Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟿

05:49, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ³⁹

" තමුන් මහ මෝඩයෙක්'

"සර්... මිස් ඇමීයි මිසිස් යන්ග් සි යි ගිය වාහනේ ඇක්සිඩන්ට් වෙලා..."

කායි කිව්වෙ මම මීටින් එකේ ඉන්නකොට.  ඒකත් අතරමැද නවත්තලා දාලා මම කායි එක්ක හොස්පිට්ල් එකට යන්න කැෆේ එකෙන් එලියට ආවා. පලා මට කෝල් කරේ පුළුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකට එන්න කියලා උනත් මට ඒක කරන්න ඕන වූණේ නෑ. මොකද මම ගියා කියලා සනීප වෙනවද... නෑනේ...

"යාර්ඩ් එකට ගිහින් හොස්පිට්ල් එකට යමු..."

"ඒත් සර්... ලොකු සර් ඇහුවොත්..."

"මම ඒක බලාගන්නම්..."

කාර් එක හොස්පිට්ල් එක පැත්තට වෙනුවට යාර්ඩ් එක දිහාට හැරුණා.. පපාගෙ වගේම ඇමීගෙ මිනිස්සු මගේ පස්සෙන් හිටියත් මගේ පස්සෙන් ඉන්න ඩෙරික්ගෙ මිනිස්සු හැම වෙලාවෙම මාව කවර් කලා.  ඩෙරික්ගෙන් සහ ඒකට හේතුව ඇහුවත් හැම වෙලාවෙම එයා කිව්වෙ ලොකු බොස්ගෙ කමාන්ඩ් එකක් කියලා. ඒක මට ප්‍රශ්නයක් උනේ මම කවදාවත් ලොකු බොස් කියන්නෙ කවුද කියලා නොදන්න නිසා..මාව නොදන්න මිනිහෙක් ඇයි මාව ඒ තරමට ආරක්ෂා කරන්නෙ...

"පොඩි බොස්..."

කාර් එක යාර්ඩ් එකෙන් නවත්තනනොට ඩෙරික් මට එලියට බහින්න දොර ඇරියාම. ඩෙරික්ගෙ මූණේ හිනාවක් තියෙනකොට මට නිකන් අමුතු හැඟීමක් දැනුණේ ඩෙරික් කියන්නෙ කවදාවත් ඔහොම හේතුවක් නැතුව හිනා වෙන මිනිහෙක් නොවෙන නිසා. මගේ බේබි ගර්ල් මොනවහරි කියලා කියලා මට හිතෙනකොට කාර් එකෙන් බැහැපු මම ඩෙරික් එක්ක කන්ටේනර් පෙට්ටි තියන පැත්තට ඇවිදගෙන ගියේ බ්ලේසර් එක ගලවලා කායිගෙ අතට දෙන ගමන්. ශර්ට් එකේ අත් දෙක උඩට කරලා නවාගත්ත මම බෙල්ලෙ තියෙන මාලේ යන්තමට පේන්න නොපෙනෙන්න ශර්ට් එකේ උඩ බට්න්ස් දෙක ගලවලා දැම්මා.

බැහැගෙන යන ඉර නිසා රත් වෙච්ච හුළඟ යාර්ඩ් එකේ පැත්තකින් තියෙන මුහුදෙන් ලුණු රහත් අරගෙන හමාගෙන එනකොට මම දවස තිස්සේ රත් වෙලා පෝරණුවක් වගේ තිබ්බ කන්ටේනර් පෙට්ටිය ඇතුලට ගියා. දම්වැල් හෙල්ලෙන සද්දයක් ඇහෙනකොට මගෙ කට කොනට හිනාවක් එද්දි මම කහ පාට ලයිට් එළිය නිවි නිවී පත්තු වෙන කන්ටේනර් පෙට්ටියෙ කෙලවරට ඇවිදගෙන ගියා.

"ඉතිං බේබි ගර්ල්... තුවාල රිදෙනවද..."

මම කිව්වෙ ඒකිගෙ ඉස්සරහින් කියලා තිබ්බ පුටුව අනිත් පැත්තට හරවලා ඒකෙන් වාඩි වෙන ගමන්. ඩෙරික්ගෙ කොල්ලෙක් පත්තු කරපු සිගරට් එකක් මගේ අතට දෙනකොට ඒක ගත්ත මම ඒක තොල් අතරට තද කරගත්තා.

යී ෆෙයි හුආ....

අපේ ගෙදර හිටිය මේඩ්. එහෙමත් නැත්නම් මගේ මමා මිසිස් යන්ග් සි ට වැඩ කරපු ඔත්තුකාරි... එයා වැඩ කරේ මිසිස් යන්ග් සි ට කියලා දැනගෙන හිටියා උනත් සුදු මහත්තයා එයාට ඉන්න දුන්නෙ ඇයිද කියලා මට තවම තේරුම් ගන්න බෑ.  සමහරවිට එයා මට වඩා දෙයක් දැනගෙන හිටියා වෙන්නැති.

"ජ්...ජා..."

"ආශ්ශ්.... ස්ටාර් කරන්න බැරි පරණ වාහනයක් වගේ ජ්...ජාන් ගාන්න එපා ගෑනියේ. මගේ මූඩ් එක අවුල් යනවා. "

මම කිව්වෙ ඒකි ගොත ගහනකොට. ඇමීයි මගේ මහා ලොකු මමායි ඇක්සිඩන්ට් වෙලා ඉන්නවා කියන්නෙ සතුටු හිතෙන දෙයක්නෙ. දිග දුම් වලාවක් පිට කරන ගමන් පුටුවෙන් නැගිටපු මම ඇවිදගෙන ගියේ හුආ ගාවට. මූණ පුරා තිබ්බ තැලුම් පාරවල් සැන්ඩි හොදට ඒකිට සලකලා තියෙනවා කියලා කියනකොට මම අතේ තිබ්බ සිගරට් එක ඒකිගෙ මූණ දිගේ ඇදගෙන ගියේ ඒකි මරහඬ දෙනකොට.

"ජාන්... තමුසෙ මහ තිරිසනෙක්..."

"Exactly.... මම තිරිසනෙක් තමයි... ඇයි උඹ වැඩ කරපු මගේ මමා ඒක කියලා නැද්ද...  බොරුවට මගේ සුදු මහත්තයා ඒකිව වැඩ කරනවා කියන්න මට සාක්ෂි හදපු උඹ ඒක දන්නවා කියලා මම හිතාගෙන හිටියෙ..."

ඒකි මහ හයියෙන් හිනා උනේ මාව පුදුම කරලා. ඇත්තටම මම ඒක බලාපොරොත්තු වුණේ නෑ. සමහරවිට මේකි වැඩ කරේ මමාට නෙවෙයිද....

"තමුසෙ මහ මෝඩයෙක් ජාන්... තමුසෙ දන්නෙ නෑ තමුසෙට මෙහෙම කරේ කවුද කියලවත්... අඩුම ගානේ තමුසෙ දන්නවද තමුන්ගෙ සුදු මහත්තයා කියන එකාව මරලා දැම්මෙ කවුද කියලාවත්...."

"කවුද කියන්නෙ මගේ සුදු මහත්තයා මැරුණා කියලා.... මිසිස්"

"ජාන්.... "

මම හොස්පිට්ල් එකේ ඇමීයි මමායි ඉන්න ෆ්ලෝ එකට යනකොටම පපා මගේ දිහාවට ආවා. ඒ ඇස් තරහින් පිරිලා තිබ්බත් මම මොනවත් නොකර ඇවිදගෙන ගියේ තියටර් එක ගාවට. ඇමී ගෙ පපායි එයාගෙ මල්ලියි එතන ඉන්නකොට මම බිත්තියකට හේත්තු වෙලා අත් දෙක බැඳගත්තා.

"ඇයි මෙච්චර පරක්කු වුණේ ජාන්...  මෙතන ඇක්සිඩන්ට් වුණේ තමුන්ගෙ මමායි ෆියුචර් වයිෆුයි... "

"පපා... මගදි කාර් එක බ්‍රේක්ඩවුන් උනා... "

"මම දන්නෑ ජාන්... තමුන් දැන් වැඩ කරන විදිය අන්තිමයි...."

පපා කියන කිසි දෙයක් නෑසුන ගාණට මම හිටියෙ ඩොක්ටර් එලියට එනකම්. මොකද පපා පෙන්නන තරමට මෙතන කිසි ප්‍රශ්නයක් නෑ කියලා මම දැනගෙන හිටියා. මොකද හැම වෙලාවෙම ඩෙරික්ගෙ මිනිස්සු ඇමී පස්සෙන් ඉන්නකොට එයාලට සුළු තුවාල ඇරෙන්න වෙන දෙයක් නෑ කියන්න පුළුවන් පොටෝස් මම මගේ ඇස් දෙකටම දැක්කා. ඉස්සර නම් මේ දේවල් තේරුම් ගන්න මටත් බැරි වුණත් දැන් සේරම වෙනස් වෙලා...

"සර්ජරි එක සක්සස් මිස්ටර් ශෙන්ග්... "

තියටර් එකෙන් එලියට ආව ඩොක්ටර් කියනකොට මම කල්පනා කලේ සල්ලි නිසා මිනිස්සු මොනවද නොකරන්නේ කියලා. අකවුන්ට් එකට වැටෙන ලොකු ගානක් වෙනුවෙන් මෙච්චර බොරුවක්...

"ඒ වගේම මිස්ටර් ශෙන්ග්... අපිට මිස් ඇමීව චෙක් කරනකොට තව දෙයක් දැනගන්න ලැබුණා. කන්ග්‍රැජුලේශන්ස්... ඔයා සීයා කෙනෙක් වෙන්න යනවා... "

ඒකට නම් පැත්තක හිටිය මගෙත් හුස්ම හිර වෙන්න ආවා. නියමයි... වෙඩින් එකට බෑ කියන්න බැරි වෙන්න හතර අතෙන්ම මාව හිර කරනවා වගේ...

"පපා... මම ගෙදර ගිහින් ආයෙම එන්නම්..."

To be continued

Diavola

ඇත්තටම හුආ වැඩ කලේ කාටත 😶

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories