Fanfics

Part 7

17:55, 20 August 2024

Yoongi pov....

ආහ්....මොකද මේ මගේ උරෙස්ස මෙච්චර රිදෙන්නේ...එදා අරෑ ගහපු පාරෙන් පස්සෙ තමා මේ😖 මට ඕකව එදා මරන්න බැරි වුනානේ....😤

👩‍💼Exscuse me sir...

Yes...coming

👩‍💼සර් මේ file එක ටිකක් බලනවද...

දෙන්න...

👩‍💼සර්...මියොන්ගි මිස් නිසා තමා අපිට මේ contract එක ලැබුනේ...මිස්ගේ product එක හැමතැනම viral වෙනවා...ඒකට ගොඩක් ඉල්ලුම තියෙනවා සර්...අපි මේ සතිය ඇතුලත විතරක් මිලියන ගානක cost එකක් හොයා ගත්තා...

ම්ම්.... මේක හරි....

👩‍💼Okay sir Thank you...

...

මන් හිතුවට වඩා ගොඩක් හොඳට මියොන්ගි මන් දීපු වැඩේ complete කරලා එහෙනම්...මන් දීපු challenge එකක් හරිම time එකට හරිම විදිහට complete කරපු එකම කෙනා ඔයා...😏අනික ඉස්සරහට ඔයාට suprice වෙන්න දේවල් ගොඩකුත් වෙයි මියොන්ගි...මේ ඔක්කොටමත් වඩා තමුන්ව පරිස්සම් කර ගන්න එකනම් හරි අමාරු වැඩක් වෙයි වගේ...

📱හෙලෝ....හොබී....

💙📱 ඕහ්...කියන්න යුන්ගියා...

📱 ඔයා දැන් මොකක් හරි වැඩකද ඉන්නේ

💙📱නෑ යුන්ගි....ඇයි👀🙄 ෆිල්ම් එකක්වත් බලන්න යන්නද😁

📱නෑ බන්....😅

💙📱එහෙනම්...

📱මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන...

💙📱මොකක් හරි ප්‍රශ්නයක් ද යුන්ගි

📱ප්‍රශ්නයක් නැතුවමත් නෙමේ....

💙📱මේ....අපේ නංගි මොකක් හරි නසරානී වැඩවත් කලාද👀

📱නෑ බන්ඇයි එහෙම අහන්නේ😂😂

💙📱නෑ ඔයා එකපාරට හම්බ වෙන්න ඕන කිවුවම...අනික අපේ නඟා හිටි ගමන්😅 දන්නැද්ද ඉතින්...

📱එහෙම දෙයක් නෙමේ පොඩි දෙයක් කියන්න තියෙනවා

💙📱ආහ්...🙄 හරි එන්න...

📱මීට කලින් හම්බ වෙලා නෑ වගේනේ කතාව😂

💙📱ඒකත් ඇත්තනේ😂හරි හරි...මන් office එකේ ඉන්නවා වරෙන්කෝ...

📱හරි බායි...මන් දැන් එන්නම්

💙📱හරී....

මම ඉක්මනට office එකෙන් එළියට ගියේ හොබීව හම්බ වෙන්න යන්න... මට එතකොට මතක් වුනේ මියොන්ගි ව... එයාට ඉක්මනට ගෙදර යන්න කියන්න ඕන අද

පොඩ්ඩක් මෙහෙට එන්න

👩‍💼සර්....

මියොන්ගි මිස්ට කියන්න මන් කිවුවා කියලා අද ඉක්මනට ගෙදර යන්න කියලා

👩‍💼ආහ්...හරි සර් මන් කියන්නම්

එයාව හරියටම තව පැයකින් ගෙදර යවන්න ඕන...එයා ගියෙ නැත්නම් මට කෝල් එකක් දෙන්න

👩‍💼Okay සර්...

....

🖤හොබී....

💙ආ...එන්න එන්න යුන්ගියා...වාඩි වෙන්න මොකො හදිස්සියේ ම හම්බ වෙන්න ඕන කිවුවේ

🖤මියොන්ගි ගැන දෙයක් කියන්න තියෙනවා...

💙මන් කිවුවනේ....ඒකනෙ මන් ඇහුවේ අපේ එකී මොකක් හරි නසරානී වැඩක් කලාද කියලා

🖤නෑ නෑ...එහෙම දෙයක් නෙමේ බන්😅 පොඩ්ඩක් අහන් ඉන්නකෝ

💙කියන්නකෝ බලන්න...

🖤මේකයි හොබී..මට ආරංචියක් ආවා මියොන්ගිගේ පස්සෙන් කවුද කෙනෙක් හැමවෙලේම follow කරනවා කියලා

💙මොකක්...🤨

🖤ඔව් හොබී.... එදා අපේ පාර්ටි එක දවසෙත් ඒ මිනිහා මියොන්ගි ව follow කරා...මන් එතනට ගිය නැත්නම් මොනා වෙයිද දන්නේ නෑ...😖

💙මොනාද මේ කියන්නේ...මට හරියට කියහන්...🤨

එදා පාර්ටි එකේ ඉදලා මියොන්ගි ගිය වෙලාවේ ඉදලා වෙච්ච හැමදේම මම හොබීට කිවුවා...මේ දේවල් හොබියට හංගලා වැඩක් නෑ... එයා මියොන්ගි ගේ ඔප්පා.... ඉතින් එයා මේවා දැන ගන්න ඕන අනික මායි හොබී අතර කවදාවත් රහස් තිබිලා නෑ... හොබී මගේ හොඳම යාලුවා... ඒ හැමදේම මුල ඉදලම මම හොබී ට කිවුවා...

💙යාහ්....😡 ඒ මනුස්සයා කොහොමද මගේ නංගිට එහෙම කරදර කරන්නේ...මන් ඌට😡😡

🖤මන් ඌ ගැන බලා ගන්නම් හොබී...😠කොහොමත් ආයේ ඌ මොකක් හරි කරන්න හැදුවොත්....

💙ඒකගේ නම දන්නවද?😠

🖤ජීහුන් කියලා එකෙක්...සූ ජීහුන්...

💙මොකක්...සූ ජීහුන්...😡

🖤ඔයා ඌව දන්නවද හොබී...

💙හුම්...දන්නවා😡 මල්ලි වගේමයි එහෙනම් අයියත්

🖤ඒ කිවුවේ...🤨

💙ජීහුන් කියන්නේ සූ ජොන් ඇමතිගේ පුතා...ඕකගේ මල්ලිත් ආවේ මගෙ නංගිගේ ජීවිතේ විනාශ කරන්න...

🖤මොකක්..🤨😠

💙ඔව් යුන්ගි... ඒ දවස්වල මියොන්ගි hight school යනවා.එයා ගියපු hight school එකටමයි ජීහුන්ගේ මල්ලිත් ආවේ...දෙන්නම එකම class එකේ හිටියෙත්..නංගි මට නිතරම ඇවිත් කිවුවා ඕක කරදර කරනවා කියලා.. අපේ නංගිට ඒකව පේන්න බෑ...දවසක් නංගිට ට එයාගේ යාලුවෙක් කතා කරල තියෙනවා party එකකට යන්න...හැබැයි එහෙම කියලා ඒ කෙල්ල අපේ නංගිව බලෙන්ම night club එකකට එක්කන් ගිහින්. ඒ ඔය ජිහූන්ගේ මල්ලිගේ කීමට😡 ඒ මදිවට උන් කොහොමහරි මගේ නංගිට මත් වෙන්න මොනා හරි දීලා...එතන හිටිය මන් අඳුරන කෙනෙක් ඕක දැකලා මට call කරා මන් එතනට යද්දි අරෑ මගෙ නංගිගෙ ඇඟ බලෙන්ම අල්ලන්න හදනවා😤😡🤬 එදා තව ටිකෙන් උගේ මල්ලි මගේ අතින් මැරුම් කනවා...🤬 කොහොමහරි ඊට සතියකට විතර පස්සේ ඌ වෙන girl කෙනෙක්ව rape කරයි කියලා arrest කරා... තාම ඌ හිරේ...ඒ කෙල්ල ට කරලා තියන දේට දවස් දෙකයි ජීවත් වුනේ එයා මැරැණා... ඌයි උගේ මහ ලොකු bodyguard ලා ටිකයි එකතු වෙලා තමා ඒක කරලා තිබුනේ... මගේ නංගිගේ මොකක්දෝ වාසනාවකට එයා එදා බේරුණා...😣 දැන් උගේ අයියත්.....

🖤නෑ.......😤😡මන් මියොන්ගි ට මුකුත් වෙන්න දෙන්නේ නෑ හොබී....ඒ මිනිහට තියා වෙන මොකෙක්ටවත් මියොන්ගි ට ඇඟිල්ලක්වත් තියන්න දෙන්නෙ නෑ මන්...😠😠

💙යුන්ගි.....

🖤ඔව් හොබී මන් ඔයාගේ නංගි ට ආදරෙයි.... මන් මගෙ ඇස් දෙක වගේ එයාව පරිස්සම් කරනවා...මන් ඒක ඔයාට පොරොන්දු වෙනවා...

💙යුන්ගියා.........😩🥺 අනේ මචන් මන් මොනා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ... මට සතුටුයි බන් මගෙ නංගිට ලැබෙන්න ඕන හොඳම කෙනා ඔයා...මගෙ නංගිව බලා ගනිම්

🖤හ්ම්ම්...මන් එයාව මගෙ පන වගේ බලාගන්නම්...

💙නංගි මේක දන්නවද?

🖤නෑ හොබී...මන් එයාට තාම කිවුවේ නෑ...

💙ඉක්මනටම කියන්න...හැබැයි එයාව කැමති කරවගන්න එකනම් ඔයාට ලේසි වෙයි කියලා මන් හිතන්නේ නෑ යුන්ගි😂

🖤ඒක මට තේරුණා...🙊😅

💙එයාට කල් දෙන්න...ඔයා එයත් එක්කම ඉන්න එතකොට ඉබේම එයාටත් ඔයා ගැන ආදරයක් ඇති වෙයි...

🖤එයා කැමති වෙන්න ඕන නෑනේ මට එයා ලඟින් ඉන්න😌

💙අන්නේකයි...මතකනේ ඒ දවස්වල මන් සුහෝව යාලු කර ගත්ත විදිහ😏

🖤අම්මො ඔව්...😂

💙😌😂

🖤එහෙනම් මන් යන්නම් හොබී...

💙හරි මස්සිනේ...😌

🖤ඈ...😂 හොඳයි හොඳයි මස්සිනේ බායි

......

Again Yoongi pov...

හොබීගේ company එකෙන් එළියට ආවා මම කාර් එකට නගින ගමන් කල්පනා කලේ මීට දවස් ගානකට කලින් වෙච්ච දේවල් ගැන...

එදා පාර්ටි එකේ ඉදලා යද්දි අර මිනිහා මියොන්ගි ට කරදර කරන්න යනකොට එයාව බේර ගත්තේ මම... එදා විතරක් නෙමෙයි ඊට කලින් පාරත් එයාව බේර ගත්තෙත් මන්ම තමා... මුල්ම පාර මියොන්ගි ව දකිද්දි එයා, මන් දන්නේ නැති නිකම්ම නිකන් කෙල්ලෙක් වුනත් මේ පාර ඒක වෙනස්...

පලවෙනි පාර මන් මියොන්ගි ව බේර ගන්න ගියේ කවුරු වුනත් කෙල්ලෙක්ට කරදරයක් වෙන්න දෙන්න බැරි නිසා...

මන් එදා වැඩ ටික සේරම ඉවර කරලා company එකෙන් එළියට එද්දි ගොඩක් රෑ වෙලයි තිබුනේ.. මන් කාර් එකට නගින්න යනකොටම මට ඇහුනේ කවුද කෙනෙක් කෑ ගහනවා... ඒ වෙන කවුරුත් නෙමෙයි මියොන්ගි... ඒ මනුස්සයා එදා මියොන්ගි ට කරදර කරන්න ගියේ තව මනුස්සයෝ ටිකක් එක්ක... එයාලා කියපු හැමදේම වගේ මම ටිකක් වෙලා අහන් ඉදලා බැරිම තැන එතනට ගියේ කෙල්ලව බේර ගන්න..ඒත් මන් යනවත් එක්කම මියොන්ගි ෆේන්ට් වුණා...එදා මට උන්ට ගහන්න විදිහක් තිබුණෙ නැහැ මම මියොන්ගි ව අල්ලගෙන හිටිය නිසා. මං එයාව අතෑරියා නම් එයා බිමට වැටෙනවා...

ඊට කලින් දවසේ රෑ මම මගේ office room එක ඉදලා පහල බලන් ඉද්දි මම දැක්කා කවුද කෙල්ලෙක් ice cream එකකුත් කකා හරි ජොලියෙන් street එක දිගේ ඇවිදගෙන එද්දි කවුද මනුස්සයෙක් ඇවිත් එයාගේ ඇගේ වැදෙනවා...ඒ මනුස්සයා ඒ කෙල්ලට මොනාද කියනවා වගේ දැක්කත් මට ඒවා ඇහුනේ නෑ...ඒ girl ගේ අතේ තිබුන ලස්සන golden bracelet මගේ ඇහැ ගැටුනේ එතකොට... මොකක්ද එළියක් වැටිලා ඒක ඒ වෙලාවේ දිලිසුනා...

කොහොමහරි ඊට පහුවෙදා මියොන්ගි ගැන මුකුත් නොදැනත් එයාව මන් මගේ ගෙදරට එක්කන් ආවේ සිහිය නැතුව ඉන්න කෙල්ලව පාරේ තනියම දාලා යන එක හරි නැති නිසා...එයාව ගෙදර එක්කන් ඇවිත් ඇඳෙන් තියද්දි මගේ shirt එකේ බොත්තමක දෙයක් පැටලුන නිසා මම බලනකොටයි දැක්කේ මියොන්ගි අතේ තිබුන bracelet එක...එතකොටයි මම ඇඳුර ගත්තේ ඊට කලින් දවසේ දැක්කෙත් මෙයාවමයි නේද කියලා.. එයාට bed sheet එකකුත් පොරවලා මාත් සැටියෙන් නිදා ගන්න හැදුවත් මට නින්ද ගියේ නෑ... මොකක්දෝ අමුත්තක් දැනුනා මට... ඒකට හේතුව මන් දැනගෙන හිටියේ නෑ... එදා එයා නිදාගෙන හිටියත් එයා කතා කරනව වගේ feeling එකක් මට දැනුනා... පස්සෙ මන් මටම බැන ගෙන මොනා ද මේ හිතන්නෙ කියලා හිතලා එතනින් නැගිටලා එලියට ගියා...

උදේ එයා ඇහැරුනාට පස්සෙයි මම දැන ගත්තේ ඊයේ රෑ බය ගුල්ලි වගේ අර මිනිස්සුන්ට බයේ හිටියට කටනම් ටකරම වගේ තියෙනවා කියලා🤭 ඒ මදිවට එයාව බේර ගත්ත මටත් සද්දෙ දාලා යන්න ගියා😅...

ඊට දවස් කිහිපයකට පස්සේ මට හොබී call කරලා කිවුවා එයාගේ නංගි මියොන්ගි එනවා කියලා මගෙ company එකේ fashion designer interview එකට... මියොන්ගි කියන නම ඇහුන ගමන් ම මට මතක් වුනේ මන් බේර ගත්ත කෙල්ලව... එයා ගැන විස්තරයක් දැන ගන්න ඕන නිසා එදා මම එයාගේ ෆෝන් එක බලද්දියි එයාගේ නම දැනගත්තේ...

මට company එකේ reception එකෙන් මියොන්ගි ආවා කියලා call එක එද්දි මම හිටියේ cctv වගයක් check කරන ගමන්...එතකොටයි මම දැක්කේ ඒ ඇවිත් ඉන්නේ එදා මන් බේර ගත්ත කෙල්ල ම නේද කියලා... මන් හිතපු දේ හරි ගියා...එයාම ආයේ ඇවිත්... හේතුවක් නැතුවම මට පොඩි සතුටක් දැනුනා එදා... මොකද එදා මගේ ගෙදර ඉදලා මියොන්ගි ගියාට පස්සේ හැමවෙලේම වගේ මට ඒ මූන ඒ ඇස් මැවිලා පෙනුනා...ඒත් මට හිතුනේ මේ එකපාරක් විතරක් කෙල්ලෙක් දැකලා එහෙම පෙන්නෙ කොහොමද ඒක මහ විකාරයක් කියලා...මන් මගෙ හිතෙන් කොහොමහරි ඒක යටපත් කලා..ඒත් ආයෙම එයා ආවට පස්සේ මට සතුටක් දැනුනා... හැබැයි මන් තීරණය කලා මන් කවුද කියලා එයාට නොකියා ඉන්න... එහෙම නොකියා ඉන්න තරම් මට හේතුවක් තිබුණෙත් නැහැ හැබැයි.. මගේ හිත කිව්වා එහෙම කරන්න කියලා..එයාව එදා බේර ගත්ත කෙනා විදිහට මිසක් එයාගේ බොස් මන් කියන එක මියොන්ගි අදටත් දන්නේ නෑ...එයාගේ බොස් මම කියලා දැන ගත්තම එයාගේ reaction එක කොයි වගේ වෙයිද කියලා මට හිතා ගන්න බෑ...ගොඩක් suprice වෙයි හැබැයි එයා😏

එදා හන් ගඟ ලඟදි එයා අඬ අඬ ඉන්නවා දකිනකොට මගේ හිතට මහ අමුත්තක් දැනුනා...මට ඒ දිහා බලන් ඉන්න බැරි වුනා..මන් බංකුවෙන් නැගිටලා එයා ලඟට යන්න හදනකොටම යි එයා එතනින් යන්න ගියෙ... එයා එතන පොඩි කරලා විසික් කරලා ගිය කොලේ අරන් මන් දිගෑරලා බැලුවා...මට හිතා ගන්න බැරි වුනා...එයාගේ ඒ වචන, එයා ලියලා තියන දේවල් මට එක විනාඩියකට හිතුනා එයාට මෙච්චර දුක හිතෙන්න ඇත්තේ එයාත් මන් ගැන හිතන නිසා වෙන්න ඇති කියලා...

හ්ම්.... මන් එයාට ආදරේ කරනවා... මන් මගෙ මියොන්ගි ට ගොඩක් ආදරේ කරනවා... මටත් හිතා ගන්න බෑ මේක කොහොම වුනාද කියලා...එයා මේ ටික දවසට මගෙ මුලු ලෝකෙම වෙලා... කෙනෙක්ට මේ තරම් ඉක්මනට තවත් කෙනෙක් ට ලං වෙන්න පුලුවන් ද... මට මන් ගැනම පුදුමයි... ආදරේ කියන දේ එහෙම ඇති වෙන්න පුලුවන් ද...මේක මැජික් එකක් වගේ.......

හී...guys ඔන්න මන් මැද්දෙන් පයින්නයි යන්නේ....සොරි වෙන්න ඕන ආ😁😂

ඔයාලට පොඩි challenge එකක් දෙන්න යන්නේ...මොකක්ද දන්නවද challenge එක😁ආදරේ ගැන වචන තුනකින් කියන්න ඕන...

හැමෝම කියාගෙන යන්න බලන්න... ජයග්‍රාහකයන්ට මන් ගානේ සුපිරි දොර දෙකේ රූපවාහිනියක් දෙනවා වසර දෙකක වගකීමක් එක්කම😌

හරි....ඇඩ් එක ඉවරයි...ආයේ කතාව😅

Again yoongi pov...

මොන දේ උනත් මන් මගෙ මියොන්ගි ව පරිස්සම් කරනවා...මන් දන්නේ නෑ එයා මට ආදරේ කරයිද කියලා ඒත් මන් එයාට ආදරෙයි... මන් ගොඩක් උත්සහ කලා මේ හැඟීම් පාලනය කර ගන්න ඒත් මට ඒක තවත් කරන්න බැ... කවදාවත් කිසිම කෙල්ලෙක් ගැන මට මේ වගේ හැඟීම ඇති වෙලා තිබුනේ නෑ...අනික මන් මහ ලොකුවට ආදරේ කරන්න දන්න කෙනෙක් නෙමේ...ඒත් මට පුලුවන් විදිහට මන් එයාට ආදරේ කරනවා....හ්ම්ම් ඔව් මන් එහෙම කරනවා...

මන් කට්ටියට සති තුනකට ඇමරිකා යනවා කියලා ගියාට ඇත්තටම මම එක සතියකටයි ඇමරිකා ගියේ...මන් ගිහින් සතියෙන් කොරියාවට ආවත් office එන්නෙ නැතුව මියොන්ගි කරන හැමදේම මම බලන් හිටියා..ඒ දේවල් හැමදේම මම දන්නවා... මියොන්ගි නම් හිතන් හිටියේ මන් ඇමරිකා වල කියලානේ...

එදා එයා shoot එක දවසේ company එකෙන් එළියට එනකොට අර මනුස්සයා එතන කාර් එකකට හේත්තු වෙලා ඉන්නවා මන් company එකේ cctv වලින් දැක්ක නිසයි මම ටක් ගාලා නම්ජූන් ව එතන යැවුවේ... නම්ජූන් දැනන් හිටියා මන් ඇමරිකා ගිහින් සතියෙන් ආවා කියලා...ඒ ඇවිල්ලත් මන් office යන්නෙ නැත්තේ ඇයි කියලා හේතුවක් නම්ජූන් දැනන් හිටියේ නෑ... හැබැයි නම්ජූන් කීප සැරයක්ම මගෙන් ඇහුවා මන් මියොන්ගි ට කැමතිද කියලා...

අද මම මියොන්ගි ට කලින් ගෙදර යන්න කියලා ආවේ එයා ට තාම මහන්සි වෙන්න හොඳ නැති නිසා...නැත්නම් ආයේ අසනීප වෙයි...මේ කෙල්ලගේ වැඩේම ඉතින් මොකක් හරි කරදරයක් දාගන්න ඒකනේ😂 මගෙ පිස්සි...

Yoongi pov end...

Meyogi pov...

💛ඒයි මියෝ....හම්බ වුනාද

💜️නෑ අනේහ්...මෙහෙ නෑ

💛නැහැ කියල හරියනවද? හොයනවා......ඒක😩

💜️අයියෝ එකක් නැති වුනාට මොකුත් වෙන්නෙ නෑ ඔය album එකක්ම තියෙන්නේ තව😒

💛මේ මගෙන් මුකුත් අහන්නෙ නැතුව හොයනවා නැති වුන photo එක😫

💜️හරි හරි ඉතින් කෑ ගහන්න ඕනි ඈ ඕකට ඔච්චර😒

මොන මංගල්‍යයක් ද මන්දා මේක... සෙද්ද...මල කෝලන් පාරාදයි... මෙච්චර ඇල්බම් එකක්ම තියන් නැති වෙච්ච එක photo එකක් හොයනවා ගේ පෙරලගෙන😒 wedding shoot එකේ ආසම photo කියලා කන්න ඈ😒😒 කෑමක් වගේ නම් බඩහරි පුරෝ ගන්නවා...😒 මෙවුවා කියලා වැඩක් නෑ ඉතින්...අනේ දෙයියනේ හංගපු තැනකින් ඔය photo එක එළියට දාන්නකෝ මට කන්නත් නෑ බඩගිනියි අනේ😒

💛මොනාද මියො කුටු කුටු ගාන්නේ ඕක හොයනවා😩

💜️හරි හරි අනේ😒 මේ හොයනවානේ...

සැක් අර office එකට වෙලා බොසාගෙන් බැනුම් අහන් හිටුයත් පාඩු නෑ...😒කොහෙද මට නිවාඩු දාලා යන්න කිවුවනේ... හම්බ වෙද්දැන්කෝ ඔය ෆොටෝ එක මන් දනී කරන වැඩේ....😒 ඔක්කොටම හපන් දැන් ඔප්පා ඒම මේ භූමියට වැඩම කලොත් කන් වල ඇඟිලි ගහගෙන කූබි ගුලක් අස්සේ තමා රිංගන්න වෙන්නේ...

💙යාහ්..............😤

...........................................................................................................................................................................................................................

ඔන්න අද පැටලිලා තිබුන නූල් බෝලෙ ටිකක් පැටලුම් ඇරියා...😁 ඉස්සරහට තමයි හොඳ ඒවා ආ... හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කියවනේ🙊😂

කට්ටිය දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න...

බායි🙋🏻‍♀️

මියොන්ගි💜️

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories