් ආදරය කියන මැජික් එක අපේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් මේ විදිහට අලුත් ආරම්භයක් සනිටුවහන් කලේ ඉස්සරහට එන ආදරණීය කාලය ගැන අපිට ඉඟි දන්වලා..
_______________ The End ________________
_____________
MAGIC OF LOVE💜️
යුන්ගිගෙයි මියොන්ගිගෙයි ආදර කතාව මේ විදිහට අලුත් ආරම්භයක් එක්ක ඉවර වුණා.ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ??
මේක මම ලියපු පලවෙනි wattpad කතාව....විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ යාලුවව.....මේක ලියන්න පටන් ගත්ත දවසේ ඉදලා අද වෙනකම්ම මට උදවු කලේ එයා..... Nishigirlbaby Thank you kelle ඔයාට..💛
ඒ වගේම මෙච්චර කාලයක් මාත් එක්ක එකතු වෙලා ඉදිය ඔයාලා හැමෝටමත් ගොඩ ගොඩාක් Thank you...💗
ඉතින් තවත් දවසක තවත් අලුත් ආරම්භයක් එක්ක හම්බ වෙමු...එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ඔයාලා හැමෝටම...
බායි🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





