𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟼
05:48, 1 October 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ³⁶'දවසක'
"ඔයා නියමෙට ජාන්ව කන්ට්‍රෝල් කරනවා යීබෝ."
හෙලෝ කියන්නත් කලින් ඇහුණ කටහඬ එක්ක මම ගල් ගැහුණා. අඳුරගත්තද... මම හිතන්නෙ මට වඩා හොඳට ඒ කටහඬ අඳුරන තව කෙනෙක් නෑ කියලා. මමා... මෙච්චර දවසක් මම පව් කියලා අනුකම්පා කලා. මගේ පපාට එයා නිසා මම නිකරුනේ වෛර කරන්න පෙළඹුනා. ඒත් අවසාන මොහොතේ එයා මට එයා ගැන තිබ්බ යන්තම් හරි හොඳ හැගීම් සේරම නැත්තටම නැති කරලා දැම්මා. මෙච්චර කාලයක් මම විශ්වාස කරපු මගේ සුදු මහත්තයා එක්කම.
විශ්වාසය හරියට වීදුරුවක් වගේ. ඒකෙ පුංචිම හරි ඉරක් ගියත් ආයෙ ඒක තිබ්බ තත්වෙට ආයෙමත් ගන්න බෑ. කොහොම කලත් ඒක බිඳෙන්න හේතු වෙන්නෙ ඒ පළුද්ද. මෙතනත් උනේ ඒ වගේ දෙයක්. මම එයාව විශ්වාස කලා. හරියට අන්ධයෙක් වගේ. එයා මොනවා කලත් මට ඒ සේරම හරි කියලා දැනුනා. එයා වෙනුවෙන් මගේ මුළු පවුලම හැම දෙයක්ම අතාරින්න පවා ලෑස්ති වෙලා හිටිය මට මමා කියපු දේ ඇහෙනකොට දැනුනේ මගේ හැම හීනයක්ම බිඳිලා යනවා වගේ.
"මටවත් මෙච්චර කාලයක් තිස්සේ කරන්න බැරි වුණ දේ ඔයා කලා. දැන් තියෙන්නේ ප්ලෑන් කරලා තියෙන විදියට ඔයාට ජාන්ව අත්හරින්න විතරයි..."
එකපාරටම ඉකියක් පිට වෙන්න එනකොට මම අතින් කට තද කරලා වහගත්තා. කඳුළු නවතින්නෙ නැතුව මගේ කම්මුල් දිගේ පහලට වැටෙනකොට මම හිටගෙන ඉන්න වාරු නැතුව ඇඳේ වාඩි වුණා. මෙච්චර දවසක් තිබ්බ දරාගන්න බැරි ඔළුවෙ කැක්කුම තව තව වැඩි වෙනකොට මට එයා මගේ අතින් පෝන් එක උදුරලා ගන්නවා වත් මට දැනුනේ නෑ.
"බබා... ඇයි මේ..."
චටාස්....
මම දන්නෑ මම කොහොමද එහෙම කලේ කියලා. මගේ අතක් නැවතුනේ එයාගෙ කම්මුලක වෙනකොට එයාව තල්ලු කරපු පාරට එයා මට අරගෙන ආව දුම් දාන නූඩ්ල්ස් එක රූම් එකේ බිමට දාලා තිබුණ කාපට් එක පුරා හැලිලා ගියා.
"බ්...බබා..."
"මෙච්චර කාලයක් බබා උනාට මම දැන් එහෙම නෑ වන්ග් යීබෝ... තමුන්ට මෙච්චර කාලයක් මාව රවට්ටන්න පුළුවන් උනාට තවත් බෑ... "
එයා ඇඳගෙන හිටිය ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙන මම කිව්වෙ ඇස් දෙකෙන් ගිනි පිටවෙන තරමට මට තරහක් දැනෙනකොට. මම දන්නෙ නෑ මට මොනවා වෙනවද කියලා. ඒත් මට එයාව එතනම මරලා දාන්න තරම් තරහක් දැනුනා.
"ජ්... ජාන්... ඇයි මේ"
"මට ඇත්ත කියනවා වන්ග් යීබෝ... තමුසෙ වැඩ කරන්නෙ මගේ මමාටද..."
ඒ ඇස් මගේ මූණ පුරා දිව්වෙ කලබලෙන් වගේ . ඊළඟට එයා මට ආව කෝල් එකේ කෝලර් අයි ඩී එක බලනකොට ඒ ඇස් ඉබේටම ලොකු උනා. සමහරවිට එයා මම මේක දැනගනී කියලා හිතන්න නැතුව ඇති. ඔව් ඉතිං.. මම මෝඩයෙක් වගේ එයාව විශ්වාස කලා. හැමෝටම වඩා...
"ජ්..ජාන් ඔ..ඔයා"
"මට ඇත්ත කියනවා..."
මම කිව්වෙ නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ ටේබල් ලෑම්ප් එක උස්සලා අරගෙන ඩ්‍රෙසින් ටේබල් එකට දමලා ගහන ගමන්. මට ඇත්තටම ඒකෙන් එයාට ගහන්න ඕන වුණත් මම දන්නෑ මට හයියක් තිබ්බෙ නෑ...
"ජ්...ජාන්... බබා කියන දේ"
"ඇත්ත කියනවා.. තමුසෙ වැඩ කරන්නෙ මගේ මමාටද... "
"ඔව්...ඒත්..."
මට දැනුනේ මුළු ලෝකයම නතර වුණා වගේ. එයා අවසානෙදි පිළි ගත්තා. එයා වැඩ කරන්නෙ මගේ මමාට කියලා. මම අඬන්නද හිනා වෙන්නද... මම දන්නෙ නෑ. කදුළු අතරින් මම මහ හයියෙන් හිනා වෙනකොට එයා මාව තුරුළු කරගන්න හැදුවත් මම එයාව තල්ලු කරලා දැම්මා.
"මාව අල්ලන්න එපා... ජරා මිනිහා..."
"ම්..මම ජ්..ජරා ම්..මිනිහෙක්...ද ම්..මගෙ වස්...තුව "
කවදාවත් හැඟීමක් නොදකින ඒ ඇස් කඳුළු වලින් පිරිලා තියෙනකොට මම අහක බලාගත්තා. එයා මාව රැවැට්ටුවා කියන දේ මට තව දුරටත් දරාගන්න බැරි වෙනකොට මම අත් දෙකෙන්ම කොණ්ඩෙ අල්ලගෙන කෑ ගැහුවෙ පිස්සෙක් වගේ..
"මට පේන්නවත් ඉන්නෙ නැතුව පලයන්..."
පැය ගාණකට පස්සේ ආයෙමත් එයා දොර ඇරගෙන ආවත් මම හිටියෙ ඩ්‍රෙසින් ටේබල් එක ගාව බිම වාඩි වෙලා. ඒ වෙලාවෙ යන්න ගියත් එයා ආයෙමත් එනවා කියලා මම දැනගෙන හිටියා. ඒක නිසාමයි මම ඒකට ලෑස්ති වුණේ...
"මගේ වස්තුව... පොඩ්ඩක් මම කියන දේ"
"මට තමුන් කියන කිසි දෙයක් අහන්න ඕන නෑ. මගේ මමා කියන ගෑනි එක්ක එකතු වෙලා මාව මරන්න හදපු තමුන් වගේ එකෙක් මට ඕනි නෑ... "
"ජාන්..."
එයාගෙ කටහඬ උස් වෙනකොට මම කට කොනින් හිනා වෙන ගමන් එයා දිහා බැලුවා. ඒ ඇස් තරහටම රතු පාටට හැරෙන්න අරගෙන තිබ්බා. තද වෙච්ච කම්මුල් එයා ඉන්නෙ වේදනාවෙන් කියලා කිව්වත් මට ඒක ගැන පොඩ්ඩක්වත් අනුකම්පාවක් දුකක් දැනුනේ නෑ..
"තමුසෙට ඕනි දේ ලැබුණනෙ. අඩුවක් නැතුව... තව මොනවද ඕනි... මම මැරෙනවා දකින්නද..."
"ජාන්... තව වචනයක්වත් කියන්න එපා... මම කියන දේ අහන්න"
"තව මොනවද අහන්න තියෙන්නෙ... මගෙ සුදු මහත්තයා... ම්ම්ම්... මගේ මමා එක්ක එකතුවෙලා මාව මරන්න හදපු හැටි ගැනද..."
"ජාන්... දෙයියන්ගෙ නාමෙට කියන දේ අහනවා..."
"තමුන් හිතනවද ආයෙම මම තමුන්ව විශ්වාස කරයි කියලා... කොහෙත්ම නෑ... මම ජීවත් වෙලා ඉන්නවා දකින්න යන්තම් හරි ආසාවක් තියෙනවා නම් මෙතනින් යනවා..."
මම කිව්වෙ බිඳිලා ගිහින් තිබ්බ ඩ්‍රෙසින් ටේබල් එකේ වීදුරු කෑල්ලක් මගේ බෙල්ලෙ තද කරගෙන. එයාගෙ ඇස් ගැස්සුණා. ඉබේටම එයාට අඩියක් පස්සට ගැනුනා.
"ඒ.. තරම....ටම මා....ව අප්....පිරියයිද"
ඒ කටහඬ හිතාගන්න බැරි තරමට බිඳිලා ගිහින් තිබුණා. මම කවදාවත් එයාව මෙහෙම දකින්න බලාපොරොත්තු වුණේ නෑ. ඒත් කවදාවත් අපි හිතන දෙයක් ඒ විදියටම වෙන්නෙ නෑ...
"ආයේ මගේ ඇස් මායිමට එන්න එපා... තමුන්ට ආදරේ කරපු ජාන් මැරුණා...."
වැරදීමකින් වගේ මගේ බෙල්ලෙ තද වෙලා තිබ්බ වීදුරු කටුවට හීරුණු මගේ බෙල්ලෙන් ලේ එනකොට එයා ගොඩක් කලබල උනා. මගේ අතට ගහපු පාරට වීදුරු කටුව කොහාටද විසි වෙලා යනකොට මාව තද වුණේ එයාගෙ පපුවට. මම ආස කරපු විදියටම එයාගෙ තොල් මගේ නළල උඩින් තද වුණත් එයා හරි ඉක්මනට මාව එයාගෙන් ඈත් කලා...
"ඔයා දවසක පසු තැවෙයි මගේ වස්තුව....
එදාට මේ සේරම ආයෙ හදන්න බැරි තරමටම වෙනස් වෙලා තියෙයි..."
To be continued....
Diavola
ආයෙ රෑට ඈ...
ඊට පස්සේ මොකක් වෙන්න ඇතිද....
There are no comments yet. Log in to be the first to leave a review!





