Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟾

05:49, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ³⁸

'green eyes'

"ආයේ මගේ ඇස් මායිමට එන්න එපා... තමුන්ට ආදරේ කරපු ජාන් මැරුණා...."

"තමුන්ගෙ සුදු මහත්තයා මැරුණා... ඒක නිසා කරුණාකරල මට වද නොදී යන තැනක යනවා. "

සරලවම එයා කිව්වෙ මම එයාට කියපු එකේ අනිත් පැත්ත වෙනකොට මට කර කියාගන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බෙ නෑ. එයා මම තව දුරටත් එතන ඉන්න එක ඉවසන්නෙ නෑ කියලා දන්නවා උනත් මට එයාව දාලා යන්න ඕනි වුණේ නෑ. ඒක නිසාමයි මම එයාගෙ ගාවට ඇවිදගෙන ගියේ.

"ප්ලීස්...  එකම එක පාරක්..."

මම කිව්වෙ එයාගෙ ඇඳ ළඟ බිම වාඩි වෙලා.. එයා දිග හුස්මක් අරගෙන ඇස් දෙක පියා ගන්නකොට මම එයාගෙ කකුල් දෙක ගාවින්ම ඇඳෙන් ඔළුව තියාගත්තා. එයාගෙ අතක් තිබ්බෙ මගේ ගාවම වෙනකොට මට මගේ අත් එයාගෙ අත එක්ක පටලගන්න ආස හිතුනා. ඒත් එහෙම කරොත් එයා මාව එලවලා දායිද කියන දේ මගේ හිතේ පෙරලි කරනකොට මම කතා නොකර එයා දිහා බලාගෙන හිටියා..

"යීබෝ..."

එයා සුදු මහත්තයා කියනවට අකමැති නිසාම මම කතා කලේ එයාගෙ නම කියලා. ඒත් ඉස්සර හ්ම්ම් කියලා කිව්වත් අද එයා එහෙමවත් කිව්වෙ නෑ. ඒ වෙනුවට එයාගෙ ඇස් ඒ පොතට ඇලිලා තිබ්බා. එයා උත්තර දෙනකම් බලාගෙන හිටිය මට ඇහුනේ පොතේ පිටු පෙරළෙන සද්දෙ විතරයි.

"මම දන්නවා සමාව ඉල්ලලා වැඩක් නෑ කියලා. ඒ වෙච්ච දේවල් ආයෙ කවදාවත් වෙනස් කරන්නත් බෑ කියලා. ඒත් මට ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕනි... මගෙයි වැරැද්ද... මම ඒක පිළි ගන්නවා. මට ඔයාව විශ්වාස කරන්න තිබ්බා."

එයා වචනයක්වත් කිව්වෙ නෑ. ඒ වෙනුවට පොතේ තව පිටුවක් පෙරළුනා. මට ඉස්සර පවා දරාගන්න බැරිම වුණේ එයා මාව ගණන් නොගෙන ඉන්න එක. දැනුත් ඒ විදියටම එයා මාව ගණන් නොගෙන ඉන්නකොට මට එයාගෙ අතේ තිබ්බ පොත උදුරලා අරගෙන කෑලි කෑලි වලට ඉරලා දාන්න හිතුනා.

"මට මෙහෙම කරන්න එපා සුදු මහත්තයා... මීට වැඩිය හොඳයි ඔයාගෙ අත් දෙකෙන්ම මාව මරලා දැම්මා නම්..."

ඒ ඇස් ගැස්සුණා... කොච්චර පොතට ඇලිලා ඉන්නවා වගේ හිටියත් එයාගෙ අවදානය තියෙන්නෙ මගේ ගාව කියන එක මට අමුතුවෙන් කියන්න ඕනි වුණේ නෑ. මම කාන්දමක් නම් එයා ඒකට ඇදිලා එන ඇල්පෙනෙත්තක් වගේ තමයි. හිත ඇතුලෙන් සතුටක් දැනුනත් මම ඒක පිටට පෙන්නන්න ගියේ නෑ.

"ඔයා ගිය දවසෙ ඉඳන් මම හිටියෙ සතුටින් කියලා ඔයා හිතනවද... මම ඔයාව රිද්දුවා... මම ඒක පිළිගන්නවා.  ඒත් මට ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ සුදු මහත්තයා.... අවසාන වතාවට ඔයා මට සමාව දෙනවද..."

මම කිව්වෙ බ්ලැන්කට් එකට යට වෙලා තිබ්බ එයාගෙ කකුලක් අල්ලන ගමන්. මම දන්නෙ නෑ එයාට මෙහෙම උනේ කොහොමද කියලා. ඒත් මෙහෙහ කරපු එකෙක්ටවත් මම නිදහසේ ඉන්න ඉඩ දෙන්නෙ නෑ.  ඒ කෙනා කවුරු උනත්...

"ජාන්...."

දොර ඇරෙන සද්දෙට ඒ පැත්ත බලපු මම දැක්කෙ එදා හිටිය ගෑනු කෙනා එක්ක ඇවිත් හිටිය ලින්ග් ලින්ග්.. ඒ ගෑනු කෙනා ට්‍රේ එකක් අරගෙන ඇවිත් තිබුනා.  මගේ ගාවට ආව එයා මට ඒ ට්‍රේ එකේ තිබ්බ ග්ලාස් එකක් අල්ලනකොට මම ඒක අතට ගත්තා. ඒ ගෑනු කෙනා අනිත් ග්ලාස් එක සුදු මහත්තයගෙ අතට දෙන අතරේ මම වීදුරුව තොල් දෙක ගාවට ළං කරගත්තා...

"ජාන්... "

"ඔයාට පයිනැපල් ඇලජික්...."

"ඔයාට තේරෙනවනේ එයා ඔයා ගැන තවමත් හිතනවා  එහෙම නැත්නම් ඔයාට පයිනැපල් ඇලජික් කියලා එයාට මතක තියෙන්න විදියක් නෑනේ. ඔයා  එයාට තව කාලය දෙන්න ජාන්... මම හිතන්නේ නෑ එයා එකපාරටම හිත හදාගනී කියලා..."

උදේ මම ආයෙම එන්න හදනකොට ලින්ග් ලින්ග් කියපු වචන මගේ ඔළුවෙ ආයෙම පිළිරැව් දුන්නා. සමහරවිට එයා හරි ඇති.  අපි ඕනම කෙනෙක්ට දරාගැනීමේ සීමාවක් තියෙනවා.. ඉතිං මම නිසා එයා දුක් වින්දා කියන එක මට අමුතුවෙන් කියන්න ඕන වුණේ නෑ. ඇමී එක්ක මම ක්ලබ් එකේ ඉන්න වෙලාවට එයා බාර් එකට වෙලා තනියම බොන හැටි මම ඕන තරම් දැකලා තිබ්බා. මම එයාව රිද්දුවා නම් මට එයා ආයෙමත් පරණ කෙනා වෙනකම් ඉවසන්නම වෙනවා...

"සර්.... අපි ආවා..."

කායිගෙ කටහඬට මම ආයෙම මේ ලෝකෙට ආවා. වෙලාව බලනකොට තුනයි පනස් හතයි කියලා පෙන්නනකොට වෙලාවට වැඩ කරන එක පුරුද්දක් වුණ නිසාම මම කාර් එකෙන් බැස්සෙ කායි කාර් එක පාක් කරන්න යනකොට. මම හිටියෙ Everglades cafe එක ඉස්සරහ වෙනකොට මම ඉස්සරහට අඩියක් තියනකොටම මම දැක්කෙ මගේ දිහාවට වේගෙන් එන කාර් එකක්..

"ජාන්...... අයින් වෙන්න...."

හේ යොන්ග්.... ආයෙමත් මට මගේ ඉස්සරහම මැරිලා ගිය හේ යොන්ග් මතක් වෙනකොට මම ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. මට එතනින් අයින් වෙන්න ඕනි කියලා දැනුනත් මගේ ඇඟ ඒකට ප්‍රතිචාර දුන්නෙ නෑ. ඒ කාර් එක මගේ ඇඟේ වදින්න ඔන්න මෙන්න තියෙද්දී එකපාරටම කවුරුහරි මාව ඇදලා ගත්තා..

කොළ පාට ඇස් දෙකක්..... ඒ වගේම කළු මාස්ක් එකට වැහිලා ගිය මූණ පුරා ලොකු කැපුම් කැලලක් තිබ්බා. ඒ හිටියෙ මිසිස් ලියාන්ග්ගෙ බොඩිගාඩ්... යීජුන්... එයා හිටියෙ මාව තදට බදාගෙන. එයාගෙ හුස්ම පවා මට දැනෙනකොට මගේ පපුව ගැහෙන සද්දෙ මටම ඇහුනා. එයා තව තත්පරයක් පරක්කු වුණා නම්... මම කියලා කෙනෙක් නැති වෙන්න තිබ්බා.

"තැන්ක් යූ..."

එයාගෙන් මිදුණු මම අමාරුවෙන් වචන ගැළපුවා. ඒත් මම වෙනුවෙන් වචනයක් නාස්ති නොකරපු එයා ඔළුව වනලා කැෆේ එක දිහාවට යනකොට මම එයාගෙ පස්සෙන් ගියා.. මම දැනටමත් විනාඩි දෙකක් පරක්කුයි.

"ගුඩ් ඊව්නින්ග් මිසිස් ලියාන්ග්"

"ගුඩ් ඊව්නින්ග් මිස්ටර් ශියාඕ.  ප්ලීස් ටේක් අ සිට්"

මිසිස් ලියාන්ග් හිටියෙ මම එනකම් බලාගෙන.. එයාගෙ හිනාව මෙච්චර වෙලා මට දැනුනු බය නැති කරලා දානකොට මම හිනා වෙලා එයාගෙ ඉස්සරහින් වාඩි වුණා.

"මේකයි පුතා... මම ඔයාට එන්න කිව්වෙ..."

එයා මට පුතා කියනකොට මට දැනුනේ උණුසුම් හැගීමක්. මම දන්නෑ මට කවදාවත් ඒක දැනිලා තිබ්බෙ නෑ. මගේ මමා තරම් වයසක් එයාට තිබුණත් ඒක නම් එයාගෙන් පොඩ්ඩක්වත් පෙනුනේ නෑ.

"එක්ස්කියුස් මී සර්... "

අලුත් ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්න වගයක් ගැන සාකච්ඡා කර කර හිටිය මගේ ගාවට ආව කායි මගේ කන ගාවට නැවුණා. සාමාන්‍යයෙන් කිසිම වෙලාවක වැදගත් දෙයකට ඇරෙන්න කතා නොකරන එයා මගේ කනට කරලා මුමුණපු දේ එක්ක මට ඉබේටම වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ටුනා.

"මිසිස් ලියාන්ග්... මට දැන් යන්න වෙනවා..."

To be continued

Diavola

ජාන් ඇයි ගියේ 😶

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories