Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟹𝟷

05:47, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ³¹

'Cudu mahaththaya '

සමහර වෙලාවට අපි හීන දකිනවා. රෑට විතරක් නෙවෙයි දවල්ට උනත්. ඒ හීනවලට හේතු කාරකය වෙන්නෙ අපේ යටි හිතේ තියෙන දේවල් කියනවා. මටත් දැනුනේ මම ඒ වගේ හීනයක් අස්සෙ හිර වෙලා කියලා.

ඒත්

ඒක හීනයක් උනේ නෑ.

ලින්ග් ලින්ග් එතන ඇත්තටම හිටියා.

ලින්ග් ලින්ග්... මගේ සුදු මහත්තයා ගෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්. එයා මගේ ඉස්සරහ හිටගෙන හිටියා. පුදුමෙන් ලොකු වෙච්ච ඇස් දෙකකින් මගේ දිහා බලාගෙන.  සුදු මහත්තයා දකින්න බලාපොරොත්තුවෙන් ආවා උනත් එයා වෙනුවට මට මුණ ගැහුනේ වෙන කෙනෙක්.

"ජ්...ජාන්..."

ඒ ලින්ග් ලින්ග් ම තමයි. එයා මාව අඳුරගත්තා කියලා මට තේරුණේ එයාට මම දැක්කා විතරයි මගේ නම මිමිනෙන කොට. මගේ ඇස් එයාව උඩ ඉඳන් පහලට ස්කෑන් කලා. ඉස්සර උනත් මට ඉරිසියා හිතෙන්න තරම් ලින්ග් ලින්ග් ලස්සනයි. ඒත් එයා ප්‍රෙග්නන්ට් නිසාද මන්දා ඉස්සරට වඩා එයාගෙ පිරුණු පෙනුමක් තිබ්බා. එයා හිටියට වඩා ගොඩක් ලස්සන වෙලා.

ලින්ග් ලින්ග් ව ස්කෑන් කර කර හිටිය මගේ ඇස් නැවතුනේ එයාගෙ බේබි බම්ප් එක උඩින්. එයාගෙ බේබි බම්ප් එකට දැන් මාස හයක් විතර වෙනවා ඇති. මොකද මට එයා ඇඳගෙන හිට්‍රි සැහැල්ලු ගවුම අතරින් උනත් එයාගෙ බේබි බම්ප් එක පැහැදිලිව පෙනුනා. ඒ බබා... එයා මගේ සුදු මහත්තයාගෙද...

විනාඩියක් දෙකක් යන්න ඇති. මම බිනා දිහාවට හැරෙනකොට එයා අනිත් පැත්ත බලාගත්තා. හරියට එයා කලින් දැනගෙන හිටියා වගේ. වගේ නෙවෙයි එයා දන්නවා. එයා මට ඒක කියන්න උත්සාහ කලා උනත් මට අහන්න ඕන වුනේ නෑ. ඉබේටම උඩට ගත්ත හුස්ම බරට පහළට වැටෙනකොට මම තැන් තැන්වලට විසිරිලා තිබ්බ මගේ ශක්තිය එකතු කරේ මගේ සුදු මහත්තයා ගැන අහන්න. අඩුම ගානේ එකපාරක් මට එයාව බලන්න ලැබෙනවා නම්...

"ලින්ග් ලින්ග්... කවුද ආවේ..."

ඒ... ඒ මගේ සුදු මහත්තයා... කොයිතරම් කට්ටිය කතා කරන තැනකදි උනත් මට එකපාරින් එයාගෙ කටහඬ අඳුරගන්න පුළුවන් වෙන එකේ මෙතනදි මට එයාව අදුරගන්න බැරි වෙයිද... ඒත් එයා ලින්ග් ලින්ග් ට කතා කරනකොට මට එයාගෙ ගාවට යන්න තිබ්බ ධෛර්යය බිංදුවටම හිඳිලා ගියා. එයා ඇත්තටම දැන් මට අයිති නැද්ද...

"ය්...යී බෝ.. ම්..මේ"

ලින්ග් ලින්ග් ට වචන පැටළුනා. එයා පිටිපස්සට හැරෙනකොට ඈත් වෙච්ච පුංචි ඉඩෙන් අවුරුදු දෙකයි මාස හතයි දවස් දෙකකට පස්සෙ... එහෙමත් නැත්නම් දවස් නවසිය හතළිස් හතරකට පස්සේ මම එයාව දැක්කා. ඒත් ඒ මම එයාව දකින්න බලාපොරොත්තු වුණු විදියට නෙවෙයි...

එයා ඉස්සර වගේමයි. ඒත් පුංචි වෙනස්කම් දෙක තුනක් තිබ්බා. එයාගෙ ආදරෙන් පිරුණු ඇස්... තව දුරටත් ඒවා මම වෙනුවෙන් ආදරෙන් පිරිලා තිබ්බෙ නෑ. ඒවා කිසිම හැඟීමක් නැතුව මගේ දිහා බලාගෙන හිටියා. අඩුම ගානේ එයාට මාව දකිනකොට පුදුමයක් වත් ඇති උනේ නෑ.

"ස්...සුදු මහත්තයා..."

මට මිමිණුනා. ලින්ග් ලින්ග් මට එයා ගාවට යන්න කියන්නද මන්දා දොර ගාවින්ම ඈත් වුණත් මගේ කකුල් ඉස්සරහට ගන්න බැරුව ගල් වෙලා තිබ්බා. එයා මගේ දිහා තත්පර දෙක තුනක් බලාගෙන ඉන්න ඇති. ඒත් ඊට පස්සේ එයා එයාගෙ වීල් චෙයාර් එකේ වීල්ස් අත් දෙකෙන්ම කරකවලා අනිත් පැත්තට හැරුණේ මගේ හදවත කෑලි කෑලි වලට බිඳලා දාලා. හරියට එයාට මාව ආයෙමත් දකින්න ඕනි නෑ කියලා මට නොකියා කියනවා වගේ.

"ස්... සුදු ම්..මහ..."

මම එයාගෙ පස්සෙන් යන්න හැදුවා උනත් ලින්ග් ලින්ග් මගේ අතින් අල්ලගත්තා. ඒ මූණේ අනුකම්පාවක් පිරිලා තිබුණා. ඒත් මට ඒ වෙලාවෙ ඒක ගැන හිතන්න ඕනි වුණේ නෑ. මට ඕනි වුනේ මගේ සුදු මහත්තයා ගාවට යන්න.

"ජාන්... මම හිතන්නේ ඔයා දැන් ගියොත් හොදයි"

යන්න... ඒත් ඇයි... අවුරුදු දෙක හමාරකට පස්සෙයි මම එයාව දැක්කෙ. එයාට මොකක්ද වුණේ ඇයි එයා වීල් චෙයාර් එකක ඉන්නෙ කියලා මට දැනගන්න ඕන... මම ලින්ග් ලින්ග් ගෙ  අතින් මගේ අත් මුදවගත්තත් එයා ආයෙමත් මාව අල්ලගත්තා.

"මට යන්න දෙන්න..."

"ජාන්... පොඩ්ඩක් කියන දේ අහන්න."

ඒ බිනා. එයත් ලින්ග් ලින්ග් ගෙ පැත්තට කතා කරනකොට මට තරහ යන්න ආවා. ඇයි හැමෝම මාව එයාගෙන් ඈත් කරන්න හදන්නෙ.. මට එයාව ඕනි... මෙච්චර කාලයක් නැතුව හිටියත් මට එයා නැතුව තවත් තත්පරයක් වත් ඉන්න බෑ...

"මොකක්ද කියන්නෙ..."

මම ඇහුවේ පුළුවන් තරම් කේන්තිය පාලනය කරගෙන උනත් ඒකට ලින්ග් ලින්ග් ගැස්සිලා ගියා. එයාගෙ අතක් එයාගෙ බේබි බම්ප් එක උඩ නවතිනකොටයි මට තේරුණේ මම කරපු මෝඩකම. මට එයාගෙන් සමාව ඉල්ලන්න ඕනි වුණත් මට ඒක කරන්න ඕනි කොහොමද කියලා තේරුණේ නෑ.

'"ජාන්... එයා ගොඩක් අමාරුවෙන් හිත හදාගත්තෙ..  ප්ලීස් එයාව තවත් වට්ටන්න එපා..."

මම කවදාවත් ලින්ග් ලින්ග් මගේ ඉස්සරහ ඒ විදියට බෙග් කරයි කියලා හිතුවේ නෑ. එයාගෙ මූන දකින කොට මට එයාට බෑ කියන්න හිතුනේ නෑ. ඒත් මට සුදු මහත්තයා දාලා යන්න හිතුනෙත් නෑ.

"ඒත්..."

'කාලයට ඉඩ දෙන්න... හැම දෙයක්ම හොඳින් විසඳෙයි..."

------

"ජාන්..."

"...."

'කතා කරපන්කො පගයෝ..."

"...."

"ජානෝ..."

බින් කොච්චර කතා කලත් මම ඒකට උත්තර දුන්නෙ නෑ. අපි දෙන්නා වගේම කායිත් හිටියෙ මගේ අපාර්ට්මන්ට් එකට යන ලිෆ්ට් එකේ. මට ඕනි උනේ කවුරුවත් නැති මගේ රූම් එකට වෙලා තනි වෙන්න. ලිෆ්ට් එකෙන් එලියට ආව ගමන්ම මගේ අපාර්ට්මන්ට් එන පැත්තට ඇවිදගෙන ගිය මම එකපාරටම නැවතුනා...

ඇමී....

එයා මොනවද මෙතන කරන්නෙ...

To be continued

Hi Dandelions... Anastasia is back 😂

ඇමී ආවේ ඇයි 🎤

මේක 40 න් ඉවර කරන්නත තව ටිකක් ඕනිත

ඔයාලා එක්ක කිසි දෙයක් කරන්න බෑනේ. ඔයාලා මම නිකමට අහපු ප්‍රශ්නෙත් මොකක්ද කියලා හරියට හොයාගන තිබ්බා නේ 😂

මෙහෙමයි ඉතිං...

මට reader request දෙකක් ඇවිත් තියෙනවා..

1 Arrange Marriage

2 Idol x Anti-fan

මම කවර්ස් දෙක නම් හැදුවා. මොකද මොන කතාව ලියන්නත් කලින් මම හිතට සෙට් වෙන කවර් හදනවා.

මට මුලින්ම ලියන එක හිතාගන්න බෑ. ඔයාලා කැමති එක කියන්න.

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories