𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟸𝟼
05:41, 1 October 2024𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜
ᶜʰᵃᵖᵗᵉʳ ²⁶' My love '
"Everglades එකට..."
මම කිව්වෙ කාර් එකට නගින ගමන්. අතේ අරගෙන ආව බ්ලේසර් එක ශීට් එක උඩට දාපු මම ටැබ් එක අතට ගත්තා. හෙට තියෙන මීටින් එකේ ප්‍රසන්ටේශන් එක ඕපන් කරන ගමන්ම මම ඔළුව ඉස්සුවේ මගේ බොඩිගාඩ් වගේම ඩ්‍රයිවර් වෙච්ච කායි තවමත් කාර් එක ස්ටාර් නොකරපු නිසා...
"මොකක් හරි ප්‍රශ්නයක්ද කායි..."
"සර් අද ඩොක්..."
"ඒක ඕනි නෑ. Everglades cafe එකට යමු. "
මම කිව්වෙ ටැබ් එක දිහා බලන් ගමන්. විනාඩියක් විතර කල්පනා කර කර හිටිය කායි කාර් එක ස්ටාර්ට් කරේ දිග හුස්මක් ගන්න අතරේ. එයා අනිවාර්යයෙන්ම අද පපාට මම ඩොක්ටර් ගාවට නොගිය එක කියන විදියක් කල්පනා කරනවා ඇති. ඒත් ඒක මට අදාල දෙයක් නෙවෙයි. බැනුම් ඇහුවත් මැරුම් කෑවත් ඒ කිසිම දෙයකින් මට සත පහක වෙනසක් වෙන්නෙ නෑ. වැඩිම උනොත් අලුත් බොඩිගාඩ් කෙනෙක් ලැබෙයි. එච්චරයි. චැප්ටර් ක්ලෝස්..
LiangZ
ශීට් එක උඩ තිබ්බ කළු පාට ෆයිල් එක අතට ගත්ත මම ඒක උඩ රත්තරන් පාට අකුරෙන් ලියලා තියෙන නම දිහා බැලුවා. ලියාන්ග්... කවදාවත් නොදැනුන විදියක අමුතු හැගීමක් මට දැනෙනකොට මම ඒක අමතක කරලා දැම්මෙ මම.ඒ වෙනකොටත් හිටියෙ Everglades එකේ පාකින් එකේ නිසා. කාර් එකෙන් බැහැපු කායි මට එලියට බහින්න දොර ඇරලා දෙනකොට මම බ්ලේසර් එකත් අතට අරගෙන කාර් එකෙන් බැස්සා. කාර් එක ලොක් කරපු කායි මගේ පස්සෙන් එතකොට මම පුරුදු විදියටම උඩට යන්න තියෙන පඩිපෙල දිගේ ඇවිදගෙන ගියේ කැෆේ එක ඇතුලට. ෆැන්සි කැෆේ එකක් වෙච්ච එවර්ග්ලේඩ්ස් එකේ හිටියෙ කීප දෙනෙක් විතරක් වෙනකොට මම ගිහිං වාඩි වුණේ කෙලවරකම තිබ්බ මේසයක් උඩ. පෝන් එක අතට ගන්න ගමන් වාඩි වෙච්ච මම වෙලාව බැලුවා. පහට තව විනාඩි තුනක් තියෙනවා.
ඉස්සර මම කොහොම උනත් දැන් ඉන්න ජාන් හරියට වෙලාවට වැඩ කරන කෙනෙක්. ගෙවෙන තත්පරේ පවා මට ඕනිවටත් වඩා වටිනවා. වෙලාවට කලින් ආව එක ගැන මගේ හිත මටම දොස් පවරනකොට මම වටපිට බැලුවේ නිකමට වගේ. අහම්බෙන් වගේ මගේ ඇස් දෙක මට ටිකක් එහායින් තියෙන ටේබල් එකක් ගාවින් නැවතුනා. එතන හිටියෙ ගෑනු කෙනෙක්... ලස්සන කළු පාට රැළි කොණ්ඩයක් තිබ්බ එයා මොනවටහරි හිනා වෙනකොට මට දැනුනේ ඉර එලිය වගේ උණුසුම් හැඟීමක්.
ඒ ඇස්... ඒ කළු පාටට හුරු තද දුඹුරු පාට ඇස් මට හරි හුරුයි කියලා දැනුනා. කවදද කියලා නොදන්නවා උනත් මම ඒවා දන්නවා වගේ. සමහරවිට මට ඒ වගේම ඇස් තියෙන වෙන කෙනෙක්ව මතක් වෙන්න ඇති. ඒ ඇස් නැවතිලා තිබ්බෙ එයාගෙ ඉස්සරහ හිටිය කෙනා ගාව. ඒත් මට එයා කවුද කියලා හරියටම පෙනුනේ නෑ..
"ජාන් බේබි..."
එකපාරටම මම ගැස්සිලා ගියේ කවුරුහරි මගේ උරහිසට අත තියනකොට.. එයා වැවිලා මගේ කම්මුලට තොල් තද කරනකොට මට ඉබේටම මූණට හිනාවක් ආවා... එතන හිටියෙ මම මෙච්චර වෙලා හම්බ වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය කෙනා. මගේ ආදරේ වගේම මගේ අනාගතේ වෙන කෙනා...
"සොරි බේබි... මම ටිකක් ලේට් උනා..."
එයා මට කියාගෙන මගේ ඉස්සරහින් වාඩි වෙනකොට මට ඉබේම වෙලාව බැලුනා. පහයි දහයයි. ඒ කියන්නෙ මම මෙච්චර වෙලා හිටියෙ අර ගෑනු කෙනා දිහා බලාගෙනද...
"ඒකට කමක් නෑ ඇමී...."
මම කිව්වෙ මේසෙ උඩ තිබ්බ එයාගෙ අතක් අල්ලගන්න ගමන්. මීට අවුරුදු දෙකකට කලින් මම ඇමීට ආදරේ කරයි කියලා කිව්වොත් මම මහ හයියෙන් හිනා වෙන්න ඉඩ තිබ්බා. මොකද මම ඒ වෙනකොටත් වෙන කෙනෙක්ට පිස්සුවෙන් වගේ ආදරේ කරා වගේම ඒ තරමටම ඇමීට වෛර කරපු නිසා. ඒත් දැන් සේරම වෙනස් වෙලා... ගෙවුණු අවුරුදු දෙක ඉස්සර හිටිය ජාන් වෙනුවට අලුත්ම කෙනෙක්ව ලෝකෙට අරගෙන ඇවිත් තිබ්බා.
"ජාන්..."
"ම්ම්ම්...."
මම කොෆී එක බොන ගමන් හූමිටි තිබ්බා. කොෆී ශොප් එක පුරාවටම විහිදිලා තියෙන ලා කහ පාට ලයිට්ස් නිසා ඒකට ඒකට ලැබුණේ අමුතුම ලස්සනක්. ඒ අස්සෙන් ඇහෙන ක්ලැසික් මියුසික් එකත් ඒකට තවත් ලස්සනක් එකතු කරනකොට මට කාලෙකට පස්සෙ සැනසීමක් දැණුනා. ඒක මෙච්චර කාලයක් බිස්නස් නිසා ඕනිවටත් වඩා හෙම්බත් වෙලා හිටිය මගේ ඔළුවට පුදුමාකාර සහනයක් සැහැල්ලුවක් අරගෙන ආවා.
"අපි කවදද රින්ග්ස් සිලෙක්ට් කරන්න යන්නෙ..."
ඇමී අහනකොට මම හිනා වුණා. ඔව්... තව හරියටම මාසෙකින් ඇමීගෙයි මගෙයි වෙඩින් එක... මට ඕනි වුනේ ඒක ගොඩක් ග්‍රෑන්ඩ් විදියට ගන්න. කොහොමත් චයිනාවල ඉන්න ටොප් බිස්නස් ෆැමිලි දෙකක එකතුවක් නිකන් වෙඩින් එකක් වගේ නෙවෙයිනේ.
"මේ දවස්වල නම් මට වැඩ වැඩියි බබා... ඒත් පුළුවන් ඉක්මනට අපි යමු..."
මම කිව්වෙ මගේ අත්වලට හිර වෙලා තියෙන එයාගෙ අත දිහා බලාගෙන.. සමහරවිට මේ අත මගේ අත් එක්ක නොපැටලෙන්න අද ජාන් කියලා කෙනෙක් නැති වෙන්න තිබ්බා. මම ආදරේ කරපු කෙනාම මාව නැත්තටම නැති කරලා දානකොට මගේ ගාව හිටියෙ එයා විතරයි. ඉතිං මම එයාට ආදරේ කරන එක වැරදියිද...
තවත් ටික වෙලාවක් එතන හිටිය මම ඇමී එක්කම නැගිට්ටෙ යන්න. අද මම ඇමී එක්ක ඩිනර් අවුට් එකකට යන්න හිතාගෙන හිටියෙ කාලෙකින් එයා එක්ක කාලෙ ගත කරන්න බැරි වුණ නිසා. ඒත් ඊට කලින් මට එයා වෙනුවෙන් සප්‍රයිස් එකක් තිබ්බා.
"ස්... සොරි..."
එලියට යන්න ආව මගේ ඇඟේ හැප්පිලා තිබ්බෙ අර මම කලින් බලාගෙන හිටිය ගෑනු කෙනා. වැටෙන්න එයා හිටියෙ මගේ අත් අතරේ හිර වෙලා. ඇයි මට එයාගෙන් මෙච්චර හුරු පුරුදු ගතියක් දැනෙන්නෙ... ඒක මට විස්තර කරන්න බැරි හැඟීමක් උනත් මට එයා ගැන දැනුනේ හරි පහන් හැඟීමක්. ඉර එලිය වගේ...
"ගොඩක් ස්තුතියි...."
එයා කිව්වෙ මගෙන් ඈත් වෙලා මට වගේම ඇමීටත් හිනා වෙලා. අවුරුදු හතළිහකට විතර කිට්ටුයි කියන්න පුළුවන් වුණත් එයා තවමත් තරුණ කෙනෙක් වගේම ලස්සනයි කියලා මට හිතුණා. මගේ ඇස් හෙව්වෙ මෙච්චර වෙලා එයා ගාව හිටිය කෙනා වෙනකොට මම දැක්කෙ වොෂ් රූම් තියන පැත්තෙ ඉදලා ඇවිදගෙන එන පිරිමි කෙනෙක්. කළු පාට ජැකට් එකක් ඇඳගෙන කළු මාස්ක් එකක් දාගත්ත එයාටත් තිබ්බෙ තද දුඹුරු පාට ඇස්... ඒත් මගේ ඇස් නැවතුනේ ඒ මූණේ එක කම්මුලක තිබ්බ කැලල උඩ...
"ඒකට කමක් නෑ... "
මට කලින් ඇමී උත්තර දුන්නෙ මගේ අතක් එයාගෙ අතක් එක්ක පටලගන්න ගමන්. අර ආව පිරිමි කෙනා බලාගෙන හිටියෙ අපි දෙන්නා දිහාම වෙනකොට අර ගෑනු කෙනා එයාගෙ අතින් අල්ලගත්තා.
"අපි යමු යී ජුන්... මෙයි බලාගෙන ඇති..."
To be continued...
ANA s TASIA
Sorry අෆ්ෆා..මේකෙ ආයෙම පබ්ලිශ් කරන්න බැරි අවුලක් ඇවිත් තිබ්බෙ.. අද තමා යන්තම් හරි ගියේ
රෑට එන්නම් මොකක් හරි අරගෙන.
There are no comments yet. Log in to be the first to leave a review!





