Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟺𝟹

05:50, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ⁴³

Wang Yibo

"Baby you look perfect tonight..."

ආසාවට සින්දුවක් මුමුණන ගමන් මම බාත්රූම් එකෙන් එලියට ආවා. අළු පාට ස්වීට් පෑන්ට් එකකට ඕවර් සයිස් ටී ශර්ට් එකක් ඇදගත්ත මම කොණ්ඩෙත් පිහිදන ගමන් අවුරුදු තුනක් අපි දෙන්නා ශෙයා කරගත්ත රූම් එකෙන් එලියට ආවා. අද එයා ඔෆිස් නොගිය දවසක් නිසාම අනිවාර්යයෙන්ම පහළට වෙලා පින්සලක් බදාගෙන ඉන්න හැටි මතක් වෙලා මට යන්තම් හිනාවක් ගියා..

"වස්තුව..."

පඩිපෙල ඉවර වෙන තැනම තියෙන දොර ඇරපු මම එයාගෙ ආර්ට් රූම් එකට එබුණා. ඒත් එයා එතන නැති වෙනකොට මම ආවේ ආන්ටි ශෙන්ග් ගෙන්වත් එයා ඉන්නෙ කොහෙද කියලා අහන්න. ඒත්  මට අඩි දෙකක් ඉස්සරහට තියන්න උනේ නෑ...

"වස්තුව...."

"ජාන්...  "

"බබා...   "

"ඇස් අරින්න "

එයාව දැකපු ගමන් මට උන් හිටි තැන් අමතක වෙලා ගියා. අතේ තිබ්බ ටවල් එක විසි කරලා දාපු මම අඩියට දෙකට සෝෆා එක ගාවට දිව්වා. සෝෆා එක ගාව බිම වැටිලා හිටිය එයාව දකිනකොට මට මොනවා උනාද කියලා මමත් දන්නෙ නෑ. එයාව උස්සන්න හදනකොට එයාගෙ ඔළුව ගාවින් සුදු පාට ටයිල් එක උඩින් ටිකෙන් ටික වැඩිවෙන ලේ පැල්ලමක් දකිනකොට මම එයාව උස්සගෙන එලියට දිව්වෙ ඩ්‍රයිවර්ට කෑ ගහන අතරේ.

හොස්පිට්ල් එකට ගෙනාව ගමන් එයාව තියටර් එකට දානකොට මම ඒක ඉස්සරහ තියෙන පුටුව කට බර උනා. මම ඇඳගෙන හිටිය සුදු පාට ටී ශර්ට් එක එයාගෙ ලේ වලින් තෙත් වෙලා ගිහිං තිබ්බා. තියටර් එක උඩින් තියෙන බල්බ් එක තවමත් පත්තු වෙනකොට මම බලාගෙන හිටියෙ ඇතුලේ ඉදන් කවුරු හරි එයි කියලා... එයාට  කොහොමද කියලවත් මට දැනගන්න තියෙනවා නම්....

"යීබෝ.."

රෙබා මමා.... ඒ ඇහුනේ එයාගෙ කටහඬ වෙනකොට මම මගේ දිහා බලාගෙන ඉන්න එයා දිහා බැලුවා..ඒ ඇස් කඳුළු වලිනූ තෙත් වෙලා තිබ්බා. එයාට පිටි පස්සෙන් මගේ මමා පපා දෙන්නම හිටියා. එයාලට ගෙදරින් කවුරුහරි මේක ගැන කියන්න ඇති. එයාලා කොයිම වෙලාවකවත් ජාන්ට හීරීමක් උනත් කොයි තරම් කලබල වෙනවද කියලා දන්න නිසාම මට එයාලට මූණ දෙන්න බෑ වගේ දැනුනා..

"යීබෝ... මොකක්ද උනේ.."

මගේ ගාවට ආව පපා මගේ උරහිසට අත තියලා අහනකොට මම ඔළුව වැනුවේ දන්නෑ කියන්න. මම නාගන්න ගියත් එයා හිටියෙ රූම් එකේ කියන්න මට සද්ද බද්ද ඇහුනා. එයා පහළට ඇවිත් වැඩිම උනොත් විනාඩි පහළවක් ගෙවෙන්න ඇති. ඒත් ඒ අතරෙදි මෙහෙම දෙයක් වෙන්න තරම් මොනවද උනේ...

"මිස්ටර් වන්ග්...."

තියටර් එකේ දොර ඇරගෙන ඩොක්ටර් එලියට එනකොට මම නැඟිට්ටා..ඒ ජාන් චැනල් කරන ඩොක්ටර්. එයාගෙ මූනේ තිබ්බෙ බැරෑරුම් පෙනුමක් වෙනකොට මට අහේතුකවම බය හිතුනා.

"මම ඔයාට කලිනුත් කියලා තියෙනවා මිස්ටර් වන්ග් ජාන්ට පැනික් ඇටෑක් එකක් ආවොත් ඒක කොයි වගේ වෙයිද කියලා. මීට අවුරුදු දෙකකට කලින් වෙච්ච දේ ආයෙම උනොත් එයාගෙ ජීවිතේට උනත් අවධානමක් තියෙනවා කියලා කියලා තියෙද්දිත් ඔයා මෙච්චර නොසැලකිලිමත් උනේ කොහොමද..."

"ඩොක්ටර්... මම..."

මට ගොත ගැහෙනකොට ඩොක්ටර් මගේ උරහිසට තට්ටු කලා.  පපා ඇවිත් මගේ අතකින් අල්ලගන්නකොට මම එයාගෙ ඇඟට බර උනා. ජාන්... එයා ඉන්නෙ අවධානම් තත්ත්වෙකද...

"වැඩිය කලබල වෙන්න දෙයක් නෑ මිස්ටර් වන්ග්... ජාන්ට ලොකු ප්‍රශ්නයක් නෑ... තව ටිකකින් අපි එයාව රූම් එකකට දානවා.. ඒත් දවස් දෙකක් විතර එයාට හොස්පිට්ල් ඉන්න වෙයි..."

ඩොක්ටර් කියලා එතනින් යනකොට මම එතන තිබ්බ පුටුවකින් වාඩි උනා. මීට කලිනුත් එයාට මෙහෙම පැනික් ඇටෑක් එකක් ආවා. ඒ වතාවේ එයා දවස් හතරක් හොස්පිට්ල් හිටියා. ඒ වෙලාවෙ මාව පිච්චුන තරම් දන්නෙ මම විතරයි. මට මොන දේ උනත් දරාගන්න පුළුවන්. ඒත් එයාට මොනවහරි වෙනවා කියන්නෙ මට මේ ලෝකෙ තියෙන වැඩියෙන්ම බය හිතෙන දේ...

"යීබෝ..."

රෙබා මමා මට කතා කරන සද්දෙට මම ඔළුව ඉස්සුවා. එයාගෙ ඇස් දෙක දකිනකොට මට එයා මොනවහරි හොයාගෙන කියලා තේරෙනකොට මම වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා.

"යීබෝ... කායි ඔයා එනකම් ඔයාලගෙ ගෙදර බලාගෙන ඉන්නවා..."

හොස්පිට්ල් එකෙන් එලියට ආව මම කාර් එකට නැග්ගා.. අඩුම ගානේ කෝල් එකක් ගන්න මම පෝන් එකවත් අරගෙන ඇවිත් නැති වෙනකොට මම ශීට් එකේ පිටිපස්සට වෙලා ඇස් දෙක පියා ගත්තා..

ඒ ජාන් මගේ ගෙදරට මුලින් ම ආව දවස... ආවා නෙවෙයි... මම කිඩ්නැප් කරා. මට ඕනි වුණේ ඒ දවසේ එයාට ලස්සන මතකයක් දෙන්න උනත් එයාට එදා ඉතිරි වුණේ වේදනාවක් විතරයි. එයාගෙ මුළු ජීවිතේම රැවටීමක් කියලා දැනගන්නකොට ජාන්ට ඒක දරාගන්න බැරි වුණා..

ශියාඕ යැන්ග්.... ජාන්ගෙ පපා...  එහෙම නැත්නම් එයා පපා කියලා හිතාගෙන හිටිය කෙනා... ශියාඕ යැන්ග් කියන්නෙ ජාන්ගෙ පපා වෙච්ච ශියාඕ යී ටෙන්ග් ගෙ හොඳම යාළුවා වෙලා හිටිය කෙනා. ජාන් ගෙ සීයා වුණ ශියාඕ ජින්ග් මින් අනාථයෙක් වුණ ශියාඕ යැන්ග් ව තමන්ගේ දරුවෙක් විදියට හදාගන්න ගත්තා. ඒත් එයා හිතන්න නැතුව ඇති එයා කිරි පෙව්වෙ සර්පයෙක්ට කියලා.

දේපල වෙනුවෙන් තමන්ව හදාගත්ත තාත්තා ජින්ග් මින්, තමන්ගෙ සහෝදරයා හොඳම යාළුවා වුණ යී ටෙන්ග් වගේම එයාගෙ වයිෆ් වුණු රෙබා මමාවත් මරපු යැන්ග් ජාන්ව විතරක් ඉතුරු කලේ ජින්ග් මින් එයාගෙ සේරම දේපල තමන්ගෙ වැඩිමල් පුතාගෙ දරුවන්ට ලියලා තිබ්බ නිසා. සමහරවිට එහෙම කරේ අවසානෙදි හරි යැන්ග් කියන්නෙ කවුද කියලා එයා තේරුම් ගත්ත නිසා වෙන්නැති.

තමන්ගෙ සහෝදරී වුණ යැන්ග් සි එක්ක එකතු වෙලා ශියාඕ යැන්ග් ජාන්ව පොඩි කාලෙ ඉඳන් මානසිකව වැට්ටුවා. ජාන් හැමදාම හිතාගෙන හිටියෙ එයා නිසා එයාගෙ වැරැද්දක් නිසා කියලා. ජාන්ගෙ පලවෙනි ආදරේ වුණ හේ යොන්ග් මරලා දැම්මෙත් එකෙන් ජාන්ව තව තවත් වට්ටන්න.

ඒ සේරම එකින් එක එලියට එනකොට, ජාන් මෙච්චර කාලයක් හිටියෙ හිතාගන්න බැරි තරම් ලොකු බොරුවක හිර වෙලා කියන එක දැනගන්නකොට එයාට ආයෙමත් පැනික් ඇටෑක් එකක් ආවා. ඒ තමයි මම වැඩියෙන්ම බය වුණා දවස... දවස් එකහමාරක් යනකම් එයාට සිහියවත් නොඑද්දි රෙබා මමා හිටියෙ ඒ වෙලාවෙම ගිහින් ශියාඕ යැන්ග් මරන්න තරම් තරහකින්. ඒත් ජාන්ට සිහිය ආව වෙලාවෙ එයාට ඕනි වුණේ වෙඩින් එක වෙලාවෙම එයාගෙ ආදරණීය පපාට සප්‍රයිස් එකක් දෙන්න...

"සර්... අපි ආවා...."

මම එකපාරටම මේ ලෝකෙට ආවේ ඩ්‍රයිවර් මට කතා කරනකොට. මම කාර් එකෙන් බැහැලා ඇතුලට යනකොට කායි ඉස්සරහ සෝෆා එක ගාව බලාගෙන හිටියා..

"යීබෝ... මේක පොඩ්ඩක් බලන්න...."

To be continued....

Diavola

මට ඊයෙ වැස්සෙ තෙමිලා හෙම්බිරිස්සාව හැදුනානෙ. ඒ නිසා කලින් නිදාගත්තා.

මේක දිග වැඩි නිසා මම කොටස් දෙකකට කැඩුවා. ඒකෙ තව චූට්ටක් ලියන්න තියෙනවා. ඒ්කත් ලියලා දෙන්නම් 🙂

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories