Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟺𝟸

05:50, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ⁴²

"Wedding 💍"

"I, Xiao Zhan, take you, Amy Sheng, for my lawful wife, to have and to hold from this day forward, for better, for worse, for richer, for poorer, in sickness and in health, until death does us part. I will love and honour you all the days of my life."

අද මගේ වෙඩින් එක. කොච්චර කොහොම කලත් මට ඒක නවත්වන්න බැරි උනා. ඇමී හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරලා හරියටම සතියක් ඇතුලෙදි අපේ වෙඩින් එක ගන්න තීරණය කලේ ඇමී ප්‍රෙග්නන්ට් නිසා. ගොඩක් කට්ටිය නැති ෆැමිලි මෙම්බර්ස්ලා විතරක් එකතු වෙලා සෙන්ට් මේරි චර්ච් එකේදි අපේ වෙඩින් එක ගන්න පපා සේරම ලෑස්ති කරලා තිබ්බෙ මටත් නොකියම. ඇත්තටම අද මගේ වෙඩින් එක කියලා මම දැනගත්තෙ ඊයෙ.

මම පපා දිහා බැලුවා. එයා හිටියෙ ගොඩක් ලොකු සතුටකින්. ඒත් ඒ මම මැරි කරන නිසා නෙවෙයි. මගේ පපාගෙ පපා එහෙමත් නැත්නම් මගේ සීයගෙ ලාස්ට් විල් එකට අනුව එයාගෙ සේරම ප්‍රොපටීස් පවරලා තිබ්බෙ එයාගෙ මුණුබුරාට. ඒ කියන්නෙ මට. එයාට අයිති වෙලා තියෙන සේරම දේවල් මට අවුරුදු විසි පහක් සම්පූර්ණ වෙන දවසට මට ලැබෙන්න තිබුණා.   ඒත් සීයගෙ ප්‍රොපටීස් අතර තිබ්බ වටිනාම දේ... සීයගෙ ඩයමන්ඩ් මයින් එක මට ලැබෙන්නෙ මම අවුරුදු විසි පහක් සම්පූර්ණ වෙන්න කලින් මම මැරි කලොත් විතරයි. මම හිතන්නේ ඒක එයා දැනගෙන ඉන්න නැතුව ඇති. ඒක නිසයි පපා මගේ බර්ත්ඩේ එක දවසට මගෙ වෙඩින් එක ගන්න ලෑස්ති වෙලා හිටියෙ. ඒත් කොහොමහරි අවසාන මොහොතෙදි එයා ඒක දැනගෙන තිබ්බා. මට අවුරුදු විසි පහක් වෙන්න කලින් මම නොබැන්දොත් ඒක සම්පූර්ණයෙන්ම සීයගෙ චැරිටි ෆන්ඩ් එකට අයිති වෙන්න නියම වෙලා තිබ්බා. ඒත් අද මේ වෙඩින් එක සිද්ධ වෙන නිසා ඒක මට අයිති වෙනවා.

"After me, Miss Amy "

"I, Amy Sheng, take you, Xiao Zhan for my lawful husband, to have and to hold from this day forward, for better, for worse, for richer, for poorer, in sickness and in health, until death does us part. I will love and honour you all the days of my life."

ඇමීත් වෙඩින් වෝව් එක කියනකොට ඒ ඇස්වල තිබ්බෙ සතුටක්...මට ආදරේ නිසා නෙවෙයි... මල්ටි මිලියනර් ශියාඕ ජාන් ගෙ වයිෆ් වෙන නිසා. එහෙම නැත්නම් එයාගෙ බංකොලොත් වුණ කම්පැණි එක ගොඩ ගන්න නිධානයක් හම්බවුණ නිසා වෙන්නැති. කොහොමත් මගේ පපා කියන මනුස්සයගෙ හැටියට මට විසි පහක් සම්පූර්ණ වෙලා පැය ගාණකින් මාව මරන්න උනත් පුළුවන්. මොකද එතකොට මට අයිති වෙන සේරම ප්‍රොපටීස් නීත්‍යානුකූලව අයිති වෙන්නෙ ඇමීට.  ඇමී කොහොමත් නටන්නෙ මගේ පපාගෙ පදේට වෙනකොට ඒවගෙ අයිතිය ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඇරත් ඒකටම හරියන ලෝයර් කෙනෙකුත් ඉන්නවනේ.

"Is there any objection? Or you can remain silent with peace for the rest"

පාදර් ඇහුවේ මම දිග හුස්මක් ගන්න අතරෙදි. පපාගෙ මූණේ නම් හිනාවක් තිබ්බා. මෙතන ඉන්නෙ ඇමීගෙ ෆැමිලි එකේ අයයි පපායි එයාගෙ ලෝයරුයි විතරයිනෙ. අඩුම ගානේ මගේ හොඳම යාළුවා වුණ යූ බින්වත් මෙතන හිටියෙ නෑ. ඉතිං කවුරු විරුද්ධ වෙන්නද... මගේ ඇස් හිනා වෙවී බලාගෙන ඉන්න ඇමීගෙ ගාව නතර වුණා. ඒත් ඔය හිනාව තියෙන්නෙ තව ටික වෙලාවක් විතරයි.

" I'm against this wedding..."

එකපාරටම හැමෝම නිශ්ශබ්ද වුණේ ඒ කටහඬ එක්ක. මොකද කවුරුවත් එහෙහ දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.  මම ඇරෙන්න. හැමෝගෙම ඇස් නැවතුනේ චර්ච් එක ඇතුලට ඇවිදගෙන එන රූපෙ ගාව වෙනකොට මම දැක්කා පපාට ගත්ත හුස්ම පහලට දාන්න අමතක වුණා...

"ර්....ර්... රෙ.....බා...."

ඩිල්රෙබා එහෙමත් නැත්නම් ලියාන්ග් ශියා... එයා චර්ච් එකේ දෙපැත්තටම තියෙන පුටු පේලි මැදින් ඇවිදගෙන ආවා. එයාගෙ පස්සෙන් හිටියෙ මගේ සුදු මහත්තයා. ඒත් අද එයා මාස්ක් එකට අමතරව ග්ලාසස් දෙකකුත් දාගෙන හිටියා. ඇත්ත.... පපාට කොහොමත් හැම සප්‍රයිස් එකක්ම එකපාර දරාගන්න බැරි වෙයි... මිසිස් ලියාන්ග් ඇවිත් නැවතුනේ පපාගෙ ගාව. ලලාට නොදැනිම ආයෙමත් එයාට රෙබා කියලා මිමිනෙනකොට මිසිස් ලියාන්ග් හිනා උනා.

"නෑ... ලියාන්ග් ශියා "

Flashback

"ඔ.....ඔයා ක්....කොහොමද බ්...බේරුණේ..."

මම ඇහුවේ ඇස් දෙක කඳුළු වලින් පිරෙන කොට. පපා.... එයා තමයි මගේ සුදු මහත්තයා අවුරුදු ගාණක් මට නැති කලේ. ඒ වගේම සමහරවිට එයා නිසා මගේ සුදු මහත්තයට එයාවම නැති වෙනවා.

"ඔයා තවම හරියටම මම කවුද කියලා දන්නෙ නෑ බබා...£

"බයයිද..."

එයා ඇහුවේ මගෙ කනට කරලා. පලවෙනි වතාවට තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගෙ පවුලේ අය හම්බෙන්න යනකොට බය නැත්තෙ කාටද... ඒත් ඒක හම්බෙන්න යනවා කියන්නත් බෑ. මොකද මාව එයාලට පෙන්නන්න මගේ cudu mahaththaya කිඩ්නැප් කරගෙනනෙ ආවේ...

"ඔව්.."

ගෝල්ඩන් කලර් රේලින්ග් එකට මගේ එක අතක් තද වෙලා තියෙනකොට අනිත් අත මගේ සුදු මහත්තයගෙ අතට හිර වෙලා තිබුණා. අපි දෙන්නා පඩි පෙළ මැදක් යනකොට පහළ හිටිය හැමෝගෙම ඇස් අපි ගාව නැවතෙනකොට ඇත්තටම මට ලැජ්ජ හිතුනා.

"ජාන්..."

මට පහළට බහිනකොටම ඇහුනේ ලින්ග් ලින්ග් ගෙ කටහඬ. එයත් මෙහෙද... එයා මම හිතාගෙන හිටියා වගේ ඇත්තටම cudu mahaththaya ගෙ වයිෆ් නෙවෙයි කියලා දැන් මම දන්නවා උනත් එයා හරියටම කවුද කියලා මම දැනගෙන හිටියෙ නෑ.

"ජාන්.... මේ ලින්ග් ලින්ග්.... ඔයාගෙ කසින්..."

මගේ කසින්... ඒ කිව්වෙ එයාගෙ අය දැන් මගේ වගේ නිසාද...  මට ඒ කියපු විදිය ඇල්ලුවේ නෑ. හරියට එයා අදහස් කලේ ලින්ග් ලින්ග් කියන්නෙ මගේ ම කසින් වගේ... ඒත් ඉතින් එහෙම වෙන්න විදියක් නෑනේ. පපා පවුලෙ තනි ළමයා. මමාගෙ නෑයෝ කවුරුවත් ගැන මම අහලා නෑ.

"යී ජුන්...  ඒ ළමයව තව පටලවන්න එපා..."

ලින්ග් ලින්ග් සුදු මහත්තයාගේ අතට ගැහුවා. ඊළඟට එයා මගේ ගාවට ඇවිත් මාව බදා ගත්තා.. යී ජුන් කියන්නෙ සුදු මහත්තයට ගෙදරට කියන නම වගේ... ඒ නමත් හැබැයි ලස්සනයි...

"මගේ චූටි පැටියා.... ඔයාව දැක්ක දවසෙම මට ඔයාව මෙහෙම බදාගන්න ඕනි වුණත් එහෙම කරන්න බැරි වුණානේ... කමක් නෑ... මට දැන් ඕනි තරම් ඔයාව බදාගෙන ඉන්න පුළුවන්. "

ලින්ග් ලින්ග් මගේ කම්මුල් මිරිකුවා. රිදෙනවා යකෝ... මට Cudu mahaththaya ට වගේ මාශ්මෙලෝ වගෙ කම්මුල් නෑ...

"ල්...ලින්ග් ලින්ග්... මට මේ මොකවත් තේරෙන්නේ නෑ..."

එයා ඒකට කලේ යන්තමින් හිනා වෙන එක. ඒත් ඒක විහිළුවට නෙවෙයි. එයා මගේ දිහා බලන විදියෙ පවා තිබ්බෙ ආදරයක්...

"මම තමයි ඔයාගෙ මමාගෙ අයියගෙ දුව. එතකොට යී ජුන්... එහෙම නැත්නම් ඔයාගෙ සුදු මහත්තයා කියන්නෙ ඔයාගෙ මමාගෙ අක්කගෙ පුතා..."

"ඔයා කියන්නෙ යන්ග් සි මමා ගැනද...."

"නෑ ජාන්....  එයා කියන්නෙ ඔයාගෙ ඇත්තම මමා ගැන.... ඒ කියන්නේ මම ගැන ."

To be continued

Diavola

ඊයෙ මේක දෙන්න හිටියට ආයෙම මම Hidden blade බැලුවා.

අද දවස ඇතුලත ඉවර කරන්නම් කොහොම හරි. ටිකක් හවස් වෙයි. මොකද මම ආත්තම්මලගෙ ගෙදර යනවා 😁

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories