𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟸
05:47, 1 October 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ³²
' මමා '
"ඇමී"
මට දොර ගාවට වෙලා පෝන් එක දිහා බලාගෙන ඉන්න ඇමීව දකිනකොට කියවුණා. දොර අරින්න පුළුවන් මගෙයි කායිගෙයි ෆින්ගර් ෆ්‍රින්ට් එකට විතරක් වෙනකොට ඇමීට සිද්ධ වෙන්නෙ ආවා නම් එලියට වෙලා අපි දෙන්නගෙන් කවුරු හරි එනකම් බලාගෙන ඉන්න. පෝන් එකත් කනේ ගහගෙන ඉවසිල්ලක් නැතුව එහෙට මෙහෙට ඇමී ඇවිදින දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය මම යූ බින් දිහා බලනකොට මට ඇහුනේ ඇමීගෙ හයි හීල්ස් වල සද්දෙ.
"ජාන්..."
මාව ඈතින් දකිනකොටම වගේ ඇමී මගේ දිහාවට දුවගෙන ආවා. ඇත්තටම එයා අද හැසිරෙන විදිය හරි අමුතුයි. මොකද අපි අතරේ රණ්ඩුවක් ඇති වෙන හැම වෙලාවෙම මමයි ආයෙමත් මුලින්ම එයාට කතා කරන්නෙ. වැරැද්ද කරන්නෙ එයා උනත් මම උනත්. ඒත් ඇමී දැන් හැසිරෙන විදිය... ඒක හරි අමුතුයි...
"ජාන්.... අ'ම් සෝ සොරි බේබි... මට තිබුණා එහෙම නොකර ඉන්න... "
ඇමී මගේ අතේ එල්ලිලා මට තුරුළු වෙන්න හදනකොට බිනා ඇහි බැම උස්සලා මගෙන් ඇයිද ඇහුවා. මම හෙමිහිට ඔළුව වැනුවේ හේතුව දන්නෙ නෑ කියන්න. මට මේ වෙලාවේ කොච්චර කල්පනා කරන්න දේවල් තියෙනවා උනත් ඇමීව මම මගෙන් අයින් කරේ නෑ.
"ඒක වෙලා ඉවරයි නෙ බේබි ගර්ල්... මම ඒක අමතක කලා. "
මම කිව්වෙ දොර අරින ගමන්. කායි වගේම යූ බින් ලිවින් රූම් එකට වෙලා ටීවි එක ඔන් කරන සද්දෙ ඇහෙනකොට මම ඇමීව එක්කගෙන මගේ රූම් එකට ගියා. ඇමී ගිහින් ඇදෙන් වාඩි වෙනකොට ඩ්‍රෙසින් ටේබල් එක ගාවට ගිය මම තේ තිබ්බ wrist watch එක ගලවලා ඒක උඩින් තිබ්බා. ටයි එක ගලවලා උඩ බට්න්ස් දෙකත් ගලවලා දාන ගමන් මම ඇමීගෙ දිහා හැරිලා බැලුවා..
"ඇයි මේ වෙලාවේ ආවේ... මම ඔෆිස් එකෙන් එන්න පරක්කු වුණා නම්..."
මම ඇමීගෙන් ඇහුවේ ඇමී ආවේ එයාට ඔත්තු දෙන අයගෙන් මම ඔෆිස් එකෙන් එලියට ආවා කියලා දැනගෙන කියලා මට පොඩි සැකයක් ඇති වෙච්ච නිසා. එක්කො සැක කරන්න දෙයක් නෑනේ. අනිවාර්යයෙන්ම වෙන්න ඇත්තෙ ඒක තමයි.
"ජාන්... මට ඉක්මනට මැරි කරන්න ඕන..."
ඒත් ඇමී කිව්වෙ මම හීනෙකින්වත් නොහිතපු දෙයක්. තව මාසෙකින් විතර අපි මැරි කරන්න ඉන්නවා තමයි. ඒත් එයාට ඇයි ඒක ඉක්මන් කරන්න ඕන වෙලා තියෙන්නේ...
"ඒත් මෙච්චර ඉක්මනට ඇයි... අපි කොහොමත් තව මාසෙකට පස්සෙ මැරි කරනවා. "
මම කිව්වෙ ඇමීගෙ එහා පැත්තෙන් වාඩි වෙන ගමන්. මගේ ඇස් ඇමීව ස්කෑන් කරන්න පටන් ගත්තා. එයා ඇයි කලබලෙන් වගේ. හරියට නිකන් වෙඩින් එකට කලින් ප්‍රෙග්නන්ට් වෙච්ච කෙනෙක් වගේ. බැරිවෙලාවත්... නෑ මම ප්රටෙක්ශන්ස් යූස් කලානේ. සමහරවිට මෙයා මම ආයෙම සුදු මහත්තයා හොයාගත්තා කියලා දැනගෙන වත් ද...
"ඒත් බේබි... මට හරි අමුතු බයක් දැනෙනවා.. ඔයා මගෙන් ඈත් වෙලා වගේ..."
ඇමී කිව්වෙ මගේ උරහිස උඩින් ඔළුව තියාගෙන... යෝහ්... මෙයාගෙ ඕවර් ඇක්ටින් එක්ක මටත් එපා වෙනවා. කෙලින්ම හේතුව කිව්වා නම් ඉවරයිනේ. සමහරවිට එයාගෙ ගෙදරින් ඇමීට බඳින්න බල කරනවද.. ශෙන්ග් ගෘප් එක එන්න එන්නම bankrupt වෙන්න වී වෙනවා කියලා මට ආව ආරංචි එක්ක ඒක එහෙම වෙන්න සීයට අනූවක සම්භාවිතාවක් තියෙනවා...
"හරි... අපි පුළුවන් ඉක්මනට බඳිමු..."
***
"ජාන් බේබි...."
මම ගෙදරට අඩිය තියනකොටම ආන්ටි ශෙන්ග් දුවගෙන ඇවිත් මාව බදා ගත්තා. මම ගෙදරට ආවේ අවුරුදු දෙකකට පස්සෙ විතර වෙනකොට එයාට මාව දැකලා සතුටු හිතෙන්න ඇති. මගේ ඇස් ගේ පුරාම ගියා. ලොකු වෙනසක් වෙලා නෑ. අලුත් මූණු දෙක තුනක් මගේ ඇස්වලට අහු වෙනකොට මට මතක් වුණේ මේකට කලින් මේඩ් කෙනෙක් වගේ රිංගගත්ත හුආව.. අහිංසකයෙක් වගේ රඟපාලා සේරම විනාශ කරලා දැම්මා. මේ අලුත් මේඩ්ලත් එහෙම උනොත් මම සේරමලා පේලියට හිටවලා වෙඩි තියනවා...
"ආන්ටි ශෙන්ග්..."
"මගේ කොල්ලා ඇදිලා ගිහින්..."
මගේ අත් පය අත ගාන ගමන් එයා කිව්වා. ඉදලා හිටලා මාව බලන්න එයා ආවමත් කියන්නෙ ඕකම තමයි. අම්මලට කොච්චර කොහොම හොඳට හිටියත් ගෙදරින් පිට ඉදලා එනකොට ළමයින්ව පේන්නෙ කෙට්ටු වෙලා වගේලුනේ. මම හිතන්නේ එයාටත් මාව පේන්නෙම එහෙම වෙන්න ඇති. මගේ මමා නොවුණත් මට මමා වුණේ එයානෙ..
"එහෙම නෑ අනේ... කෝ පපා ඉන්නවද..."
"ලොකු මහත්තයා උඩ ලයිබ්රි එකේ..."
මම උඩට යන්න හැදුවත් ආයෙම පහළ තියෙන ටූත්ලසයට දීලා තියෙන රූම් එකට ගියා. ඉස්සර කොහොම ඌව තුරුළු කරගෙන හිටියත් මම ගෙදරින් ඈත් වෙනකොට මම ඌව ගෙනිච්චෙ නෑ. ඒකා හැදුනේ මේ ගෙදර. ඒ වගේම මම ඔෆිස් යනකොට එයාව බලාගන්න කවුරුවත් නෑනේ...
"මියෑව්..."
මම දකිනකොට ටූත්ලසයා නෑ ගැහුවත් ඉස්සර වගේ ඇඟේ එකෙන් ආවෙ නෑ. එයා දැන් ලොකුයි. අම්මා කෙනෙක්. යක් පැටවු තුන්දෙනෙක් ඉන්නවා 😂
(A/N චූච්ලසයට තුන් දෙනෙක් ඉන්නෝ)
මම ටිකක් වෙලා ටූත්ලසයවත් හුරතල් කරලා උඩට ගියා. ඒත් මගේ කාමරේට යන්න ගිය මම දොරක් ගාවින් නැවතුනා. මගේ පරණ රූම් එක. මමයි මගේ Cudu mahaththaya යි හිටිය තැන.. මම එයාගෙ වුණ තැන.. එයා මට ආදරෙයි කියපු තැන වගේම
එයා මාව දාලා ගිය තැන....
අවුරුදු දෙක හමාරක් පුරාම මම ඒ කාමරේ ඇතුලට ගියේ නෑ. නෑ. එයා දාලා ගිය දවසෙ ඉඳන් මම ඇතුලට ගියේ නෑ. ඒත් මට අයෙම ඇතුළට යන්න ඕන උනා. මම දොර අරින්න නොබ් එකට අත තියනකොටම මට ඇහුනේ මේඩ් කෙනෙක් කතා කරනවා.
"යන්ග් මාස්ටර් ජාන්... මාස්ටර් ශියාඕ ඔයාට පහලට එන්න කිව්වා..."
දොර අරින්න ගිය මම ආයෙමත් ඒක අතෑරලා දාලා පහලට ආවා. පහළින් කීප දෙනෙක්ගෙ කටහඬවල් ඇහෙනකොට කවුරු හරි ඇවිත් කියලා මට තේරුණා. ඒත් කවුද...
පඩිපෙලේ බාගයක් විතර පහලට බහිනකොට ඇවිත් හිටිය අය දැකලා මම එතනම නැවතුනා. ඇමී ගෙ පවුලේ අය... එයාගෙ ඩැඩා, මල්ලි පහු කරගෙන ගිය මගේ ඇස් එක තැනක නැවතුනා... අවුරුදු දෙකකට පස්සෙ එයා ආයෙම....
Ex මිසිස් ශියාඕ..
මිසිස් යන්ග් සි....
නැත්තම් මම ඇමීගෙ ස්ටෙප් මම් කියන්නද...
To be continued....
Diavola
සප්‍රායිස්....
කමෙන්ට් 50ක් තිබ්බොත් බෝනස් එකක් දෙනවා 😂
There are no comments yet. Log in to be the first to leave a review!





