Fanfics

Part 4

07:52, 20 August 2024

ඇයි එයා මට එහෙම බැන්නේ...මන් එයාට කරපු වරද මොකක්ද...හැමවෙලේම මට කෑ ගහගත්තු ගමන් අනික ඇයි මන් ඒ මෝඩ පූසා බැන්නා කියලා අඩන්නේ... මගේ එකම දුර්වල කමත් පිටතට එන්නේ මාර මිනිස්සු ඉස්සරහ තමා...මට තාම බැරි වුනා මගෙ හිත හැමදේටම ඉක්මනටම රිදෙන එක නවත්ත ගන්න...කමක් නෑ...මට මගෙ ඔප්පා ඉන්නවානේ මන් මේ job එකෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්නවා...ආයේ යන්නේ නෑ අර පූසාගේ company එක පැත්ත පලාතේ..ඒත්.........ඒත් මන් ගියොත් එයාට පරාද වුනා වගේ...බෑ බෑ මට බෑ එයාට පරාදවෙන්න මන් කොහොමහරි එයාට පෙන්නවා මේ මියොන්ගි කියන්නේ කවුද කියලා..හුම්😌

Yoongi pov...

මේ කෙල්ල ඇඩුවේ මන් නිසාද...මන් අර පොඩ්ඩක් කෑ ගහපු නිසාද මෙච්චර වෙලා අවුලෙන් ඉදලා තියෙන්නේ...මන් ටිකක් කෑ ගැහුවා කියලා අඩන්න ඕන ඈ...අනික මෙයා මේ මෝඩ පූසා කියන්නේ මට නේද...අහු වෙනවකො මට මන් බලා ගන්නම් ඊලඟ පාර කියන්නේ මෙහෙම නෙමෙ..එතකොට මෙයාගේ අත තුවාල වුනේ කොහොමද🙄

.........................................................................................

Next day🗓️

Meyogi pav....

මන් එදත් සාමාන්‍ය පරිදි office ගියේ පටන් ගත්ත වැඩේ මගින් අතෑරලා දාලා පරාද වෙන්න බැරි නිසා...කොහොමත් එයා අද ඇමරිකා යනවා කිවුවනේ මට මගෙ වැඩේ පාඩුවේ කරගන්න පුලුවන්😏මන් මගෙ office room එකට යද්දි table එක උඩ මොකක්ද උරයක් තිබුන.මන් ඒ උරේ ඇතුල බලද්දි තියෙන්නේ බෙහෙත් වගයක්

"මේක කොහෙන්ද මෙතනට🙄"

කොහෙන් ආවා වුනත් මගෙ වෙලාවට මේ බෙහෙත් ටික හම්බ වුනේ...අත රිදෙනවා බෙහෙත් ටිකක් දා ගන්න ඕනේ... වැඩ පටන් ගන්න කලින්😪අර පූසා අද යන්න ඇති නේද👀 ඔව්...ගිහින් ඇති නැත්නම් පෙන්න ඉන්නවනේ.ශිට්....ඔෆිස් එකට ඇවිත් දවස් කීයක් ගියාද මට එයා යන්න කලින් මූන බලා ගන්නත් බැරි වුනානේ😒

📞ට්‍රීන් ට්‍රීන්....

📞හෙලෝ...

📞🌸හෙලෝ මියොන්ගි පොඩ්ඩක් යුන්ගිගේ room එකට එනවද

📞ආ...මන් එන්නම්

📞🌸හරි....

Call end...

Office එකට එන්න ඒ කියන්නෙ ගිහින් නැද්ද🙄😒 අදත් පටන් ගනියිද දන්නේ නෑ...ගිහින් ම බලමුකෝ

🌸එන්න එන්න මියොන්ගි.වාඩි වෙන්න

😊😊ඇයි මේ...

🌸ආ මේ අපේ ලොකු බොසාට ඔයා එක්ක කතා කරන්න ඕන කිවුවා😄

ඒත් මන් හිතුවේ එයා ගියා කියලා අද

🌸ඔව් ඔව්...යුන්ගි නෙමෙයි

එහෙනම්🙄

🌸යුන්ගි ඇමරිකා ගිය නිසා එයා company එක බලා ගන්න කියලා ගියේ නැම්ජූන් ඔප්පට. එයා තමා ඔයා එක්ක කතා කරන්න ඕන කිවුවේ

ආහ්🙄 කෝ දැන් එයා

🌸යුන්ගි එක්ක කෝල් එකක එයා එයි. එයත් යුන්ගිගේ හොඳම යාලුවෙක්. නැම්ජූන් ඔප්පත් ලොකු බිස්නස්මන් කෙනෙක් තමා

එහෙමද🌝

🌸ම්ම්...☺️

ඇත්තටම අර නපුරැ පූස්ට මෙච්චර යාලුවො කොහෙන්ද මන්දා

🌸එයාලගේ හත් දෙනෙකුගෙන් යුත් මහා කල්ලියක් තියෙනවා😄💜️ කට්ටියම හිටපු ගමන් මෙහෙ එනවා එතකොට මන් අඳුන්වලා දෙන්නම්කෝ

හරී කන්හි🤭

🌸අන්න නැම්ජූන් ඔප්පා එනවා

👀👀👀

🐨ඔයා...

මට ඉබේම පුටුවෙන් නැගිට්ටුනේ ආපු කෙනා දැකලා...මෙ...මෙයා....ඊයෙ....ඊයේ මෙයාගේ car එකට නේද මන් හැප්පෙන්න ගියේ...😶

🐨එතකොට ඔයාද මියොන්ගි කියන්නෙ...

ඔ..ඔව්...

🐨ඔයා නේද ඊයේ මගේ වාහනේට හැප්පෙන්න ගියෙ

ඔව්...අනේ මට ඇත්තටම සමාවෙන්න ඊයෙ වුන දේට

🐨ඒකට කමක් නෑ...ඔයාට මුකුත් තුවාලයක් එහෙම වුනේ නෑනේ

නෑ...මට ප්‍රශ්නයක් නෑ😊

🐨ප්‍රශ්නයක් නැත්නම් අතට මොකද වුනේ...

ආ...මේ ඒක

🌸මේ මෙතන මොකක්ද වෙන්නේ...ඔයාලා දෙන්නා අඳුරනවද

🐨ඊයේ මෙයා මගේ වාහනේට පැන්නනේ කන්හි...😅

අනේ මන් පැන්න නෙමේ... මන් දැක්කේ නෑ

🌸මොකක්...අපි ඊයේ ඔයාව හැමතැනම හෙවුවා... පස්සේ කුකී කිවුවා යුන්ගි ඔප්පා රෑ කෝල් කරලා කිවුවා කියලා ඔයා ගෙදර යනවා දැක්කා කියලා

ආහ්..ඒත් එයා කොහොමද දැක්කේ🙄

🌸ඒකනම් දන්නේ නෑ...මියොන්ගි ඔයාගේ අතට මොකද වුනේ

ආ කන්හි මේ...එවෙලෙ හැප්පෙන්න යද්දි මම කාර් එකට අත තිබ්බනේ එතකොට තමා තුවාල වුනේ...දැන් ඒක අවුලක් නෑ මන් බෙහෙත් දා ගත්තා😊

🌸බලන්නකෝ ඉතින්...

🐨ඇත්තටම මොකක්ද ඊයේ රෑ වුනේ මියොන්ගි ඔයාට...

🌸ආ...නම්ජූන් ඔප්පේ මන් ඔයාට ඒක පස්සේ හිමීට කියන්නම්

🐨ම්ම්..හරි හරි දැන් අපි මේක බලමු වාඩි වෙන්නකෝ

හරි ඔප්පේ...

🐨මියොන්ගි මන් ඔයාගේ design දැක්කා...ඒවා ඔක්කොම ගොඩක් ලස්සනයි... මට කන්හි කිවුවා යුන්ගි ඔයාට දීපු challenge එක ගැන. අපි මේවගෙන් හොඳම එකක් තෝරලා තව ටිකක් modify කරල ගමු..

හරි ඔප්පේ... මේ අපිට මේකට හොඳ model කෙනෙක් ඕන

🌸ආ...ඒකට අපි අපේ ටේ ඔප්පට කතා කරමු.එයා වැඩේ හොඳට කරයි

🐨ඔව්..මන් ටේ එක්ක කතා කරන්නම්

හරි....

..............................................................................................................................................................

After 8 days...

අද අපේ shoot එක....ටේ ඔප්පා තමයි අපේ model වුනේ... අද කට්ටියම ඇවිත් ඉන්නවා... අපේ හොබී ඔප්පයි සුහෝ යිත් ආවා...පූස් නම් ටිකක් නපුරු වුනාට එයාගේ යාලුවො නම් හරි ම හොඳ යි.පොඩි තුන් කට්ටුව තමා මරුම ජිමින් ඔප්පයි, ටේ ඔප්පයි, කුකී ඔප්පයි... ජිමින් ඔප්පා....අනේ ඉතින් හරිම ශෝයි😙🤭 ටේ ඔප්පයි කුකී ඔප්පයිත් ඒ වගේ... ජින් ඔප්ප නම් හිනා වුන ගමන්මයි... කටේ තියෙන්නේ ම handsome කියන වචනේ තමයි😂 නම්ජූන් ඔප්ප...එයා හරිම හොඳයි කරැණාවන්තයි... කරන වැඩේ නීට් එකට හොඳට කරනවා...හැබැයි පොඩි track out ගතියක් නැතුවාම නොවේ...ඒ වුනාට ඒ විදිහ මරැ...respect නම්ජූන් ඔප්පේ😎😌

මේ ටික දවසට අපි හොඳ යාලුවො වුනා...කන්හි යි මම යි අපිත් මේ සෙට් එකේම අය වගේ...මේ කට්ටියත් එක්ක වැඩ කරදි කිසිම මහන්සියක් නෑ...හරිම සතුටින් වැඩ කරන්න පුලුවන්

Photo shoot එක ඉවර වෙලා මම ආපහු මගෙ office එකට ගියේ files වගයක් ගන්න කියලා.ඒ ටික අරන් එළියට එද්දිම මම දැක්කෙ... අපේ company එකේ building එකට ටිකක් එහායින් නවත්තල තිබ්බ කාර් එකකට හේත්තු වෙලා ඉන්න මනුස්සයෙක්...මට ඒ කෙනාව හොඳට පෙනුනා...ඒ මනුස්සයා බලන් හිටියේ මන් දිහ...ඔව් ඒ එදා මට කරදර කරන්න හැදුව මනුස්සයා...මට මහ මූසල හැඟීමක් එක්ක අමුතු බයක් දැනුනා... මන් ඉක්මන් කරල එතනින් යන්න හදද්දිම කවුද ඇවිත් මගෙ උරහිසෙන් අත තිබ්බ...

අම්මො...නම්ජූන් ඔප්පේ ඔයාද

🐨ඔව් ඔව් මන් තමා...මොකද මේ බය වෙලා

බය වෙන්නෙ නැතුවෑ...කතා කරන්න එපැයි

🐨ආහ්.....😂ඔයා මොකද මෙතන

මන් මේ ගෙදර යන්න කියලා ඔප්පේ...ඔයා ඇයි මේ

🐨යුන්ගියා කිවුවා file එකක photos වගයක් එවන්න කියලා..ඒ ටික ගන්න ආවේ

ආහ්...එහෙනම් මන් යන්නම් ඔප්පේ

🐨හරි...බායි

බායි ඔප්පේ😊.........

පහුවෙදා උදේම මම ආයේ office එකට ආවේ කරන්න වැඩ ගොඩක් තිබ්බ නිසා..... product එක launch කරන්න අවශ්‍ය වෙන files ටිකත් ඔක්කොම හැදුවා.කන්හි ඒ වැඩවලට මට උදවු කලා.

"ටේ ඔප්පා නම් හරිම handsome අනේ..." මන් ඊයේ ගත්ත ෆොටෝ ටික දිහා බලල හිතුවෙ ඉතින්🤭 හවස් වෙද්දි එදාට තිබුන වැඩ ටිකත් ඉවර කරලා මම ගෙදර ගියා...මේ company එකට ආවත් හරි ඔප්පයි සුහෝ යි එක්ක හරියට කතා කරන්නවත් වෙලාවක් හම්බ වුනේ නෑ...🥲 මන් ඉතින් ගෙදර ගියේ එයාල එක්ක ටිකක් කතා කරන්න ඕන කියල හිතලා... මන් ගෙදර යද්දි ගෙදර ඉස්සරහ දොර වහල තිබ්බා..හැබැයි ලොක් කරලා නම් නෑ ඉතින් මන් දොර ඇරගෙන ගේ ඇතුලට ගියා මම ඇතුලට යද්දි කවුරුත් පේන්න නෑ...👀

අද මගෙ birthday එකවත් ද මෙයාලා මාව surprise කරන්නද දන්නෙ නෑ යන්නේ...😁 කෝ අනේ මේ ඩබල😒 ගෙදරට හොරු පැන්නත් දන්නේ නෑ..ඔක්කොටම කලින් වතුර ටිකක් බීල ඉන්න ඕන දිව ගිලෙන්න වගේ..

ඈ..........😲මොකක්ද යකෝ අර වෙන්නේ...හයියෝ මේ ඔප්පයි සුහොයි නම් දකින දකින තැන වෙලිලා ඉන්නේ...මම වගේ සූටි කෙල්ලෙක් ගෙදර ඉද්දි වැඩිහිටියො ඔහොම හැසිරෙන එක හරි ද මන් අහන්නේ...අපේ ඔප්පා අර කෙල්ලට උයන්න දෙන්නෙත් නෑ... සුහෝ ලිපේ තියන මොකක්ද එක හැදි ගානව අපේ ඔප්පා එයාව backhug කරන්...හනේ ඉතින් ඒ ආදරේ...🙈❤️හොඳ සුවඳකුත් එනවා යකෝ...ඒත් ඉතින් යන්න විදිහක් නෑනෙ එතනට. මොනාද දන්නෙ නෑ සුහෝ හදන්නේ...🙄 ඒ සුවඳේ හැටියට නම් චීස් මික්ස් එකක් වගේ...😋 ඕයි...මන් වතුර බොන්න නේද ආවේ දැන් වතුරත් නෑ...තව ටිකක් බලමුකො මොකද වෙන්නේ කියලා..මොනාද මොනාද ඒ කියන්නේ අපේ ඔප්පා👂👀

💙සුහෝ......

💛ම්ම්...

💙මේ.........😁

💛මොකද අනේ

හනේ මටත් ලැජ්ජයි වගේ යකෝ🙈😅 බලන්නකෝ ඒ දෙන්නා ඔප්පා සුහෝව backhug කරන් උරහිසෙන් ඔලුවත් තියාගෙන සුහෝගේ මූනේ එයාගේ මූන ලාවට ගාවන ගමන් කියන ලස්සන.... ඒත් මොනාද මේ අපේ ඔප්පා බටර් ගගා කියන්න යන්නේ සුහෝට🙄

💙සුහෝ....

💛අයියෝ.....මොකක්ද ඔය ඔච්චර කියන්න හදන්නේ?

💙නෑ මේකයි අපි මැරි කරලත් දැන් ටිකක් කල්නේ

💛ඉතින්👀

💙ඉතින්....ඇයි🙈

💛ඇයි කියලා තමා මාත් අහන්නේ😅

💙දැන් රෝස කැලෙන් කෙනෙක් ගේන්න එහෙම ඕනෙ නේද?

මොකක්............😳😱මොනාද මේ ඔප්පා කියවන්නේ...රෝස කැලෙන් මොක්කු ගේන්නද...මොනා කියෝනවද මන්දා මේ කියන්නේ බබෙක් ගැනද...😳දෙයියනේ එයාලා බබෙක් ගෙනාවොත් මට මොකද වෙන්නේ...අනේ එයාල මට ආදරේ නැති වෙයි එතකොට...මම ඉද්දි බබාල මොකටද අනික😒 හැමතැනම වෙනස්කම්මයි වෙන්නෙ මට (මන් හිතින් හිතුව විතරයි ඉතින්)

💛ඈ...මොකක්

💙ම්ම්...🤭

💛අනේ මේ...කො කො එහාට වෙන්න මට මේක හදන්න දීලාමේ චීස් ටිකත් කර වෙනවා දැන්...

💙බෑ බෑ...මන් මෙහෙමම ඉන්නවා...

💛ආ....පොඩ්ඩක් කාලා බලන්න හොඳද කියලා

💙ඈ....🤢

💛අනේ මොකද වුනේ රස නැද්ද😥ඉන්න මන් කාලා බලන්න....මේක අවුලක් නෑනේ🙄අනෙහ්...බොරැවක් නේද කලේ...😒

💙ම්ම්...🤭😄 ඒක ඇත්තටම  ගොඩක් රසයි සුහෝ...

💛ම්ම්🤭

💙ඔය චීස්...

💛කෝ කොහෙද🙄

💙කෝ ඉන්න....

ඔප්පා සුහෝගේ මූන එයාගේ පැත්තට හරවන් කම්මුල් දෙකෙන් අත් දෙක තියා ගත්තා...මොකක්ද ඒ ඔප්පා කරන්න යන්නේ👀 සුහෝ ගේ කට වටේ තියන චීස් ටික පිහදන්නේ නැතුව එයා දිහා බලන් හිනා වෙනවා..සුහෝත් ඔප්පා දිහා බලන් ඉන්නෙ වශී වෙලා වගේ දෙන්නගේ ඇස් දෙක සමාන්තර රේඛාවක් ඔස්සේ ඡේදනය වෙලා වගේ🙄😂

ඔහ්........😳

ඔප්පා එක පාරට සුහෝගෙ lip kiss කරා නේද...අයි අයියෝ....කඩවලේ මෙතනින් ඉක්මනට මාරු වෙයන් මියොන්ගි ඔයාට මේව හොඳ නෑ....මතකනේ එදත් හොඳට අහ ගත්තා....

මන් ඉක්මනට එතනින් මාරැ වෙලා කෙලින්ම ආවේ මගේ room එකට. වතුරත් නෑ කෑමත් නෑ අන්තියමට😒...මොනා වුනත් හොඳ film එකක් නම් බැලුවා😁😂 දැන් මොනා වෙනවද දන්නෙ නෑ එතන...අපරාදෙ හැබැයි තව ටිකක් බලන්න තිබුනා...😁 wash එකක් දාන් එන්න ඕන දැන්....

.................................

අම්මෝ සනීපේ wash දැම්මම... දැන් නම් මොනා හරි කන්න ඕනේ බඩගිනියි අප්පා... මගෙ බඩේ පණුවොත් කැරකිල්ල හැදිලා වැටිලද කොහෙද නැත්නම් ටිකකට කලින් බොක්සින් ගහපු උන්ගේ දැන් සද්දයක් වත් නෑනේ🙄 හෝව් හෝව් මියොන්ගියෝ....මතකනේ එකපාරක් වතුර බොන්න ගිහින්...මේ පාර අපේ ඔප්පයි සුහෝ යි කොහෙද දන්නෙ නෑ කල්පනාවෙන් යන එක ඇඟට ගුණයි😒

ආ...kichen එකේ කවුරුත් නෑ වගේ...කාලා ඉන්න ඕනී........😋😄

මන් බඩ පිරෙන්න කාලා ආයේ මගේ room එකට යන්න හැඳුවේ ඒත් මගේ සූටි මොලේ කිවුවෙම ඔප්ප යි සුහෝ යි මොකද කරන්නෙ කියලා බලල යමු කියලා😁 හරි හරි වැරදි අහසකින් නෙමෙයි ඉතින් හුම්😒

මන් එයාලාගේ room එක ගාවට ගිහින් දොර අරින්න හැඳුවත් ඒක ලොක් කරල...හී😁 දොර ලොක් කරලා නිසා පොඩ්ඩක් දොරට කන තියලා අහගෙන හිටියා විතරයි ඉතින් ඒත් කිසි සද්දයක් ඇහුනේ නෑ😒 මෙයාලා මේක අස්සට වෙලා මොනා කරනවද මන්ද🙄 මන් ආවේ මෙයාලා එක්ක ටිකක් කතා කරන්න ඒත් මන් ගෙදර ආවා වගක්වත් දෙන්නා දන්නේ නෑ..හොරු පැන්නත් ඔච්චර තමා ඉතින්😂

ක්‍රීන් ක්‍රීන්📱

හයියෝ...හෝව් හෝව් කෑ ගහන්න එපා බන් මන් හොර වැඩකනේ ඉන්නේ ඔප්පට ඇහුනොත් මන් චකබ්ලාස් තමා...කවුද මේ කෝල් කරන්න මේ වෙලාවේ...

අප්පටසිරි😂😂 ඔප්පා නේ මේ කෝල් ගන්නේ...අපේ ඔප්පා කොහේහරි CCTV එකක්වත් හයි කරලද දන්නේ නෑ😐 මන් කාමරේ දොරට කන තියන් ඉන්නවා දැක්කවත්...දෙයියනේ දෙයියනේ අද මන් ඉවරයි🙊 සුහෝ මාව බේර ගනිම් ආ...

📱ඔ...ඔප්පා....

💙📱චූටි...කොහෙද ඉන්නේ...

📱ඇයි...

💙📱ගෙදර එන්නේ නැද්ද...

📱මොකා...🙄

ඒ කියන්නේ මන් ගෙදර ආවා කියලවත් කනට දොර තියන් හිටිය කියලවත්...නෑ නෑ....දොරට කන තියන් හිටියා කියලවත් ඔප්පා දන්නේ නෑ....යේ යේ🥳😁 I am a lucky girl ආහ්😌

💙📱මොකා නෙමෙ චූටි ගෙදර එන්නේ නැද්ද

📱ඔප්පා කොහෙද ඉන්නේ කියන්නකෝ

💙📱මන්...🙄මන් ඉන්නේ ගෙදර

📱අන්න ඒ ගෙදර තමා එහෙනම් මාත් ඉන්නේ😅

💙📱ඔයා ගෙදර ආවාද

📱ඔව්.....මන් ගෙදර ඇවිත් දැන් ගොඩක් වෙලා කොහෙද මගෙ ඔප්පට දැන් මන් ගැන බලන්න වෙලාවක් නෑනේ...අඩුව මන් ගෙදර ආවාද නැද්ද කියලවත් දන්නේ නෑ😒 මන් ආවා එක කමක් නෑ ගෙදරට හොරු ආවත් දන්නේ නෑනේ... ගහගන්න පුලුවන් කියල ද ඔප්පේ ඔයාටත්😒😂

💙📱චූටි.....🤨මට ගහගන්න පුලුවන් හරිද  මතකනේ...

📱ඔව් හැබැයි පුලුවන් නේ😁 එකපාරක් මන් reject කරද්දිත් මගෙ පස්සෙන් ආපු අර නසරානී කොල්ලට අතපය කැඩෙන්නම දුන්නේ😂හරි හරි ඔප්පා මේ ඔය කාමරේ අස්සේ වැඩක් නැත්නම් පොඩ්ඩක් එළියට එනවකෝ😒

💙📱ඉන්න ඉන්න මන් එන්නම්🤭 මෝඩ නංගි මගෙ

📱මන් මෝඩ නෑ...........😒

......

මුලු රෑම මායි ඔප්පයි සුහෝයි වල්පල් කියෝ කියෝ හිටියේ... මන් ආසම දේ තමයි මේ දෙන්නා එක කතා කර කර ඉන්න එක... දවසේ කොච්චර මහන්සි වෙලා ආවත් ඔප්පයි සුහොයි එක්ක කතා කරද්දි ඒ මුකුත් නෑ...මොකද මේ ලොකේ මාව හරියට තේරුම් ගත්ත දෙන්නා මේ දෙන්නා නිසා☺️

යුන්ගි සර් ඇමරිකා ගිහින් සති දෙකකුත් ගියා...office එකේ එයාගේ chair  එක හිස්ව තියෙනකොට මොකක්ද අමුත්තක් දැනුනා...ඇයි ඉතින් කෑ ගහන්නවත් කෙනෙක් නෑනේ😂 නැම්ජූන් ඔප්පා එයාට පුලුවන් හැම වෙලාවකම ඇවිත් ඔෆිස් එකේ වැඩ බලලා ගියා. නැම්ජූන් ඔප්පා එකක් නම් වැඩ කරන්න හරිම ලේසියි. මං හිතුවටත් වඩා හොඳට මගේ ප්‍රොජෙක්ට් එක කරගන්න පුලුවන් උනේ ඔප්පා නිසා...

අද මට special දවසක්... Yoo company එකේ මගේ අතින් ම design වුණ පළවෙනි product එක අද launch කරන්නයි හදන්නේ... යුන්ගි සර් මට challenge කරා නේ අපි බලමුකෝ අද මේක launch කරාට පස්සේ trending වෙන විදිහ😌

...........................................................................................................................................................................................................................

ඔන්න අදට ඉවරයි...😁

දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න...comment එකක් දාන් යන්නත් අමතක කරන්න එපා පින්වත් ළමයිනේ...😌

බායි🙋🏻‍♀️

මියොන්ගි💜️

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories