Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟽

05:48, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ³⁷

' 🥺'

ඔයා දවසක පසු තැවෙයි මගේ වස්තුව....

එදාට මේ සේරම ආයෙ හදන්න බැරි තරමටම වෙනස් වෙලා තියෙයි..."

මම හිතන්නේ ඒක ඒ විදියටම උනා. මතක් කරන්න බැරි තරම් වේදනාකාරී අතීතයක් ඇතුලේ මම තවමත් දුක් විඳිනවා.

එදා අවසාන වතාවට මගේ රූම් එක අතුලෙදි මාව කිස් කරපු එයා යන්න යනකොට මම බලාගෙන හිටියෙ ගල් පිළිමයක් වගේ. එයා යනවා කිව්වෙ සදහටම යන්න යනවා කියන එක දැන දැන උනත් මට එයාව නවත්වන්න ඕන වුණේ නෑ. එයා නැතුව මම කොහොම ජීවත් වෙයිද කියන එකවත් මට කල්පනා කරන්න ඕන වුණේ නෑ. ඒත් අවසානෙදි මට කියන්න තියෙන එකම දේ ඒක ගොඩක් අමාරුයි.  ඔයා විශ්වාස කරනවටත් වඩා...

"ජාන්...."

ඇමී ඇවිත් මගේ අතකින් අල්ලගන්නකොට මම එකපාරටම මගේ මතක අතරින් ආයෙම පියවි සිහියට ආවා. මම තවමත් හිටගෙන හිටියෙ පඩිපෙල උඩ..පපා, මමා, ඇමී, එයාගෙ පපා හැමෝම ඉන්නකොට මම ගිහිං එයාලා ඉස්සරහින් වාඩි වුණේ රොබෝ කෙනෙක් වගේ.  මාව දාලා යන්න කිව්වත් ඈතින් ඉදගෙන මගේ දිහා බලාගෙන හිටිය මගේ සුදු මහත්තයට රිද්දන්න මම ඇමී එක්ක යාළු වුණත් කවදාවත් ඒක මෙහෙම මේ විදියට නතර වෙයි කියලා මම බලාපොරොත්තු උනේ නෑ. ඒත් අවසානෙදි මට එයාව මැරි කරන්න වෙන තැනටම හැමදෙයක්ම වෙලා තිබුණා.

"ජාන්... නෙක්ස්ට් මන්ත් වලට ඔයාට අවුරුදු විසි පහක් වෙනවා. ඉතිං එයාගෙ බර්ත්ඩේ එක දවසටම වෙඩින් එක කරන්න අපි හැමෝම කැමතියි. "

පපා කියනකොට මම මොනවත් කියන්න ගියේ නෑ. මෙතනට ඇත්තටම මම කියන කිසිම දෙයක් වැදගත් වෙන්නෙ නෑ. මට මේක කරන්න බෑ කිව්වත් මේ මැරේජ් එක වෙනවා. ඉතිං මොකටද මම වචන නාස්ති කරන්නෙ.

අවසානෙදි ඩිනර් අරගෙන ඇමීයි එයාගෙ ෆැමිලි එකේ අයයි යනකොට මම පුරුදු විදියටම ගියේ රූෆ් ටොප් එකට. මම දන්නෙ නෑ මම මෙතනට ගොඩක් ආස කලා. ඉඳලා හිටලා ආවත් මම වැඩි කාලයක් ගත කලේ මෙතන.

"පුතා..."

පපාගෙ කටහඬ ඇහුනෙ මගේ පිටිපස්සෙන්. ඒත් මම පිටිපස්සට හැරුණේ නෑ. එයා ඇවිත් මගේ පිටිපස්සෙන් නවතිනවා මට දැනුනා.

"මම ඔයාගෙන් පොඩි දෙයක් අහන්නද... "

"අහන්න පපා..."

"ඔයාට ආයෙමත් කවදමහරි යීබෝව හම්බුණාද... "

පපාගෙ ප්‍රශ්නෙත් එක්ක මම එයාගෙ දිහාවට හැරුණා. එයාගෙන් පෙනුනෙ හරි සාමාන්‍ය පෙනුමක් උනත් මට සුදු මහත්තයා හම්බුනා කියන්න හිතුනේ නෑ. ඇයිද කියලා දන්නෑ. මට හිතුනේ නෑ.

"දාලා ගිය මිනිස්සු ගැන හොයන්න මට උවමනාවක් නෑ පපා..."

මම කිව්වෙ රූෆ් ටොප් එකේ රේලින් එකට බර වෙලා. තත්පර ගාණකට පපාගෙ මූණ වෙනස් වුණත් ආයෙමත් ඒක ඉක්මනට එයා හදාගත්තා. පපා හදිස්සියෙන්වත් එයාව කොහෙදි හරි දැකලද

"ඇයි ඔයාට එකපාරටම එයාව මතක් වුණේ. ගෙවිලා ගිය කාලෙටම ඔයා එයා ගැන මතක් කලේ වත් නෑනේ පපා..."

මම ඇහුවෙ පපාගෙ මූණ දිහා බලාගෙන උනත් එයා හරි කෙලින් මගේ දිහා බැලුවෙ නෑ. ඒ වෙනුවට එයා කලේ අහක බලාගෙන දිග හුස්මක් ගත්ත එක.

"ඔයා ටිකක් අමුතුයි වගේ පුතා.  ඉස්සර වගේ නෙවෙයි වෙඩින් එක ගැන කිසි උවමනාවක් නෑ. මම හිතුවේ...."

"එහෙම දෙයක් නෙවෙයි පපා... ඇමී ටිකක් අමුතුයි වගේ... ඒකයි...."

"ජාන්... ප්ලීස් දැන් යන්න..."

මම හිටියෙ සුදු මහත්තයාගේ ගෙදර ඉස්සරහ. මම කොච්චර එයාව හම්බවෙන්න ඕන කිව්වත් ලින්ග් ලින්ග් මට එයාව හම්බවෙන්න දුන්නෙ නෑ. නෑ... ඒක එහෙමමත් නෙවෙයි... එයාට මාව මුණ ගැහෙන්න ඕන වුණේ නෑ.

"එක....ම එක වතා....වක් මට එයා එක්ක කතා කර...න්න දෙන්න ලින්ග් ලින්ග්.... මම ආ...යෙ කවදා....වත් එන්...නෙ න්...නැතුව ඉන්....නම්... "

"ජාන්... කියන දේ අහන්න දරුවෝ..."

මම මගේ සුදු මහත්තයා ගාවට යන්න එයාගෙ ගාව දණින් වැටෙන්න යනකොට මාව අල්ලගත්ත ලින්ග් ලින්ග් කිව්වා. එයාගෙ ඇස් වලත් මගේ වගේම කඳුළු පිරිලා තිබුණා වුණත් එයා හැදුවේ ඒවා මගෙන් හංගගන්න

"ප්ලීස් ජියේ... එකම වතාවක්"

"මම උත්සාහ කරන්නම්...."

ලින්ග් ලින්ග් මාව ඇතුලට ගත්තා. ඒ ගෙදර ලස්සනයි.. හරියට අපි දෙන්නා දවසක ජීවත් වෙන්න හීන මවපු තැන වගේ. මම නැතුව සුදු මහත්තයා ඒ මවපු හීන හැබෑ කරගෙන.  සමහරවිට මම එහෙම තීරණයක් නොගත්තා නම් අද මේ ගෙදර ඉන්නෙ අපි දෙන්නා වෙන්න පුළුවන්..

"යීබෝ.... "

"ඇතුලට එන්න ලින්ග් ලින්ග් "

ලින්ග් ලින්ග් දොර ගාවට ගිහිං එයාට කතා කලේ මමත් එයාගේ පස්සෙන් යනකොට. එයා එන්න කියනකොට මටත් එන්න කියලා ඔළුවෙන් කියාගෙන ම ලින්ග් ලින්ග් ඇතුලට ගියා. මම යනකොට සුදු මහත්තයා හිටියෙ ඇඳේ හාන්සි වෙලා පොතක් බලන ගමන්. එයාව දකිනකොට මට මතක් වුණේ එයා මගේ බොඩිගාඩ් වුණ මුල්ම කාලේ. ඒ කාලෙ එයා මෙහෙමම පොතක් අතේ තියාගෙන මගේ දිහා බලාගෙන හිටියා..

"ය්...යීබෝ"

කොච්චර කොහොම උනත් එයා ගාවට ගියාම ලින්ග් ලින්ග් ටත් වචන පැටලෙනකොට එයා හැරිලා බැලුවා. ඒත් ලින්ග් ලින්ග් පිටිපස්සෙන් හිටිය මම දකිනකොට ඒ ඇස් හීනි වුණා වගේම එයා අතේ තිබ්බ පොත වහලා මගේ දිහා බැලුවා.

"මොකක්ද මේකෙ තේරුම ලින්ග් ලින්ග්. මම කිව්වා මට මේ මනුස්සයව දකින්න ඕන නෑ කියලා..  "

"ඒත් යීබෝ "

"ලින්ග් ලින්ග් මම කිව්වා..."

"යීබෝ... එකපාරක් එයාට කතා කරන්න දෙන්න...."

ලින්ග් ලින්ග් කිව්වෙ මාව දොරෙන් ඇතුළට ඇදලා අරගෙන. මාව ඇතුලට දාලා එයා දොර වහගෙන යන්න ගියේ සුදු මහත්තයා මම කියලා කෙනෙක් ඉන්නවද කියලා ගානක්වත් නැතුව ආයෙම පොත පෙරල ගන්නකොට. මගේ ඇස් එයාගෙ රූම් එක වටේට ගියා.  ඒකෙ කිසිම වෙනසක් තිබ්බෙ නෑ. සරලයි.  ඒත් ඒකෙ ලින්ග් ලින්ග් ට අයිති කියන්න පුළුවන් කිසි දෙයක් තිබ්බෙ නෑ. සමහරවිට ඒ දෙන්නා ඉන්නෙ වෙන වෙනමද

"ය්...යීබෝ ග්..ග'ගා"

මම.එයාට කතා කලත් එයා ඇහුනේ නෑ වගේ ඉන්නකොට මම එයා ගාවට ඇවිදගෙන ගියා. එයා ඉස්සර හිටියා වගේමයි. එදා ඈතට දැක්කත් අද එයාව ළඟින්ම දකිනකොට මට එයාගෙ තිබ්බ පුංචි වෙනස්කම් පවා හොඳට පෙනුනා. ඒ ඇස්... දවස් ගාණක් නිදි නෑ වගේ රතු වෙලා තියෙනකොට එයාගෙන් මම දැක්කෙ මහන්සි පාටක්.

"ස්..සුදු ම්..මහත්...තයා"

ඒ පාර ඒ ඇස් මගේ දිහාවට හැරුණා උනත් එයාගෙ ඇස්වල ඉස්සෙල්ලා තිබ්බ නිවුණු පෙනුම තිබ්බෙ නෑ. ඒ වෙනුවට ඒ ඇස් තරහින් පිරිලා තියෙනකොට එයාගෙ අතේ තිබ්බ පොතේ පිටු එයාගෙ ඇඟිලි වලට පොඩි වෙලා ගියා.

"තමුන්ගෙ සුදු මහත්තයා මැරුණා... ඒක නිසා කරුණාකරල මට වද නොදී යන තැනක යනවා. "

To be continued

Diavola

20 k views ඇවිත් 🥺. ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..

මේක මම කෙනෙක්ට පෙන්නුවම එයා කිව්වා ලාහට ගෙම්බො එකතු කරනවා වගේ දීලත් 20 k ආවම එකම ලොකු දෙයක් කියලා😹💥

ජාන් ගෙ පපා ගැන මොනවද හිතෙන්නේ 🎤

ලින්ග් ලින්ග් ඇත්තටම කුජු මාච්චයව බැදලත

ලින්ග් ලින්ග් කවුද කියලා හරියටම ගෙස් කලොත් අද ඩබල් අප්ඩේට් දෙනවා මේක ඇර 🙂

බායි

මීට

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories