Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟸𝟻

05:41, 1 October 2024

Hello Mr Arrogant -> Sugar Coated Lies විදියට නම වෙනස් කලා.

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ²⁵You have my Heart ♥️

එයාව මරලා දාලා...

අහම්බෙන් පහළට යනකොට ඇහුනු දේත් එක්ක මගේ අතේ හිටිය ටූත්ලස්ව බිමට වැටෙන සද්දෙ ට කිචන් එකේ හිටිය හැමෝම හැරිලා බැලුවා. මට මගේ ඇඟ වෙව්ලනවා දැනුනත් මම මාවම පාලනය කරගෙන අනිත් පැත්තට හැරිලා කිචන් එකෙන් එලියට ගියා. එලියට ගිය ගමන්ම මම බිත්තියකට හේත්තු වුණේ මාව කොයි වෙලාවේ බිමට වැටෙයිද කියන්න මටත් බැරි නිසා. සේරටම වඩා මට ඒක කම්පනයක් වුණා. මම ආදරේ කරන හැම දෙයක්ම මට ටිකෙන් ටික නැති වෙලා යනවා...

ඇස් දෙක යන්තමට වගේ බොඳ වීගෙන එතකොට මම පපුව අල්ලගෙන බිත්තියට වාරු වුණා. හරියට කලින් දවසෙ වගේම. Cudu mahaththaya හේ යොන්ග් වගේ ඇක්සිඩන්ට් වෙන්න ගිය වෙලාවෙ වගේම මගේ පපුව රිදෙන්න ගන්නකොට මගේ ඇස් වලින් ඉබේටම කඳුළු එන්න පටන් ගත්තා...

"ජාන්...."

"ජාන්... මගේ දිහා බලන්න..."

මම ඇස් අරිනකොට මම හිටියෙ මගේ ඇඳේ. Cudu mahaththaya  එයා මගේ ඇඳේ කෙලවරක වාඩි වෙලා මගේ අතකින් අල්ලගෙන හිටියා. ආයෙමත් මට පැනික් ඇටෑක් එකක් ඇවිත් කියලා මට තේරුණා.

"ම්..මම ඔයාව බය කලා නේද..."

මම Cudu mahaththaya ගෙන් ඇහුවත් එයා මොනවත්ම කිව්වෙ නෑ. ඒ වෙනුවට එයා කලේ  මාව එයාගෙ පපුවට තද කරගත්ත එක. මට පපාගෙන් දැනෙන තරමටම උණුහුමක්, සමහරවිට ඊටත් වඩා වැඩි උණුහුමක් මට එයාගෙන් දැනෙනකොට මම එයාට තුරුළු වෙලා සැනසීමෙන් ඇස් පියා ගත්තා..

"මම ඔයාට නොකිව්වෙ මේ නිසා..."

එයා යන්තමට මුමුණනවා මට දැනුනා. එයා බය වෙන්න ඇති. ඇති නෙවෙයි එයා අනිවාර්යයෙන්ම බය වෙනවා.  අයිස් කුට්ටියක් වගේ පේන එයා ඇතුලේ ඉන්නෙ ගොඩක් ආදරණීය මනුස්සයෙක් කියලා එයාව දැනගෙන ගොඩක් දවසක් නොවුණත් මම හොඳටම දැනගෙන හිටියා.. එයා ආදරණීයයි. ඒ වගේම දරුණුයි... මම ආස ඒ ගතියට...

"ඒක කලේ එයා නේද...."

මට උත්තරයක් ඕනි වුනේ නෑ.. කොහෙත්ම නෑ. මොකද මම දන්නවා ඒක කලේ එයා කියලා. එයාට මාව මරන්න ඕනි වුණත් එයාට තවම ඒක කරන්න බෑ... එයාට ඕනි මාව වට්ටන්න... මානසිකව වගේම ශාරීරිකව... හරියට එයා පපාට කරා වගේ... එයා දැනටත් මට රිදවන වාරයක් ගානේ මටත් වඩා රිදෙන්නෙ පපාට කියලා මම දන්නවා...

"උත්තරේ දැන දැනම අහන්න එපා මගේ වස්තුව.."

Cudu mahaththaya  මගේ නළල උඩින් තොල් තද කරන ගමන් කිව්වා. මම එහෙම්මම එයාට තුරුළු වෙලා කල්පනා කරන්න ගත්තා. හරි නම් අද කොයිතරම් සතුටු දවසක් වෙන්න ඕනද... ඊයෙ එයා මට ආදරෙයි කියලා කිව්වා... මම එයාගෙම උනා... හරි නම් අපි ඒ මතකවලට වඩා ලස්සන මතක එකතු කරගන්න ඕනි වුණත් අවසානෙට අද ඉතුරු වුණේ වේදනාවක් විතරයි...

එයාගෙ ඇඟිලි තුඩු ලතාවට මගේ කොණ්ඩේ අතරින් ඇදුනා. පොඩි දරුවෙක් නිදි කරවනවා වගේ එයා මගේ පිටට තට්ටු කරනකොට මම ශර්ට් එක උඩින් එයාගෙ පපුවට හාදුවක් තිබ්බා.  සමහරවිට මම ගොඩක් වාසනාවන්ත ඇති..හැමෝටම වඩා මට ආදරේ කරන එයාව ලබන්න...

"නිදාගන්න පණ.... මම ගොඩක් ආදරෙයි..."

මම නැගිටිනකොට එයා හිටියෙ නෑ. ඊයෙ රෑ නැගිටගෙන හිටිය එකයි, ඇඟේ විතරක් නෙවෙයි හිතේ අමාරුවටත් මට හොඳටම නින්ද ගිහින් තියනකොට මම නැගිටිනකොට අඳුරු වැටෙන්න පටන් අරගෙන තිබුණා. මම එහෙමම ඇඳෙන් බැහැලා ගියේ බැල්කනියට. ඈතින් බැහැගෙන යන ඉර පේනකොට මට අනිත් පැත්තෙන් පායන හඳ පෙනුනා. හඳට පණ ලැබෙන්නෙ ඉරෙන් උනත් ඉරටයි හඳටයි කවදාවත් එකට ඉන්න ලැබෙන්නෙ නෑ. ඒකට ඉන්න නම් එක්කො හඳයි තරුවකු යි වෙන්න ඕන. ඒත් එයා මට හඳකට වඩා තරුවක්. දවසින් දවස වෙනස් වෙන හඳට වඩා හැමදාම එක වගේ ඉන්න තරුව ආදරේ දන්නවා...

"මගේ වස්තුව නැගිට්ටද..."

එයාගෙ අත් දෙක මගේ ඉණ වටේ බැඳෙන කොට එයා මගේ බෙල්ලට පුංචි හාදුවක් තිබ්බා.  මේ මොට්ටයට තේහෙන්ණෙ නෑනෙ. ඔහොම කරනකොට හොඳට නිදාගෙන ඉන්න ළමයි ඇහැරෙනවා කියලා...ඒත් එයා එහෙම කරනවට මම ආසයි...  මෝඩ Cudu mahaththaya ... කමක් නෑ මගේනේ...

"ම්හ්ක්... "

මම එහෙමම එයාගෙ පැත්තට හැරිලා එයාගෙ තොල් උඩින් පෙක් එකක් තිබ්බා. එයාගෙ කනක් රෝස පාටට හැරෙනකොට එයා මාව ඇඳලා අරගෙන මගේ තොල් වලට බර වුණා.

"ආහ්..."

එයාගෙ තොල්වලට මැදි වෙලා තිබ්බ මගේ යටි තොලක් එයාගෙ දත්වලට තද වෙනකොට මට කෙඳිරි ගෑවුණා. මගේ ඇඟ පුරාම යන එයාගෙ අත්වල පහස මට දරාගන්න බැරි වෙනකොට එයා මගෙන් ඈත් වුණේ එකපාරටම මොකක් හරි මතක් වෙලා වගේ...

"වොෂ් එකක් දාගන්න බබා... මම ඉක්මනට එන්නම්..."

එයා මට ඇහැක් ගහන ගමන් කියලා යනකොට මට ඉබේටම පහල බැලුනා. ශැප කනේනෙ ඉතිං.. දැන් නම් ඉතිං අතේ පිහිට තමයි කියලා හිතාගෙන මම  බාත්රූම් එකට දිව්වෙ මගේ මුළු මූණම රතු වෙලා තියනකොට.

( A/N බාගයක් ලියාගෙන යනකොට අද පෝය කියලා මතක් වෙච්ච මම...)

"ලස්සනයි..."

කණ්ණාඩිය ඉස්සරහට වෙලා කොණ්ඩේ හද හද හිටිය මට ඇහුනේ එයාගෙ කටහඬ. එයා හිටියෙ දොරට හේත්තු වෙලා. ශර්ට් එකේ බට්න්ස් දෙකකුත් ගලවගෙන හිටිය එයාගෙන් පෙනුණෙ අමුතුම හැන්ඩ්සම් ගතියක් වෙනකොට එයා මගේ කියන එක මතක් වෙලා මම රතු වුණා. ඊටත් වඩා මට දැනුනේ ආඩම්බරයක්...

"කන්න හිතෙනවද."

මම එහෙමම ඩ්‍රෙසින් ටේබල් එකට අත් දෙක තියාගෙන යන්තමට ඒකෙ ඉඳගත්තෙ තොලත් හපාගෙන. Cudu mahaththaya ට ඕවා ඉවසන්න බෑ කියලා මම හොඳටම දන්නවනේ... ඇරත් රිදෙන එක හරියන්න නම් දිනපතා ප්‍රැක්ටිකල් කරන්න ඕන...

"රෑට කොහොමත් කනවනේ... "

"දැන් එන්න මාත් එක්ක"

එයා මගේ අතින් අල්ලගෙන ගියේ පඩි පෙළ දිහාවට. Cudu mahaththaya මාව පහලට එක්කගෙන යයි කියලා හිතුවත් එයා උඩට යනකොට මට තේරුණා අපි යන්නෙ රූෆ් ටොප් එකට කියලා. එක දවසක් මාව එතන ඉදලා උස්සගෙන අයගෙන් පස්සෙ මට රූෆ් ටොප් එකට යන්න එයා ඉඩ දුන්නෙ නෑ. ඒත් අද එයාම මාව එක්කගෙන යනවා. මට පුදුමයක් දැනුනත් එයා මම එයා කරන්න යන දේ දිහා බලාගෙන හිටියා.

රෑ වෙලා නිසා රූෆ් ටොප් එකේ තැන් තැන්වල තිබුණු පුංචි ලයිට්ස් ඇරෙන්න තිබ්බෙ හඳ එලිය විතරයි. Cudu mahaththaya  මාව එක්කගෙන ගියේ රූෆ් ටොප් එකේ කෙලවරක ට. එතන පොඩි මේසයක් තිබ්බා...

"ස්කයි ලැන්ටර්න් එකක්..."

මම ඇහුවෙ පුදුමෙන්. එයා අරගෙන ඇවිත් තිබුණේ ස්කයි ලැන්ටර්න් එකක්. කිසිම කැටයමක් තිබ්බෙ නැති ඒක ගත්ත එයා මට ඒක අල්ලගන්න කියලා ඒකෙ යට තිබ්බ පුංචි පුළුන් කෑල්ලට ගිනි තිබ්බා..

"දන්නවද වස්තුව....ස්කයි ලැන්ටර්න් එකක් උඩ යවන්නෙ අතීතය අතෑරලා දාලා අලුත් අනාගතයක් ලැබෙනවා කියන්න. ඉතිං තව දුහොයා අතීතේ එල්ලිලා හිටියොත් දුක් විඳින්නෙ ඔයාමයි... "

එයා ඒකෙ අනිත් පැත්තෙන් අල්ලගෙන හිටියා. ටිකෙන් ටික රත්වෙන හුළං ලැන්ටර්න් එකට පිරෙනකොට ඒක ටිකෙන් ටික අපෙන් ඈතට යන්න හැදුවා..එයා කියන්නෙ ඇත්ත... අපි අතීතය අල්ලගෙන ඉන්න තරමට රිදෙන්නෙ අපිට... ඉතිං ඇයි ඒවට යන්න නොදෙන්නෙ...

අපි වචනයක්වත් කතා නොකර ඒක ඈතින් පුංචි තිතක් වෙලා යනකම් බලාගෙන හිටියා. මගේ හිතට දැනුනෙ පුදුමාකාර සැහැල්ලුවක්.. හරියට මගේ ඔළුව උඩ තිබ්බ ලොකු ගලක් අයින් කරලා දැම්මා වගේ...

"ජාන්..."

"ම්ම්..."

"අත දෙන්න..."

මම එයා දිහාවට අත් දික් කලාම එයා මගේ අතක් උඩින් මොකක්ද තිබ්බා. මම ඒක ළඟට කරලා බැලුවේ ඒ මොකක්ද  කියලා..ඒක පුංචි බෝතලයක්.. ඒක ඇතුලේ හදවතක හැඩයක් තිබ්බා.

You have my Heart...

"මම මගේ හදවත ඔයාට බාර දෙනවා ජාන්... මොකද ඒක ගැහෙන්නෙ ඔයාගෙ නමින් විතරක් නිසා..."

To be continued

ANA s TASIA 😈

හායි...

මේ ළමයට හෙණ ගැහුවනේ 😁

දැන් දිගටම දෙන්නම්. අද පෝය දවසෙ පොරොන්දු වෙන්නෙ ඈ...

ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නටකාරි නෑ සඳ මගේ ලොව එළිය නොවුනට

25 කියන්නෙ  turning point එකක්ලු😶

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories