Part 27
16:06, 8 August 2024💜️සුහෝ.....
💛ඕ...ඇයි මියෝ...මොනාද ඕන...ඔයාට කන්න මොනාහරි ගෙනත් දෙන්නද මන්
💜️එපා..ම..මට කන්න බෑ...
💛එහෙනම්...
💜️මම ටිකක් අරෙහෙට ගිහින් එන්නම් සුහෝ...
💛යමු මාත් එන්නම්....
💜️එපා...මන් තනියම ගිහින් එන්නම්
💛අහන්න මියෝ ඔයාට ඔහොම තනියම යන්න බෑනේ අතකුත් බැදගෙන
💜️මට පුලුවන් මන් ඉක්මනට එන්නම්
සුහෝ එපා කියද්දිම මියොන්ගි තනියම එතනින් නැගිටලා hospital එකේ ඔහේ ඇව්දින්න ගත්තේ මේ වෙච්ච දේවල් ගැන හිතන ගමන්.
👩⚕මිස් මොකක් හරි ප්‍රශ්නයක් ද?
ඔහේ ඇවිදගෙන යන මියොන්ගිගෙන් නර්ස් කෙනෙක් අහන්නේ කෙල්ල hospital එකේ patient ලාගේ ඇඳුමෙන් ඉන්න නිසා. ඇයි ඉතින් යුන්ගි ගැන ආරංචි වුන ගමන් එයත් ලෙඩෙක් කියලා අමතක වෙලානේ කෙල්ල ඇඳෙන් නැගිටලා ආවේ...
💜ආ...මේ..මට...washroom එක
👩⚕washroom නම් තියෙන්නේ අර පැත්තේ මිස්..එන්නකෝ මන් එන්නම්
💜️ආ කමක් නෑ...මන් යන්නම්
👩⚕මිස්ගේ අත නිසා තනියම පුලුවන් ද
💜️ඒක ප්‍රශ්නයක් නෑ... thank youu
👩⚕හරි මිස්...
කෙල්ල ගියේ washroom තියන පැත්තට. Washroom එකේ තියන mirror පෝලිමේ එක mirror එකක් ඉස්සරහට ගිය කෙල්ල ඒකෙන් තමන් දිහාම බැලුවා. නළලේ ලොකූ ප්ලාස්ටර් එකක් මූනේ තැනින් තැන රතු වෙලා අතක් බැන්ඩේජ් කරල.ඒ විතරක් නෙමෙයි බෙල්ලෙ තැනින් තැන තියන නිල් පාටට හුරු පැල්ලම් දකිද්දි කෙල්ලට ආවේ තමන් ගැනම පිළිකුලක්.ජීහුන් කෙල්ලව බලෙන්ම කිස් කරද්දි හැදුන මාර්ක් ඒවා... කෙල්ලට අඬුනේ තමන්වම දැකලා..කෙල්ල අඬ අඬා අතකින් ඒ පැල්ලම් පිහ දැම්ම... කෙල්ල ඒ තැන් රතු වෙනකන් අත්වලින් ඇතුල්ලුවා.. එහෙම කරාට ඒ පැල්ලම් මැකෙන් නැති බව කෙල්ල හොඳටම දැනන් හිටියේ ඒත් කෙල්ලට එයාවම පාලනය කර ගන්න බෑ ඒ අතරම එයා හිටියේ ගොඩක් tension වෙලා...කෙල්ල mirror එක ඉස්සරහ අඬ අඬා මොනාදෝ මුමුණන්න ගත්තා..
💛මියෝ....
හදිස්සියේ ම සුහො එතනට එන්නේ මියොන්ගි ගැස්සෙද්දි...
💜️සුහෝ...
සුහෝ මුකුත් නොකියා ඇවිත් මියොන්ගි ව බදා ගත්තේ එයාගේ ඔලුව අත ගාන ගමන්.මොකද සුහෝ දැන්නවා මියොන්ගි ගැන ඒ නිසා අඬන්න එපා කියලා සුහෝ කිවුවේ නෑ...
💜️සුහෝ මන් දැන් මොකද කරන්නේ....මන් කොහොමද...ම්...මන්...නිසා මගේ යුන්ගි ඔප්පත් තුවාල වෙලා..එයා...මට බයයි එයා ගැන...අනික...
💛මුකුත් වෙන්නෙ නෑ එයාට හරිද...ඔයා බය වෙන්න එපා යුන්ගි ඔප්ප ඉක්මනින් සනීප වෙයි..එතකොට ඔයාට එයා එක්කම ඉන්න පුලුවන්
සුහෝ එහෙම කියනවත් එක්කම කලබල වුන මියොන්ගි සුහො ගෙන් ඈත් වුණා..
💜️නෑ...නෑ...අයේ මන් එයා ගාවට යන් නෑ
💛මොකක්...මොනාද කියවන්නේ
💜️මට බෑ සුහෝ එයාව කරදර වල දාන්න..අනික මන් කොහොමද ආයේ එයා ගාවට යන්නේ මට ඕන වුනත්...😔
💛අනේ එහෙම කියන්න එපා....
💜️නෑ සුහෝ එකයි ඇත්ත...
💛මොන ඇත්තක් ගැනද උබ කියන්නෙ ආ...මගෙ තරහ අවුස්සන්න එපා උන හැමදේම මම දන්නවා මට හොබී ඔප්පා කිවුවා...
💜️ස්..සුහෝ....
💛ඒ කිසිදේකට ඔයාගේ වරදක් නෑ මියෝ... අර ජිහූන් කියන මිනිහා විතරමයි මේ ඔක්කොටම වඟ කියන්න ඕන..
💜ඒත්...මන් දැන් අපිරිසිදු කෙල්ලෙක් සුහෝ...වෙන මනුස්සයෙක් අල්ලපු අපිරිසිදු කෙල්ලෙක් මන්.මන් කොහොමද ආයේ එයා ගාවට යන්නේ...මේ මූන බෙල්ල අතපය..මටම ඒවා අප්පිරියයි ඉතින් එයාට කොහොම හිතෙයිද..මට බෑ සුහෝ..මන් කොහොමද...
කෙල්ල ඉකි ගගහා එහෙමම ආයේ අඬන්න ගත්තේ සුහෝ ආයෙම කෙල්ලව තුරුල් කර ගනිද්දි...
__________________________
Next day morning.....
💙Doctor දැන් මොකද යුන්ගි ට
👨⚕මෙහෙමයි මිස්ටර් හෝසොක්.එයාට තමා සිහිය ආවේ නෑ ඒ නිසා අපිට තාම හරියටම මුකුත් කියන්න බෑ..එයාගේ ඔලුවට ගොඩක් damage වෙලා තියෙනවා.ශරීර අභ්‍යන්තරයේ ලේ ගැලීමකුත් වෙලා තියෙනවා.මම ඔයාට ඊයෙ කිවුවේ
💙ඔව් ඩොක්ටර්...
👨⚕ඇත්තටම එයාගේ ජිවීතේ තියෙන්නේ ටිකක් අවධානමක.සිහිය ආවනම් ප්‍රශ්නයක් නෑ ඒත් එයාට සිහිය එන්නෙ නෑ...අනික...
💙ඇ..ඇයි ඩොක්ටර්
👨⚕එයාගේ ඔලුවට වෙච්ච damage එක නිසා සිහිය ආවත් සමහර විට එයාට පොඩි memory loss එකක් වගේ වෙන්නත් පුලුවන්
💙මොකක්...
👨⚕ඔව් මිස්ටර්...හැබැයි ඒ ගැන නම් කලබල වෙන්න දෙයක් ඒ වගේ දෙයක් වෙන්න 30% වගේ සම්භාවිතවක් තමා තියෙන්නේ
💙දැන් අපි මොකද කරන්නෙ ඩොක්ටර්
👨⚕බලන් ඉන්න එක තමයි කරන්න තියන එකම දේ.ඩොක්ටර්ලා විදිහට එයාව බේර ගන්න කරන්න පුලුවන් උපරිම අපි කරා සහ කරනවා.එයාට සිහිය ආවොත් හරි
💙හ්ම්ම්....
👨⚕මිස්ටර් හෝසොන් බය නොවී ඉන්න එයාට මුකුත් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු...
💙හරි ඩොක්ටර් Thank you....
ඩොක්ටර් එක්ක කතා කරලා ඉවර වෙලා හොබී ආයෙම ආවේ යුන්ගි හිටිය කාමරේට... ඒවෙලේ මියොන්ගි ත් එතන හිටියේ නෑ...
_________________________
At patient room...
💙යුන්ගියා... ඔහොම ඉන්න එපා බන් නැගිටහන්කෝ.මන් කොහොමද බලන් ඉන්නෙ මට සමාවෙයන් මට ඔයාලාව තනියම යවන්නේ නැතුව ඉන්නෙ තිබ්බෙ..මටත් ඔයාල එක්ක එන්න තිබ්බ...🥺 නැගිටහන් යුන්ගියා කතා කරපන්. මට උබව මගේ ම සහෝදරයා මන් කොහොමද බන් බලන් ඉන්නේ... නැගිටහන්... උබට බෑ අපිව දාලා යන්න අපිව කොහොම වුනත් උබ කොහොමද අපේ චූටිව දාලා යන්නේ..
හොබී ඔහේ කිසිම හැලහොල්මනක් නැතුව නිදන් ඉන්න යුන්ගිගේ අත් දෙක අල්ලන් කිවුවේ ඇස්වල කඳුලු පුරවන්.
💜️ඔප්පා...
💙අ...චූටි...
හොබී කඳුලු පිහිදාගන්න ගමන් මියොන්ගි පැත්තට හැරුනේ ලාවට මූනට හිනාවක් ගන්න ගමන්
💛ඔප්පා...
💙ඇයි සුහෝ...
💛ආම්..මේ නෑ...
සුහෝට තේරුණා හොබී ඉන්නෙ අවුලෙන් කියලා ඒත් එයා ඒක අහන්න ගිහින් ඇහුවේ නැත්තේ මියොන්ගි නිසා..පොඩ්ඩ ඇත්තන් කෙල්ල අඬන්න ගන්නවානේ නැත්නම්
💛මෙයාට ගෙදර යන්න බෑලු...
💙මොකක්... චූටි ඇයි
💜️මට බෑ ඔප්පා මන් යුන්ගි ඔප්පා ගාව ඉන්නම් ඔයාල යන්න
💙එහෙම බෑනේ චූටි ඔයාටත් තාම හොඳ නෑනේ...
💜️ඒකට කමක් නෑ මන් ඉන්නම් ඔප්පා..please මට යන්න කියන්න එපා
මියොන්ගි ඇස්වල කඳුලු පුලුවන් කියද්දි හොබීට වෙන මුකුත් කියන්න මතක් වුනේ නෑ...එයා කරේ මියොන්ගි ලඟට ගිහින් එයගේ අත් දෙක අල්ල ගත්ත එක
💙හරි හරි...ඔයා ඉන්න එහෙනම්...
💜️හරි ඔප්පා
💙බය වෙන්න එපා හරිද එයාට ඉක්මනට සනීප වෙයි
💜️හ්ම්ම්...😞
💙මාත් ඉන්නද ඔයා එක්ක
💜️ඕන නෑ ඔප්පා මන් ඉන්නම්...
💙ඒත්...
💜️නෑ ඔප්පා මට පුලුවන් මන් ඉන්නම්...
💙හරි එහෙනම්
💛මියෝ..ඔයාට ඕන මොනාහරි තියේද
💜️මුකුත් එපා සුහෝ
💛ඔයා උදේට කෑවෙත් නෑනේ
💜️මට කන්න බෑ...
💙නොකා ඉදලා බෑනේ චූටි...යමු ඉස්සර වෙලා මොනහරි කාල ඉමු
💜️අනේ දැන් බෑ ඔප්පා...
💛එහෙනම් මන් දවල්ට ඔයා ආසම ඒවා හදාගෙන එන්නම්
💜️ම්ම් හා...
💛මන් කෑමත් හදාගෙන ඔයාට ඇඳුනුත් අරන් එන්නම් හොඳද
💜️හරි සුහෝ...
💙පරිස්සමෙන් මගේ චූටි...මාත් හවසට එන්නම් හරිද
💜️හරි ඔප්පා..ඔයාලත් පරිස්සමෙන් යන්න
_________________________________________
🥺😓
There are no comments yet. Log in to be the first to leave a review!





