Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟺𝟷

05:50, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ⁴¹

' secrets'

"ය්...යී ජුන්..."

ඒ කොල පාට ඇස් දෙක.... මූණේ පැත්තක් වැහිලා තියෙන කැලල ඒ වගේ ම කළු පාට මාස්ක් එක.... එතන හිටියෙ මම කොහෙත්ම බලාපොරොත්තු වුණු කෙනෙක් නෙවෙයි. යී ජුන්... මිසිස් ලියාන්ග්ගෙ බොඩිගාඩ්... ඊයෙ මාව හැප්පෙන්න යනකොට බේරගත්ත කෙනාම මාව කිඩ්නැප් කරයි කියලා මට විශ්වාස කරන්නත් බැරි උනා.

"ඇයි..."

ඒ ඇස් උඩට ඉස්සුනා. හරියට නිකන් ඇත්තටමද කියලා අහනවා වගේ. මාස්ක් එකට යටින් එයා හිනා වෙනවා කියන්න පුළුවන් විදිහට එයාගෙ ඇස් හීනි වෙලා යනකොට මට ඉබේටම අඩියක් පස්සට ගැනුනා. ඇයිද කියලා දන්නෑ. මට බය හිතුනා. එයාගෙන් මම දැක්කෙ....

"ම්හ්ම්ම්ක්..."

රෙදි පටියකින් මගේ කට වැහිලා තියනකොට යීජුන් මගේ අත් ඇඳට කරලා ගැට ගැහුවා. එයා මාව ඊයෙ බේර ගත්ත එක  ගැන මගේ හිතේ තිබ්බ ගෞරවය නැත්තටම නැති වෙලා යනකොට මට දැනුනේ අනුකම්පාවක්. මගේ ගැන... එයා ලෑස්ති වෙන්නෙ මොකටද කියලා මට අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒත් මට මේකට ඉඩ දෙන්න බෑ... මම පුළුවන් තරම් අත් දෙක ලියාගන්න උත්සාහ කරත් ඒකෙන් වුණේ තවත් ඒ ගැටේ තද වුණ එක විතරයි...

යී ජුන් ඇදගෙන හිටිය බ්ලේසර් එක ගලවලා බිමට දාලා මගේ පැත්තට ආවේ එයාගෙ ශර්ට් එකේ බට්න්ස් එකින් එක ගලවන ගමන්. බයටම මගේ ඇස් වලින් කඳුළු ගලාගෙන යනකොට මම ඇඳේ පුළුවන් තරම් පස්සට රූටලා ගියා. බාගෙට ගැලවුණු එයාගෙ ශර්ට් එක අතරින් මට පෙනුනේ ටැටූ එකක් වෙනකොට මට ඒකෙ අමුතු පුරුදු ගතියක් දැනුනා. හරියට මම ඒක වෙන කොහෙදි හරි දැකලා තියෙනවා වගේ.

යී ජුන් එයාගෙ ඇඟිලි මගේ තොල් උඩ නතර කරනකොට මම ඇස් දෙක තදින් වහගත්තා. ඒ ඇඟිලි මගේ යටි තොල පැත්තකට තද කරනකොට මට දැනුනේ පිළිකුලක්. ඉස්සර සුදු මහත්තයා මට එහෙම කරනකොට දැනුනු හැඟීමයි මේකයි අතරේ අහසට පොලොව තරම් ලොකු වෙනසක් ඇති.

ඒ අත් මගේ ඇඟ දිගේ පහලට යද්දි මම ඇස් දෙක තදකර ගත්තා. එයාගෙ කකුලක් මගෙ කකුල් දෙක අතරට තද වෙනකොට එයා මගේ මූණ ගාවට පහත් වෙනවා මට දැනුනා...

"යී ජුන් ඔයාගෙ සුදු මහත්තයා තරම් හොඳ නැද්ද....."

"මගෙ වස්තුව...."

ඒ කටහඬ.... ඒක අයිති සුදු මහත්තයට වෙනකොට මම ඇස් ඇරියා. වෙන වෙලාවට මාස්ක් එකට වැහිලා තිබ්බා උනත් දැන් මාස්ක් එක නැති වෙනකොට ඒ ඉන්නෙ සුදු මහත්තයා කියන්න මට වෙන කිසිම දෙයක් ඕනි වුණේ නෑ.

"ස්...සුදු මහත්තයා..."

එයා මගේ කට ගැට ගහලා තියෙන පටිය ලිහනකොටම මම මිමිණුවා. ඒත් එයා කොහොමද යී ජුන් වුණේ.  මම හොදටම දැක්කා එයා හිටියෙ වීල් චෙයාර් එකක. ඒත් දැන්... ඒවා හොදට ඇවිදිනවා. එතකොට මෙච්චර දවසක් එයා මට කරේ බොරුවක්ද...

"හ්ම්ම්... ඔයාගෙ සුදු මහත්තයා තමයි..."

එයා කිව්වෙ මගේ අත් දෙකත් ලිහලා දාන ගමන්. ගැටගහලා තිබ්බ එකයි ඒක ලියාගන්න දඟලපු ඒකයි නිසා මගේ අත් රතුවෙලා තියෙනකොට එයා මගේ අත් දෙක හෙමිහිට අතගෑවා. ඒත් මම එයාගෙන් මගේ අත් දෙක ඇදලා ගත්තෙ දරාගන්න බැරි තරහකින්. මෙච්චර බොරුවක්...

"මගේ වස්තුව... මෙහෙ බලන්න..."

එයා මාව එයාගෙ පැත්තට හරවගන්න හැදුවත් මම එයාට ඉඩ දුන්නෙ නෑ. ඒ පාර එයා කලේ මගේ අත් දෙක තද කරලා අල්ලගත්ත එක. මගේ මූණ ගාව තිබ්බ එයාගෙ අතක් මම එකපාරටම හැපුවෙ එයා අත මගෙන් ඈත් කරගනිද්දි....

"ළඟ හිටියෙ නැති කාලෙට බලු ගති ටික ආයෙම මතු වෙලා වගේ... කමක් නෑ... ඉන්ජෙක්ෂන් දෙක තුනක් වදිනකොට හරි යයිනෙ... "

"යනවා යන්න... බූරු මිනිහා..."

කොච්චර රණ්ඩු වුණත් එයා ආයෙම ආව එක ගැන මට ගොඩක් සතුටු හිතුනා. ඊයෙ මාව ගණන් නොගත්ත එයාම අද මාව තුරුළු කරගන්නකොට මට දැනුනේ කියාගන්න බැරි සතුටක්. ඒත් තවමත් නොවිසඳුණු ප්‍රශ්න තියෙනවා..

"මට සමාවෙන්..."

"ශ්ශ්ශ්... මගෙ වස්තුව.... ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි. මට තිබුණා ඔයාට කලින් කියන්න..."

එයා කිව්වෙ මගේ අත අතගාන ගමන්. එයාගෙන් අහන්න ගොඩක් දේවල් තිබුණත් මම කලේ එයාට තුරුළු වෙලා ඉන්න එක. ඒ අස්සෙන් මට ඇමීවත් මතක් උනා. අනිවාර්යයෙන්ම cudu mahaththaya ඇමී ප්‍රෙග්නන්ට් කියලා දන්නවා ඇති.

"ස්... සුදු මහත්තයා... ඇමී"

"මම දන්නවා... ඒක ගැන මම පස්සෙ බලාගන්නම් මගේ වස්තුව... ඊට කලින් අපිට විසඳගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා.... එහෙමනේ..."

"ඔයාට ඇත්තටම මොකක්ද වුණේ...."

මම ඇහුවේ එයා ඩ්‍රෙසින් ටේබල් එක ගාව ඉඳගෙන දාගෙන හිටිය ලෙන්සස් අයින් කරනකොට. කොට්න් පෑඩ් එකක් ගත්ත එයා ඒකට මොකක්ද දාලා මූණ පිහිදානකොට අර ඇදලා තිබ්බ කැලලත් මැකිලා ගියා. නරකම නෑ. මාස්ක් එක දැම්මම ඒ ඉන්නෙ එයා කියලා කියන්න බැරි තරමටම ඒ ලෙන්සස් මේකප් එයාව වෙනස් කරලා තිබ්බා..

"මම ඔයාගෙ ගෙදරින් ගිය දවසෙ ඉඳන් හිටියෙ ඔයාගෙ පස්සෙන්.  ඔයාට ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ නේ බබා..."

එයා කිව්වෙ අමුතූවට හිනා වෙලා. ඔව් ඉතිං... ඔය නොකියා කියන්නෙ මම ඇමී එක්ක හිටිය එක ගැන තමයි. මම ඇමීව ඩේට් කරන්න පටන් ගත්තෙ එයාට රිද්දන්න කියලා එයා දන්නවානෙ

"ඔය අතරෙම මම ඇමීගෙ ගැනයි යන්ග් සි ගැනයිත් ඇහැ ගහගෙන හිටියෙ. ඒ අතරෙදි මම දවස් දෙක තුනක් ඔයාගෙ පපා යන්ග් සිව මීට් වෙනවා දැක්කා. ඒ ඔයාගෙ පලාගෙන ලෝයර් එක්ක. මට ඒක ගැන සැක හිතුන නිසා මම දවස් දෙක තුනක් ම ඒ ලෝයර්ව ෆලෝ කරා.  ඒත් ඔයාගෙ පපාට ඒක ඉව වැටිලා තිබ්බා. "

මම හිටියෙ හුස්මක්වත් නොගෙන එයා කියන දේ අහගෙන. පපා ගැන මම දැන් දන්න දේවල් අනුව එහෙම උනේ ඇයි කියලා මට හිතාගන්න පුළුවන් උනා.

"එදා වැහි දවසක්... ඔයාගෙ පපා එක්ක ලෝයර් බෙයිජිං වලින් පිටට යනකොට මමත් එයාලගෙ පස්සෙන් ගියා. ඒත් ඒක උගුලක් කියලා මට තේරුම් ගන්න බැරි වුණා. මවුන්ටන් සයිඩ් එකකදි එකපාරටම ආව ට්‍රක් එකක මගේ කාර් එක හැප්පුනා.  ඒක ප්ලෑන් කරලා කරපු දෙයක්.. ඒත් මම කාර් එක හැප්පෙන්න කලින් ඒකෙන් පැන්නා. ඒත් මට වැඩි දුරක් යන්න උනේ නෑ..  ඔයාගෙ පපාගෙ මිනිස්සු මට වෙඩි තිබ්බා..."

එයා කිව්වෙ ශර්ට් එක ගලවන ගමන්. එයාගෙ උරහිසක බුලට් මාක්ස් කියන්න පුළුවන් මාක්ස් වගයක් තියනකොට මම ඒ උඩ අත් අරගෙන ගියේ පපා ගැන හිතේ තිබ්බ තරහ තවත් වැඩි වෙනකොට..

"ඒත් කොහොමද ඔයා බේරුණේ..."

To be continued

Diavola

තව සූට්ටයි

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories