Part 18
20:29, 11 September 2024දවසින් දවස ගෙවිලා ගියේ ඇහි පිල්ලම් ගහනවා වගේ... මේ දවස් ටිකේ මියොන්ගි යි යුන්ගි යි ටිකක් ඈත් වුනා කිවුවොත් බොරු...ටිකක් නෙමේ එයාලා ගොඩක් ඈත් වුනා මේ දවස් ගානට...දවසෙම එක එක වැඩත් එක්ක busy වෙලා හිටිය යුන්ගි... යුන්ගිගේ busy life එකත් එක්ක එයාට disturbed නොකරපු මියොන්ගි ඒ දෙන්න අතරට ආපු ඇන්ඩ්‍රියා....
මියොන්ගිගෙ යි යුන්ගිගෙයි ඈත් වීමට යුන්ගිගේ busy life එකටත් වඩා හේතුව වුනේ ඇන්ඩ්‍රියා... යුන්ගි කෙල්ලව හම්බ වෙන්න යන්න හදන හැමවෙලාවකම වගේ ඇන්ඩ්‍රියා කලෙ යුන්ගි ට office එකෙ දේවල් කිය කිය එයාව නවත්තපු එක එයාව busy කරපු එක...
ඔය අතරේ ඇන්ඩ්‍රියා යුන්ගි ට ටික ටික ලං වුනේ හරිම කපටි විදිහට...ඒ මදිවට ඇන්ඩ්‍රියා මියොන්ගි ගැන එක එක නරක දේවල් පවා යුන්ගි ට කිවුවා..එකෙන් වුනේ ඒ දෙන්නගේ බැඳීම තවත් බිඳුන එක විතරයි....
මේ ප්‍රශ්න එක්ක දවස් ගානකින් office නොගිය මියොන්ගි අද office යනවා කියලා තීරණය කලේ යුන්ගි එක්ක කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න ඕන නිසා... මියොන්ගි යුන්ගිට කොච්චර කෝල් ගත්තත් ඒ එකක්වත් කොල්ලා answer නොකලේ ඇන්ඩ්‍රියා මියොන්ගි ගැන කොල්ලට කියපු දේවල් වගේම කොහෙන්හරි හොයාගෙන යුන්ගි ට පෙන්නපු බොරු සාක්ෂි නිසා...
මියොන්ගි office එකට යද්දි යුන්ගි උන්නේ එයාගේ office එකේ glass wall එකෙන් එළිය බලාගෙන...යුන්ගි ගාවට ගිහින් එයාගෙ පිටිපස්සෙන් හිට ගත්ත කෙල්ල යුන්ගි ට කත කලේ හරිම සන්සුන්ව
💜️යුන්ගි ඔප්පා...
කෙල්ලගේ කටහඬ ඇහෙනවත් එක්කම පිටිපස්සට හැරුන යුන්ගි ගේ ඇස් රතු පාට වීගෙන ආවේ මූන තරහින් පිරෙද්දි...
🖤තමුසේ....🤨😠
💜️ඔ...ඔප්පා...ඇයි මේ... කෙල්ල බය වුනේ යුන්ගිගේ ඒ වෙනස් වීමට...කෙල්ලට ඉබේටම අඩියක් පිටිපස්සට තියවුනා ඒ කටහඬ ඇහෙද්දිම
🖤ඇයි😠 මමයි තමුන්ගෙන් අහන්න ඕන ඇයි කියලා... මාව රවට්ටලා තව මෙතන ආවා ඇයි අහන්නත්...
💜️මන් ඔයාව රැවැට්ටුවේ නෑ ඔප්ප...
🖤ඇත්තට එහෙනම් මේ මොකක්ද ආ...😠යුන්ගි එයාගෙ අතේ තිබුන ෆෝන් එකේ තිබිල කෙල්ල ට ෆොටෝ කිහිපයක් පෙන්නුවා...ඒවගේ තිබුනේ කෙල්ල වෙන පිරිමි කෙනෙක් එක්ක ඉන්න ෆොටෝස් වගයක් හැබැයි ඒ ෆෝටෝ වල තියෙනවා වගේ නරක අදහසින් එතන මියොන්ගි කිසි දෙයක් කලේ නෑ...
💜️අනේ ඔප්පා එහෙම මුකුත් වුනේ නෑ...මන් ඒ මනුස්සයට උදවු කලා එච්චරයි
🖤ආහ්.... උදවු කරද්දි ඇඳුම් එහෙ මෙහෙ වෙනවද ආ...කියනවා ඉතින්😠
💜️අනේ ඔප්පා මන් ඒ මනුස්සයා වැටිලා ඉද්දි එයාව නැගිට්ටවන්න යද්දි ඒ කෙනා මගෙ උරහිසෙන් ඇල්ලුවා..එයා එහෙම අත තියාගෙන නැගිටිද්දියි මගේ බ්ලව්ස් එකේ උරහිස එක පාරටම පාත් වුනේ...
🖤මන් දැන් ඕක විශ්වාස කරන්න ඕනද ආහ්😡
💜️අනේ ඔප්පා...තරහ ගන්න එපා..මන් කිවුවේ එතන වුන දේ...
🖤මට තවත් තමුසෙගේ බොරු අහන්න ඕන නෑ මියොන්ගි...just get out😠😑
💜️ඔප්පා..අනේ මන් කියන්නේ ඇත්ත මාව විශ්වාස කරන්නකෝ...
🖤මට තමුන්ව විශ්වාස කරන්න තිබුනා ඒ සිද්ධිය ඇස් දෙකටම දැක්ක කෙනෙක් නොහිටියනම්
💜️ඒ කියන්නේ...😣
🖤ඒ කියන්නේ තමුන් ඒ මිනිහා එක්ක ඉන්නවා ඇන්ඩ්‍රියා දැකලා තියනවා...එහෙම නේද ඇන්ඩ්‍රියා..
යුන්ගි එහෙම කියලා බැලුවේ මියොන්ගි ගේ පිටිපස්සෙන් ඉන්න කෙනා දිහා...ඒ හිටියේ ඇන්ඩ්‍රියා එයා හිනා වෙවීම යුන්ගි ගාවට ඇවිත් හිට ගත්තේ මියොන්ගි දිහා අමුතු විදිහට බලන ගමන්...
💃ඕහ්...ඇයි මේ මියොන්ගි මිස් ඔයා අඬන්නේ...අර මනුස්සයා ඔයාට...😏
💜️ආහ්....😣ඔය කට වහගන්නවා ඇන්ඩ්‍රියා
🖤එයාට කට වහගන්න කියන්න ඔයා කවුද ආහ්
💜️ඔප්පා...මේ ගෑනි කියන්නෙ බොරු එහෙම මුකුත් වුනේ නෑ...අනේ මාව විශ්වාස කරන්නකෝ
🖤මට තව මුකුත් අහන්න ඕන නෑ මියොන්ගි...මෙතනින් යනවා මාව නරක මිනිහා කරගන්නෙ නැතුව...😠යනවා ඉතින්.....😡
යුන්ගිගේ ඒ කෑ ගැහිල්ලට කෙල්ලව ගැස්සුනා..කෙල්ල ඇස් වලින් බේරෙන කඳුලු පිහ පිහ company එකෙන් එලියට ආවේ දාරා ගන්න බැරි දුකක් එක්ක...ඒත් එක්කම කෙල්ලට කෝල් එකක් ආවේ එයාගේ ඔප්පගෙන්...
💙📱චූටි....ඔයා කොහෙද ඉන්නෙ...
ඉක්මනින් ඇඩිල්ල නතර කර ගත්ත කෙල්ල අමාරුවෙන් හිනා වුනේ ඔප්පා එක්ක කතා කරන ගමන්...
💜️📱ආහ් ඔප්පා මන් මේ පොඩ්ඩක් එළියට ආවා☺️ ඇයි...
💙📱දැන්ම ගෙදර එනවද?
💜️📱ඔව් ඔප්පා...මන් දැන් එනවා...
💙📱හරි මැනික එහෙනම් පරිස්සමට එන්නකෝ...
💜️📱හරි ඔප්පා...
කෝල් එක කට් කරලා ෆෝන් එක එහා පැත්තේ සීට් එකට විසි කරපු මියොන්ගි වාහනේ drive කරන්න ගත්තේ ආයෙමත් ඇස් කඳුලුවලින් තෙත් වෙද්දි...විනාඩි ගානකින් ගෙදරට ලං වුන මියොන්ගි ආයෙමත් කඳුලු පිහදාගෙන මූනට බොරු හිනාවක් මවා ගත්තේ කාටවත් මෙ ගැන මුකුත් දැන ගන්න බැරි වෙන්න...මොකද කෙල්ලට ඕන වුනේ නෑ එයාගේ ඔප්පගේ හොඳම යාලුවා වුන යුන්ගියි ඔප්පයි අතරේ ප්‍රශ්න ඇති කරන්න...ඒ නිසා කෙල්ල තීරණය කලා මේ ගැන මුකුත් එයාලට නොකියා ඉන්න...
💜️ඔප්පා...මන් ආවා☺️
💙ආ...මේ කෙල්ල ඇවිත් ඉන්නේ
💛ඔයා ආවද මියෝ..
💜️ඔව්...☺️
💙චුටි...🤨
💜️ඇයි ඔප්පා..
💙ඔයාගෙ ඇස්...කටහඬ...
Meyogi pov...
අනේ දෙයියනේ🥺 ඔප්පට මගේ වෙනස තේරිලවත්ද? දැන් මන් මොකද කරන්නෙ... මේක ඔප්පට කියන්න බෑ එහෙම වුනොත් ලොකු ප්‍රශ්නයක් වෙයි... මන් දැන් මොකද කරන්නේ...
💜️ඇ..ඇයි ඔප්පා...
💙චූටි ඔයාගේ ඇස් රතු වෙලා... ඔයා ඇඬුවද මැනිකහොබී ඇහුවේ මියොන්ගි ගාවට ඇවිත් එයාගේ කම්මුල් දෙකෙන් අල්ල ගන්න ගමන්.මේ වෙද්දි සුහෝ ටත් මියොන්ගිගේ මූනේ පැහැදිලි වෙනසක් පෙනිලයි තිබුනේ...
💜️අනේ එහෙම මුකුත් නෑ මගේ ඔප්පෙ😚
💙ඇත්තටමද🤨
💛එහෙනම් මොකද ඔය ඇස්වල කඳුලූ....🤨
යාහ් මේකිනම්😒 දැන් දීපන්කෝ උත්තර... ඔප්පට මේක කියන්න නම් බෑ මොනා උනත්😓
💛මොකො කතා නැත්තේ...ආ...ඇත්ත කියන්න...මොකක්ද ප්‍රශ්නේ
💜️අයියෝ..මට මොන ප්‍රශ්නද😒 ඔයාලා දෙන්න දැන් මෙ හදන්නේ නැති ප්‍රශ්නයක් හදන්න නේ...
💙🤨චූටි...ඇත්ත කියනව මට ප්‍රශ්නයක් ද?
💜️නෑ නෑ...අයියෝ😒 මට මොන ප්‍රශ්නද? 😌😅
Author pov...
මියොන්ගි එහෙම කියාගෙන ගිහින් සෝෆා එකට පැන්නේ මේ දෙන්නගේ මේ කතාව තව දිගට ගියොත් හොරේ මාට්ටු වෙනවා කියලා දන්න නිසා... මියොන්ගි මේ හැසිරීමේ වෙනස හොබීටත් වඩා සුහෝ ට හොඳට තේරුණා වගේම මියොන්ගි කතාව මඟහරින්න හදන බවත් තේරුනා... පස්සෙ මියොන්ගි ව අල්ලගෙන මේ ගැන අහනවා කියලා හිතන් සුහෝ කට පියන් හිටියේ... පස්සෙ හෝබිත් ඇවිත් මියොන්ගි ළඟින් වාඩි වුනේ කෙල්ලගේ ඔලුව ටිකක් අත ගාන ගමන්මයි.
💜️මේ මොකද ආ...🙄
💙ඇයි?
💜️මොකො මේ ආදරේ වැඩි වෙලා...
💙මන් කොහොමත් මගෙ නංගිට ගොඩක් ආදරෙයි තමා😌 මියොන්ගි ගේ කම්මුලක් ආදරෙන් මිරිකන ගමන් හොබී කිවුවේ හරි ආඩම්බරෙන්...
💛මේ දෙන්නගේ මල කෝලන්😒 මේ මියො coffee එකක් බොමු නේ
💜️ඒ ඒ මොකො ඔය😂😂 ඉරිසියාව බේරෙනවා ඉතින්
💛අනේ මේහ්😒මන් යනවා
💙මෙන්න මෙහෙ එනවා😌😄මටත් එක්ක ගස්සලා එතනින් යන්න ගිය සුහෝගේ අතින් ඔප්පා ඇදලා ගත්ත පාර සුහෝ නැවතුනේ කෙලින්ම ඔප්පගේ ඇඟට වැටිලා... සුහෝ ගේ ඇස් දෙක ජිල් බෝල වගේ ලොකු වෙලා කම්මුල් රතු වෙද්දි ඔප්පා එයාගේ පැණි හිනාව කට කොනින් දාන් බලන් හිටියා. මටත් එක පාරට හිනා ගියේ ඔප්පා reaction වලට...මේ දෙන්නා එක්ක ඉද්දි නම් මට මොන ප්‍රශ්නේ තිබ්බත් හිනා වෙන්න සතුටින් ඉන්න හේතු තියෙනවා ඒත් මට මේ වෙලාවෙනම් මතක් වුනේ යුන්ගි ඔප්පගේ කට කොනින් දාන හිනාව ඒ හිනාව එක්ක තවත් හීනි වෙන ඒ ඇස්...මේ වෙන දේවල් මන් කොහොමද හරිගස්සන්නේ...මට තේරෙන් නෑ දෙයියනේ..
💛ම්..මෙ..මේ මො..මොකද...
💙මොකද ගොත ගහන්නේ
💛අ..අනේ කෝ...මේ මියො ත් ඉන්නවා...
💙ඉතින් හිටපුවාවේ😏
💛අනේ ඔප්පා...මට ලැජ්ජයි අනේ...
💙ඔච්චර ලැජ්ජ වෙන මොකද අපි මෙතන මුකුත් කලා ඈ..ඕනේ නම් ඉතින්...
💛යාහ් මෝඩයා...සුහෝ ඔප්පාගේ පුපුවටත් ගහගෙන නැගිටිද්දියි මාත් හරි සිහියට ආවේ...
💜️යාහ්...මේ ඔය දෙන්නා මට film එකක් පෙන්නන්නද යන්නේ ආහ්
💙ඕනෙනම් පෙන්නන්නම්😏
💛හොබියෝ......😩මොනාද ඔය කියන්නේ ආ...
💜️ඔප්පා කෙනෙක් නංගි කෙනෙක්ට කියන කතාවක්ද ආ ඔය කිවුවේ😒
💛මහ මෝඩයෙක්...😑 ඔය හිනාවනම් දාන් එන්න එපා හරිද හොබි ඔප්පේ
💙😏
💛ආහ්😩
💜️හරි හරි නවත්තගන්නලා....😒 දැන්වත් කියනවද මන් එනකන් හිටියේ ඇයි කියලා
💙ආහ්...තව ටිකෙන් ඒකත් අමතක වෙනවා.කොහෙද මේ එක්කෙනෙක් මට මොනාද කරානේ😌
💜️😂😂හරි හරි දැන් කියන්නකෝ ඔප්පෙ
💙චූටි මන් තව ටිකකින් airport යන්න ඕන
💜️මේ හදිස්සියේ ඇයි?
💙හදිස්සියක් නෙමේ...business වැඩකට මන් japan යනවා දවස් දෙකෙන් එනවා...
💜️සුහෝ ඔයත් ය....
💙ඒක තමා මන් මේ කියන්න යන්නෙ...මේ පාර සුහෝ ට යන්න බෑ මාත් එක්ක...මන් ගිහින් එනකන් දෙන්නා එක්ක පරිස්සමෙන් ඉන්න හොදේ...
💜️ආ....හරි ඔප්පා🙂
💛හ්ම්ම්🙂
💙අයියෝ ඉතින්..දෙන්නා එක්ක මූනවල් එල්ල ගත්තම මන් යන්නෙ කොහොමද
💛හරි හරි ඉතින්....සුහෝ ගිහින් ඔප්පව හග් කලේ දවස් දෙකකට ගියත් ඔප්පා අපෙන් ටිකක් දුරකට යන නිසා...
💙ඒ මෝඩි...😄 මන් අවුරුදු දෙකකට නෙමෙයි යන්නේ දවස් දෙකකට...
💜️ඒයි සුහෝ...අඩන්න නම් එපා හරිද😒 සතුටු වෙයම්
💙ඒ මොකටද චූටි🤨
💜️නෑ... මායි සුහෝ යි ඉන්නවා කියන්නෙ ඉතින්😌😁
💙ඔව් ඔව් ඔයලා දෙන්න ඉන්නවා කියන්නෙ ඉවරයි තමා🤨 දෙන්නටම මන් මේ කියලා යන්නේ නසරානි වැඩ එහෙම කරලා අහු වෙන්න එපා...හොදේ චූටි
💛ඔව්...මේකි තමා ඒ වගෙ වැඩක් කරොත්
💜️යාහ් සුහෝ...උබ හරි හොඳයිනේ
📱💬massage...
Sir...Vehicle එක ready...
💙Driver vehicle එක ready කරලා...මන් එහෙනම් දැන් යන්නම්
💜️හරි ඔප්පා පරිස්සමෙන් ගිහින් එන්න😚
💙හරි මැනික ඔයත් පරිස්සමෙන් ඉන්න😚 සුහෝ මන් ගිහින් එන්නම් මැනික
💛පරිස්සමෙන් ඔප්පා🥺
💙මගෙ මැනිකත් පරිස්සමෙන් ඉන්න...සරන්හේ😘
💛නාදු සරන්හේ ඔප්පා😘
💜️ඔප්පාහ්.....😩කෝ මට
💙එනව එනවා...පිස්සු නංගි මගෙ...😄
__________________________________________________________________________________
There are no comments yet. Log in to be the first to leave a review!





