Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟺𝟶

05:49, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ⁴⁰

'යී ජුන්'

"සර්... තනියම ඉන්න පුළුවන් නේද..."

කායි ඇහුවේ මගේ අපාර්ට්මන්ට් එකේ දොර ගාවදි. ගොඩක් කාලෙකින් කායි ඩෙරික් එක්ක ඩේට් එකකට ගියේ නැති නිසාම අද යාර්ඩ් එකට ගිය වෙලාවෙ ඩෙරික් මගෙන් ඇහුවා හවසට කායිව එවන්න පුළුවන් ද කියලා. ඉතිං කොහොමද බෑ කියන්නෙ.  ඒක නිසාම තමයි මම ගෙදර ඉන්නම් කියලා කායිට යන්න කිව්වෙ. කොහොමත් පපාගෙ වගේම ඩෙරික්ගෙ මිනිස්සු හතර වටේම ඉන්නවනේ. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ . ඇරත් මට කල්පනා කරන්න දේවල් තියෙනවා. මොකද අද දැනගත්ත දේවල් එක්ක මම ඉන්නෙ පඹගාලක පැටලිලා.

දොර ඇරගෙන ඇතුලට ගිය මම කෙලින්ම ආවේ කිචන් එකට. කොෆි මැෂින් එක ඔන් කරපු මම කොෆී එක හැදෙනකම් කිචන් අයිලන්ඩ් එකට හේත්තු වුණා. ගොඩක් වෙලාවට කැෆේන් කියන්නෙ මට මගේ ඔළුව නිදහස් කරගන්න තියෙන හොඳම බෙහෙත වුණා. සමහර වෙලාවට ඒක සිගරට් එකක් වුණත් මම වැඩියෙන්ම ආස කලේ කොෆී වලට.

කොෆී එකත් අරගෙන මම ආවේ මගේ හෝම් ඔෆිස් එකට. හැමදාම වගේ මමයි මගේ සුදු මහත්තයයි මේසෙ උඩ තිබ්බ පොටෝ එකේ හිනා වෙලා හිටියා  ආයෙමත් එහෙම ඉන්න කාලයක් එනවා නම්... එහෙම හිතෙනකොට දිග හුස්මක් මගෙන් එලියට එනකොට මම කොෆී එක තියලා පුටුවෙන් වාඩි වුණා. මොනවහරි කල්පනා කරනකොට අතට ගැනෙන මේසෙ උඩ තිබ්බ කොල හුලඟේ යනවට තියන වීදුරු බෝලෙ අතට ගත්ත මම ඒක කරකවන ගමන් හිතුවෙ හොස්පිට්ල් එකේදි වෙච්ච දේ ගැන.

ඇමී ප්‍රෙග්නන්ට්ලු...

ඒක එක අතකට විහිළුවක් උනේ එහෙම වෙන්න කිසිම ඉඩක් නැති නිසා. මම හැම වෙලාවෙම ප්‍රොටෙක්ශන්ස් යූස් කලා. ඇරත් මාස ගානකින්ම එයා ප්‍රෙග්නන්ට් වෙන්න තරම් ලොකු පිසිකල් රිලේශන්ශිප් එකක් අපි දෙන්නා අතර තිබ්බෙ නෑ. ඒ වගේම මම දන්න තරමින් ඇමීට වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙත් නෑ. හරියටම බැලුවොත් මේ කතාව ඇමීවයි මාවයි කොහොමින් හරි කසාද බන්දවන්න කරන දෙයක් කියලා මට තේරුණා. ඒත් කොහොමත් ඇමීයි මායි මැරි කරන්න ඉන්නෙ මට අවුරුදු විසි පහක් වුණාම. ඒත් දැන් එයාලා හදන්නේ වෙඩින් එක ඉක්මන් කරන්න. ඒත් ඇයි... මට ඒක ලොකු ප්‍රශ්නයක්. ඇරත් පපා... එයා මම හිතාගෙන හිටියට වඩා වෙනස්ම කෙනෙක් කියලා මට තේරෙනකොට මෙච්චර කාලයක් මම ජීවත් වුණේ මහ බොරුවක කියන දේ මට දැනුනා.

ටස්....

කිසිම කෙනෙක් නොහිටිය ගෙදර මොකක් හරි දෙයක් වැටෙන සද්දයක් ඇහුනේ මගේ ඇඟේ ලේ වතුර කරලා. මිනී පිට්ටනියක් තරම් ලොකු නිශ්ශබ්දතාවයක ගිලිලා තිබ්බ ගෙදර ඒ සද්දෙ දෝංකාර දුන්නා. ඒක හුළඟට වැටුනා කියන්න බෑ.ඒ වගේම කවුරුත් ඇතුලට එන්න විදියකුත් නෑ. මොකද ගෙදරට එන්න පුළුවන් මටයි කායිටයි විතරයි. ඇරත් මේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකේ සෙක්‍යුරිටි එක ගොඩක් හොදයි. ඒ කියන්නෙ හොරෙක්ට තියා සතෙක්ටවත් එන්න බෑ. එහෙම එකේ කවුරුහරි ගෙට ඇවිත් කියන එකම මට ප්‍රශ්නයක් වුණා. කායි දැන්මම එන්න කොහෙත්ම විදියක් නෑ. ඒත් එහෙම නැත්නම් කොහොමද මොකක් හරි බිමට වැටෙන්වෙ.

ඔෆිස් රූම් එකේ ආසාවට තියාගෙන තිබ්බ ගොල්ෆ් ක්ලබ් එක ගත්ත මම ඒකත් අරගෙන හෙමිහිට ඔෆිස් එකෙන් එලියට ගියා. ඉස්සෙල්ලා අර සද්දෙ ඇහුණේ ලිවින් රූම් එකෙන් වෙනකොට ඒ පැත්තට ගිය මම දැක්කෙ බිම වැටිලා තියන ස්ටැචූ එකක්. මේක බිමට වැටෙන්න කිසිම ක්‍රමයක් නෑ. ඒත් ඒක වැටිලා. මම ඉස්සරහට අඩියක් තිබ්බත් මට එකපාරටම ඇහුනේ අමුතු සද්දයක්. හරියට කෙනෙක් හුස්ම ගන්නවා වගේ. හරිම පහත් හඬක් උනත් ඒක නිශ්ශබ්ද ගේ ඇතුළෙ මට පැහැදිලි ව ඇහුනා.

එකපාරටම මම පිටිපස්සට හැරුණා. මගේ පිටිපස්සේ හිටියෙ මනුස්සයෙක් වෙනකොට ඒ මනුස්සයා මූණෙන් බාගයක් වැහෙන්න කළු මාස්ක් එකක් දාගෙන හිටියා. දාගෙන හිටිය කැප් එකට එයාගෙ ඇස් දෙක වැහිලා ගිහින් තියෙනකොට ඒ මනුස්සයා එක පාරටම මගේ බෙල්ලෙන් තද කරලා අල්ලගත්තා. තද සුවඳක් තියෙන රෙදි කෑල්ලක් මගේ නහයට තද වෙනකොට වටේ තිබ්බ හැම දෙයක්ම කැරකෙනවා වගේ දැනෙනවත් එක්කම මට සිහි නැතිවෙලා බිමට ඇදගෙන වැටුණා..

" ම්හ්ක්...."

ඇස් පිහාටු ඇරගන්න බැරුව ඇලිලා වගේ දැනෙනකොට මම ඇඳේ අනිත් පැත්තට පෙරළුනා. ඔළුවත් බර ගතියක් තිබුණත් මම හෙමිහිට ඇස් ඇරියා. දවස් ගාණකින් මෙච්චර සැනසීමේ නිදාගන්න ලැබුණේ. ඒක නිසාම ආයෙම වතාවක් හොඳට ගුලි වෙලා නිදාගන්න හැදුවත් මම එකපාරටම ගැස්සිලා ඇඳේ වාඩි වුණා.

මාව කිඩ්නැප් කලා...

මම හිටියෙ කොහෙද කියලා හිතාගන්න බැරි තැනක. ලොකු කළු පාට රූම් එකක් මැද තියෙන ඇඳක මම නිදාගෙන හිටියා. ඒත් මම හිතපු විදියට මගේ අත් කකුල් ගැට ගහලා තිබ්බෙ නෑ. මාව අරගෙන ආව එකාගෙ හත් මුතු පරම්පරාව මතක් කරන ගමන් මම ඇඳෙන් බැස්සා. ඇයි යකෝ..  මෙච්චර ප්‍රශ්න අස්සෙ මුන් මාව කිඩ්නැප් කරලා.

"මේ දොර අරිනවා... "

මම කෑ ගහලා කිව්වෙ දොර ඇරගන්න බැරි නිසා.  ඒක පිටින් ලොක් කරලා කියලා මට තේරුණා. මුන් මොකටද මාව කිඩ්නැප් කලේ කියලා හිතාගන්න බැරි වෙනකොට මම කලේ හයියෙන් කෑ ගහන ගමන් දොරට ගහපු එක.

"මාව එලියට ගන්නවා... "

මම කොච්චර කෑ ගැහුවත් කිසිම සද්දයක් ඇහුනේ නෑ. හරියට මම මේක අස්සෙ තනි වෙලා වගේ.. මොකෙක්වත් නෑ. අඩුම ගානේ හොල්මනක් වත් නැද්ද මන්දා. හොල්මන් මතක් වෙනකොට ඉබේටම චූ බරකුත් දැනෙනකොට මම බැලුවේ මෙතනින් පැනලා යන්න විදියක් තියෙනවද කියලා..

එක පැත්තකින් ලොකු බිත්තියක් සම්පූර්ණයෙන්ම කළු පාට කර්ට්න් එකකින් වැහිලා තියෙනකොට මම ගිහින් ඒක කෙලවර කින් ඈත් කරලා බැලුවා. ඈත කෙලවර වෙනකම් තියෙන මුහුද ඇරෙන්න වෙන කිසි දෙයක් පේන්න නොතියෙනකොට මෙතනින් පැන්නොත් නම් අනිවාර්යයෙන්ම මෙතනින් පහළ තියෙන ගල් කුළු වල හැපිලා කෑලි වෙලා මැරෙන්න වෙනවා කියලා මට තේරුණා..

අනිත් තුන් පැත්තකින්ම බිත්ති විතරක් තියෙනකොට මම කරේ බාත්රූම් එකට ඔළුව දාලා බලපු එක. වැඩක් නෑ. ඒකෙත් පැනලා යන්න පුළුවන් තැනක් නොතියෙනකොට මම ආයෙම ඇවිදගෙන ආවේ දොර ගාවට. මම දොර අරින්න හැදුවත් ඊට කලින් ඒක එහා පැත්තෙන් ඇරෙනකොට මම අඩියක් පස්සට ගත්තෙ ආව කෙනා දැකලා..

"යී ජුන් "

To be continued

Diavola

Hi

Bye

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories