Part 6
17:51, 20 August 2024Author pov...
කෙල්ලව තද කරලා අල්ල ගත්ත ජීහුන් එකපාරම කෙල්ලගේ මූනට පාත් වෙනවත් එක්කම.....
කවුද කෙනෙක් ඇවිත් ජීහූන්ව ඇදලා පිටිපස්සට ගත්තේ චටාන් ගාලා හොඳ කම්මුල් පාරකුත් දෙන ගමන්...ඒ කම්මුල් පාරේ සැරට ජීහුන් බිම වැටෙද්දි ඉක්මනටම කෙල්ල ගාවට ආපු ඔහු කෙල්ලගේ උරහිස් දෙකෙන් අල්ලලා කෙල්ලට කතා කරත් කෙල්ල කතා කරේ නෑ... මියොන්ගි ට සිහිය තිබුනට එයා ඉන්නේ බිම බලාගෙන නිකන් අවසිහියෙන් වගේ...අනික එයා හොඳට ම බය වෙලා ඉන්නෙත්...
👤ඒයි......තෝ කවුද
ආයේ පාරක් නැගිටලා කෑ ගහගෙන ආපු ජීහුන්ට ලේ එන්නම හොඳ පාරක් ගහපු ඔහු ජීහුන්ගේ බෙල්ලෙන් අල්ලලා කාර් එකට තද කරා...
•" මේ අවසාන වතාව මන් උබට කියන...තො ආයේ පාරක් මේ කෙල්ලට කරදර කරන්න හැදුවොත් මන් උබව මරනවා...🤬 "
👤උබ කවුද යකෝ මාව මරන්න...😡මගේ වැඩවලට ඇඟිලි නොගලා පාඩුවේ ඉදපන්
•"පාඩුවේ ඉන්න තිබ්බා යකෝ මේ වෙන කෙල්ලෙක් වුණා නම්😡 මගෙන් මැරැම් නොකා පලයන් යන්න🤬"
👤මන් මොකද හු#$%& උබ කියන දේ කරන්නේ...🤬😡
ජිහූන් එක පාරටම ඔහුට ගහන්න හැදුවත් ජීහුන් එල්ල කරපු ප්‍රහාරය වලක්ව ගන්න එයාට පුලුවන් වුනා... විනාඩි කිහිපයක් මේ දෙන්නා හොඳටම ගහගත්තා...හැබැයි වැඩිපුරම ගුටි කෑවේ ජීහුන්... එකපාරම...කොහෙදෝ තිබිලා gun එකක් එළියට ගත්ත ජීහුන් ඒක ඒම් කලේ තාමත් හිටිය විදිහටම කාර් එකට හේත්තු වෙලා කිසිම පනක් නැතුව බිම බලන් අඬ අඬා ඉන්න කෙල්ලට...
👤මට පාවිච්චි කරන්න බැරි වෙච්ච දෙයක් වෙන එකෙක්ට පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ මන්😆
•"ඕක අයින් කරහන්...😡"
👤මේකිව පනපිටින් ඕන නම් තෝ පලයන්...
•"මට යන්න බෑ...🤬 මට කෙල්ලව දීපන්.."
👤දෙනවා දෙනවා...උබට මන් කෙල්ලව දෙනව බන්😆 මට අද දවසට විතරක් මේකිව දීපන් පොඩ්ඩක් enjoy කරන්න😏
•"උබට මම.......🤬🤬🤬"
පැනපු ගමන් ඔහු ජීහුන්ට ගහපු පාරට ජීහුන්ගේ අතේ තිබුන gun එකත් එයාගේ අතින් වැටුනා..ඉක්මනට ඒක අහුල ගත්ත ඔහු gun එක ජීහුන්ට ඒම් කලා...
• 'දැන් උබ මොකද කියන්නේ ආහ්🤬🤬 මන් උබට තත්පර දහයයි දෙන්නේ...කට පියාගෙන පලයන් මෙතනින් නැත්නම් උබට පුලුවන් අද අවසන් ගමන් යන්න..."
👤මන් උබට එහෙම ලේසියෙන් දිනන්න දෙන්නේ නෑ යකෝ...😡
• "දහය...නවය...අට...😏"
👤හරි....මන් දැනට යනවා...අපි පස්සෙ බලාගමු මේක😡
•"මොනාද බලන්නද යකෝ පලයන්🤬"
ඉක්මනට කාර් එකට ගිය ජීහුන් එතනින් යන්න ගියේ තවත් මෙතන හිටියොත් මැරම් කන්න වෙන නිසා...
ජීහුන් යනවත් එක්කම මියොන්ගි ලඟට ආපු ඔහු ආයේම එයාට කතා කරා...ඒත් එක්කම කෙල්ල ෆේන්ට් වෙනවා..බිමට වැටෙන්න නොදී කෙල්ලව අල්ල ගත්ත ඔහු ඉක්මනින්ම මියොන්ගි ව hospital එකට එක්කගෙන ගියා....
In hospital....
• doctor... එයාට කොහොමද
👩⚕තාම සිහිය නම් ආවේ නෑ...එයා ගොඩක් stress වෙලා... එයා මේ දවස් ටිකේ නිදි මරාගෙන මහන්සි වුනාද
• එහෙම ලොකුවට නෑ doctor
👩⚕ම්ම්...ඒ වුනාට එයා ගොඩක් stress අරන් තියෙනවා...තව රිපෝර්ට් වගයක් තියේ ඒ ටිකත් ආවම අපි බලමු...
• හරි doctor...
👩⚕ඔයා එයාගේ....
• ආ...doctor ම..මන්...එයාගේ boyfriend
👩⚕ආහ්...එයා බය වෙලා තියෙනවා වගේ මොකකට හරි... එයාව ෆේන්ට් වුනේ කොහෙදිද
• මම එයා එක්ක park එකේ හිටියේ එකපාරම එයාට කලන්තේ දැම්මා..
👩⚕එහෙමද...හරි අපි බලමු...ටික දවසක් rest කරහම ඕක හරියයි...
• Okay doctor මට එයාව බලන්න පුලුවන් ද...
👩⚕බලන්න නම් පුලුවන් ඒත් සද්ද කරන්න එපා මොකද එයාට සිහිය එද්දි ඒක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්
• හරි doctor Thank you....
........
12.20 A.M.In hospital room....
• 📱 හෙලෝ...හරි නේද...
?... ඔන්න මන් මියොන්ගි ගේ කාර් එක එයාගේ ගෙදරට ම ගිහින් දැම්ම හ්‍යොංග්...දැන් එයාට කොහොමද
•📱 එයාට සිහිය ආවේ නෑ තාම...
?... එතකොට හ්‍යොං ගෙදර යන්නේ නැද්ද
•📱 නැහැ...මම අද මෙයත් එක්ක ඉන්නවා...මේ වෙච්ච කිසි දෙයක් ගැන අපි දෙන්නයි මියොන්ගි ඇරෙන්න වෙන කවුරුත් දැන ගන්න බෑ... හරිනේ
?... හරි හරි හ්‍යොංග්...මේ ඒත් හොබී....
• 📱 නැහැ...ඒක ප්‍රශ්නයක් නෑ
?... හරි හ්‍යොංග් එහෙනම් මන් තියනවා...bye
•📱bye...
.....................
Next day morning...
Meyogi pov....
ආහ්...මගෙ ඔලුව...මන් මේ කොහේද ඉන්නේ...ඇයි මේ මට බට ගහලා😥අනේහ්...ආව්....Hospital....මන් ඉන්නේ hospital එකේ නේද...මට මොකද වුනේ...ඇයි මට මතක නැත්තෙ....
මන් අමාරුවෙන් මගේ අතට ගහලා තිබුන සේලයින් බටේ ගලවලා දලා ටිකක් නැගිටලා ඇද වතට හේත්තු වුනහමයි මන් දැක්කේ කවුද කෙනෙක් room එකෙ කොනේ තියන sofa එකේ නිදාගෙන ඉන්නවා කියලා..කවුද ඒ...🙄 ඔප්පවත් ද? නෑ නෑ ඒ ඔප්පා නෙමේ අපේ ඔප්පට වඩා ටිකක් කොටයි මෙයා...මට මූන පෙන්නෙ නෑනෙ මෙයා අනිත් පැත්තට හැරිලනේ නිදාගෙන ඉන්නෙ...ඒත් මෙයා ඇයි මෙතන... ගිහිල්ලම බලමුකො කවුද කියලා.. මන් ඇදෙන් බැහලා නැගිට්ටත් මගෙ කකුල්වලට ටිකක් පන නෑ වගේ.. මන් අල්ලගෙන හිමින් හිමින් sofa එක ගාවට කිට්ටු වුනා.... හනේ නිදාගෙන ඉන්න හැටි🤭පූස් පැටියෙක් වගේ අනේ...කෝ බලන්න මෙයා කවුද කියලා...පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්නකෝ අනේ ඔයා කවුද බලන්න...අපේ ජිමින් ඔප්පවත් ද මේ👀 නෑ නෑ එයා නෙමේ...මේ යකා නැගිටිනකම් මට ඊයේ වුන දේවත් මෙයාගේ මූනවත් බලා ගන්න වෙන්නේ නෑ ඉතින්...අපේ නපුරැ පූස් වගේද දන්නේ නෑ... ඒ වගේ ශේප් එකකුත් තියේ හැබැයි ඒත් ඔය නපුරැ පූසා මෙහෙ එයි ඈ....
අම්මොහ් සීතල🥶 මේ වෙලාවට අයිස් කිරිමකුත් තිබ්බ්නම් තකට තක😁 මෙයාට සීතල ඇති රෙද්දක් දැම්මනම් හරි නේ ඇඟට....මන් මට තිබ්බ bed sheet එක අරන් ඇවිත් එයාගේ ඇඟට දැම්මා... මට නිකන් අයෙමත් ඔලුව කැරකිල්ලක් එක්ක මගේ කකුල් පන නැති වීගන වගේ එනවා දැනුන නිසා ඉක්මන් කරලා ඇඳ ලඟට යන්න ගියත් ඒක හරි ගියේ නෑ... මාව එහෙමම බිම් ඉන්දවුනේ ඔලුව කැරකෙන නිසා...
"ආහ්......ම්හ්....අ....අනේ මගේ ඔලුව...😓😓"
• මො..මොකද ඔය...
එයා ඉක්මනට මගේ ගාවට දුවන් ඇවිත් මාව උස්සල අරන් ඇඳෙන් තිබ්බා...කැරකිල්ල එක්ක ඇස් අමුතු වුන නිසා මට එයාව පැහැදිලි පෙනුනේ නෑ.... හැබැයි දැකලා පුරුදු කෙනෙක්...මන් මීට කලින් කොහෙදිහරි එයාව දැකලා තියේ...
•මේක බොන්න ආ...
එයා මගෙ කට ලඟට වතුර එකක් ලං කලා...තිබ්බ තිබ්බහට මන් ඒක බීගන බීගන ගියා...ඉතුරැ වුණ වතුර වලින් ටිකක් එයා මගේ මූනේ ගෑවා...මගේ කැරකිල්ල ගතිය ටිකක් අඩු වුනේ එතකොට....මම ආයේ ඇස් අරල බැලුවෙ එයා දිහා...
"ඔ..ඔයා...."
ඒ පූස් ඇස් ආයෙම මගෙ ඉස්සරහ...මේක කොහොමද වුනේ...ඇයි හැමවෙලේම එයා...
• මොනාද හිතන්නේ...
"ඔයා නේද එදා....."
• එදත් මම අදත් මම ම තමා ඔයාව බේර ගත්තේ
"මට මොකද වුනේ..."
• දැන් ඒවා වැඩක් නෑනේ...අමතක කරන්න ඒක
"මට මතකයි...අර මනුස්සයා ඔව්...මට කරදර කරන්න හැදුවා...මාව අරන් යන්න හැදුවේ...😥"
• මන් කිවුවනේ ඒක දැන් අමතක කරන්න කියලා...
"ඔයා කොහොමද එතනට ආවේ..?අර මනුස්සයට මොකද වුනේ...?"
• අයියෝ...ඔය ප්‍රශ්න පත්‍තරේ වහ ගන්නවකෝ...
"ඇත්තටම ඔයා කොහොමද හැමවෙලේම මාව බේර ගන්නේ..."
• ඇයි දැන් බේර ගන්න එපාද🤨
"නෑ නෑ...එහෙම නෙමේ...ඔයා මාව බේර ගත්තේ නැත්නම් දැන් මට මොනා වෙලාද දන්නේ නෑ...😓"
• මුකුත් වුනේ නෑනේ ඉතින්
"ම්ම්...අයියෝ මගේ කාර් එක..."
• දැන්ද ඒක මතක් වුනේ...මන් කාර් එක ඔයාගේ ගෙදරට යැවුවා..
"අනේ thank you ඒත් ඔයා මගෙ ගේ දන්නේ කොහොමද?🙄''
• මන් කිවුවනේ ප්‍රශ්න පත්තරේ වහගෙන ඉන්න කියලා දැන්🤨
"හරි හරි ඉතින්😕මේ...මට"
• ඇයි ඒ පාර මොකද🤨
"මට ගෙදර යන්න ඕන...🥲'
• පිස්සු ද ආ...තාම සිහිය ආවා විතරයි ඇවිද ගන්නවත් බෑ තාම... ගෙදර යන්න කතාව
"ඒත් මගෙ ඔප්පා මාව හොයනවා ඇති... කෝල් එකක්වත් ගන්න ෆෝන් එක නෑනේ ඒක කාර් එක ඇතුලේ..."
• බය වෙන්න දෙයක් නෑ...ඔප්පා හොයන්නෙ නෑ ඔයාව
"ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ....අනේ මට ගෙදර යන්න ඕන මෙහෙ ඉන්න බෑ..."
• අනේ හලෝ මේ පොඩ්ඩක් කෑනුගහ ඉන්නවකෝ...මන් doctor එක්කන් එන්නම් ඇඳෙන් බැහැලා අහු වෙන්න එපා...🤨හරිනේ
"හ්ම් හ්ම්...😒"
මේකා යකෝ...මගෙ අප්පා වගේ හරියට එයා කියවන්නේ...මාව බේර ගත්ත එකා නොවෙන්න මන් මෙලහට හොඳවයින් කියලා...😒 අනික මෙයත් හරියට යුන්ගි බොසා වගෙනේ...ආ...පොඩ්ඩක් ඉන්න මේ වොයිස් එකත් ටිකක් ඒ වගේ නේද?🙄 නෑ නෑ...අයියෝ පිස්සු විකාර හිතන්න එපා බන් මියොන්ගි...මෙතන hospital ඇදක් උඩ ඉදන් තවත් විකාර හිතනවා...අනික මේ අපේ බොසා වෙන්න විදිහක් නෑ...විකාර හිතන්න නැතුව ඉන්න...😒
........
In the next day....
මට දවස් දෙකක්ම hospital ඇදක් උඩ ඉන්න වුනා😒 මේ යකා මට discharged වෙලා ගෙදර යන්න දුන්නෙ නෑ හොඳටම හොඳ වෙලා යන්න කියලා දවස් දෙකම මාත් එක්ක හිටියා... මාව බේර ගත්ත එකා නිසා මන් ඉවසුවා ඉතින්...😒
ඔප්පා මාව හොයනවත් ඇති...call එකක් ගන්න ෆෝන් එක ඉල්ලුවමත් ඕන නෑ කියනවා... හැබැයි ඉතින් මේ දවස් දෙකට එයා මාව හරි පරිස්සමෙන් බලා ගත්තා... මන් ගැන කිසිම දෙයක් නොදැන මාව බේරගෙන මෙහෙම බලාගන්නේ ඇයි කියලා සාධාරණ පොඩි සැකයක් ආවත් එයත් එක්ක ඉද්දි මට මාර නිදහසක් දැනුනා... අනේ මන්දා මගෙ හිත පිරිලා වගේ.. එයා හොරා වගේ හිටියට හරිම හොඳ කෙනෙක්...එයාගේ මූනේ හිනාවක් දකින්න ඕන ඉතින් හඳ හාවා දකින්නා වගේ තමා....🤭 එයා දැන් ටිකකට කලින් එළියට ගියේ එන්නම් කියලා නේද කෝ තාම නෑනේ...🙄 මන් hospital room එකේ දොර දිහා බලන් ඉන්නවා දැන් ගොඩ වෙලාවක ඉදලා එයා තාම නැ....
🌸මියොන්ගියා...
කන්හී...ඔයා....
🌸මොකද කෙල්ලෙ මේ වුනේ...ඔයාට අමාරුවක් නෑ නේද
මට ප්‍රශ්නයක් නෑ කන්හියෝ...ඔයා තනියමද ආවේ
🌸නෑ...කුකී ඔප්පා එක්ක එයා පහල දැන් එයි...
ම්ම්...කන්හි මට ඔයාගේ ෆෝන් එක ටිකක් දෙන්නකෝ
🌸ආ...මෙන්න...ඒත් ඇයි ෆෝන් එක
ඔප්පට කෝල් එකක් ගන්න...එයා බය වෙලා මාව හොයනවා ඇති
🌸මේ අහන්නකෝ කලබල වෙන්න දෙයක් නෑ... ඔයාගේ ෆෝන් එකට හොබී ඔප්පගෙන් කෝල් එකක් එද්දි කුකී ඔප්පා දැකලා එයා ඒක answer කරලා...කුකී ඔප්පා කියලා ඔයා මන් එක්ක අපේ ගෙදර ඉන්නේ කියලා
එහෙම කියපු එකනම් හොඳයි...😊ඒත් මගෙ ෆෝන් එක කොහොමද කුකී ඔප්පට හම්බ වුනේ
🌸ආ මේ....
🐰මියෝ.....
ඔප්පා....
🐰ඔන්න ගෙදර යන්න පුලුවන් දැන්...අපි යමු
🌸doctor යන්න කියලා කිවුවද ඔප්පේ
🐰ඔව්...හැබැයි ඉතින් doctor මෙයාට කියන්න list එකක්ම කිවුවා...
ඒ මොනාද ඔප්පෙ🙄
🐰සතියක් විතර යනකම් මුකුත් මහන්සි වෙන වැඩ කරන්න එපා කිවුවා...stress ගන්න දේවල්වලින් ඈත් වෙලා ඉන්න කිවුවා..වෙලාවට හොඳට කාලා බීලා rest එකේ ඉන්න කිවුවා...ආ තව නිදි මරන්නත් එපා කිවුවා....මියොන්ගි මේ ඔක්කොම ඔයා පිළිපදින්න ඕන හරිද🤨
🌸ඔව් ආ....
හාකෝ හකෝ...😒
🌸ඔයා අපේ ගෙදර යමු නේද මියොන්ගි
ඔයාලා දිහා...ඒත් කන්හි කරදරයි නේ...අනික දැන් මට අවුලක් නෑ...
🐰හරි ඔයාගේ ගෙදරට ගිහින් දාන්නම් හැබැයි මතකයිනේ කරන්න ඕන දේවල්
හරි හරි ඔප්ප...🤭
🐰යමු එහෙනම්...
මේ....🙄👀
🌸මොකො මියෝ...මොනාද බලන්නේ
එයා.....
🐰කවුද
ආ ඔප්පේ මේ මාව බේර ගත්ත කෙනා...එයා එළියට ගියා ගියාමයි ආයේ ආවේ නෑනේ...මට එයාට තෑන්ක්ස් කරන්නත් බැරි වුණා...
🐰එයාට තෑන්ස් කරන්න ඔයාට වෙන වෙලාවක් හම්බ වෙයි😄
ඈ....👀
🐰යමු දැන්....😄
....................................................................................................................................................................................................................................................................................................
ඔන්න අදට ඉවරයි...commet එකක් දාලා vote එකකුත් දාන් යන්න අමතක කරන්න එපා ඉතින්...කතාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...ඉස්සරහට ලොකූ පෙරලියක් වෙයි😏
බායි🙋🏻♀️
මියොන්ගි💜️
There are no comments yet. Log in to be the first to leave a review!





