Fanfics

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 𝟸𝟺

05:41, 1 October 2024

𝚂𝚞𝚐𝚊𝚛 𝙲𝚘𝚊𝚝𝚎𝚍 𝙻𝚒𝚎𝚜

ᶜʰᵃᵖᵗᵉʳ ²⁴' මුරණ්ඩු කම'

"කිව්වහම අහලා ඇතුලට යනවා ජාන්"

එයා කවදාවත් නැති තරම් සැරෙන් මට කියනකොට මම එතනම හිටගෙන හිටියා. ඇයි මම එයා කියන කියන වෙලාවට ඇතුලට යන්නෙ. මේක Cudu mahaththaya ට ගිය රටත..  පුහ්... මලේකාර.. හිතාගෙන ඉන්න ඇත්තෙ අර ඩ්‍රාමාවල ඉන්න උන් වගේ පොඩ්ඩක් සැරට කතා කරපු ගමන් කවුද වගේ කඳුළු පෙරාගෙන, හොටු පෙරාගෙන ගෙට දුවයි කියලා. අඤේ ඉචිං ඒවා ඩේ ඩ්‍රීම්ස් තමා Cudu mahaththaya ..

"තියන මුරණ්ඩු කම..."

අඩියක්වත් පස්සට යන්නෙ නැතුව හිටිය මගේ ගාවට ආව එයා මුමුණනවා මට ඇහුනා. මුණු මුණු ගෑවට වැඩක් නෑ. මට ඕවා ඇහුණත් ඇහුනේ නෑ වගේ තමයි. සේරටම වඩා මට තිබ්බෙ මම නැගිටිනකොට එයා මගේ ගාව හිටියෙ නැති තරහා වෙනකොට මගේ ගාවට ආව එයා දිහා නොබලා මම මූණ පැත්තකට හැරෙව්වා.

"ජාන්.... ඇතුලට යන්න බබා... "

Cudu mahaththaya ආයෙම කිව්වත් මම කලේ ඇහුනේ නෑ වගේ පොන්ඩ් එක පැත්තට යන්න හදපු එක. ඒත් මට දැනුනෙ මම නිකන් එක්තැන ඇවිදිනවා වගේ. එහෙම වෙන්න විදියක් නැති නිසා මම පිටිපස්සට හැරිලා බලනකොට දැක්කෙ Cudu mahaththaya මගේ හූඩියෙන් අල්ලගෙන ඉන්නවා. ඒකයි එහෙනම් මේ... මම එයාගෙන් ගැලවෙන්න ට්‍රයි කලත් ඊට කලින් එයා මාව අල ගෝනියක් වගේ උස්සලා කරේ තියාගත්තේ මෙච්චර වෙලා සීරියස් පිට හිටිය බොඩිගාඩ්ලා ලවා මහ සවුත්තු හිනාවක් හංගගන්නකොට. බලාගෙන ඉදපන්කෝ Cudu mahaththaya ... මේවට මම නයෙක් වගේ පළිගන්නෙ...

"කොන්ද කඩන්නද හදන්නෙ මිනිහෝ..."

මාව උස්සගෙන ඇවිත් ඇඳට අතෑරපු Cudu mahaththaya ගෙන් මම ඇහුවත් ඒ මූණේ තිබ්බෙ තද පෙනුමක්. බොරු කියන්න ඕන නෑනේ. සිරාවටම ඒ පෙනුමට නම් මට බය හිතුනා. එයාගෙ ඇහි බැමි එකට වී වෙනකොට මම අමාරුවෙන් දත් සේරම පේන්න හිනාවක් දැම්මා..

"ස්... සුදු මහත්තයා.."

"කියන දෙයක් අහන්නම බැරිද බබා... "

එයා කිව්වෙ ඇඳේ දිගා වෙලා ඉන්න මගේ ඉණ දෙපැත්තෙන් අත් දෙක තියන විදියට මගේ ඇඟට නැවිලා. ඒ කටහඬ පවා ගැඹුරු වෙලා තියෙනකොට මට මතක් වුණේ ඊයෙ රෑ එයා කෙඳිරි ගාපු හැටි.. තියෙන සිටුවේශන් එක අමතකම කරවලා අනන්ත වූ වල් සිතුවිලි සිධට ගලාගෙන එනකොට මම අමාරුවෙන් කෙල ගිල්ලා.

"ඇයි වස්තුව කියන දෙයක් අහන්න බැරි... ඔයා දැනගන්න ඕනි වගේම නැති දේවලුත් තියෙනවා..."

එයා මගේ දිහා බලලා දිග හුස්මක් ගන්න ගමන් කියනකොට මම එයා දිහා බලාගෙන හිටියෙ එලියෙ තිබ්බෙ මොකක්ද කියලා කල්පනා කරන ගමන්. මාව ඒ තරමට එතනින් ඈත් කරලා තියන්න තරම් එතන තිබ්බෙ මොනවද..

"ඇයි... එතන මිනියක්වත් තියෙනවද... "

Cudu mahaththaya මගේ දිහා බැලුවෙ මම මිනියක් මරලා වගේ. එයාගෙ මූණෙ තියෙන බැල්ම දකිනකොට මට හිතුනේ ඇත්තටම එතන තියෙන්නෙ මිනියක් කියලා. විහිළුවට වගේ කිව්වත් මහ අමුතු බයක් හිත පුරාවට යනකොට මම ඉක්මනට එයාට තුරුළු වුණා. ඇයිද දන්නෑ පොඩි කාලෙ ඉඳලම මම මැරිච්ච මිනිස්සු දකින්න හරි බයයි. ඒක වැඩි වුණේ හේ යොන් මගේ ඉස්සරහම මැරුණු දවසෙ ඉඳන්.

"ඔයාට උණ හැදිලද බබා... "

"ආහ්..."

එයා විහිළුවට වගේ කිව්වෙ මගේ නළලට අත තියන ගමන්. ඒත් ටිකක් වෙලා අත තියාගෙන ඉඳලා ආයෙම කම්මුල් දෙකයි බෙල්ලයි අත් කියලා බලපු එයා මාව උස්සලා කොට්ටෙ උඩින් තිබ්බා.

"ඔයාට ඇත්තටම උණ තමයි බබා. ටිකක් නිදාගන්න.. අද කොලේජ් යන්න ඕනි නෑ.  කොහොමත් ඔයාට අමාරුයිනේ... "

එයා මට වතුර බෝතලෙත් එක්ක පැරසිටමෝල් පෙති දෙකක් දෙන ගමන් කිව්වෙ මම අන්ද මන්ද දූපතෙන් ගෙනත් දාපු අන්දමන් වාසියෙක් වගේ බලාගෙන ඉන්නකොට. යකෝ. මිනියක් තියෙනවා කියලා කිව්වම ආතල් එකට උණ බලලා ඇත්තටම උණ කියලා බෙහෙතුත් පොවනවා. මොකක්ද යකූ මේ ජීවිතේ...

"විහිළු ඇති සුදු මහත්තයා... ඇයි ඔයා මට එතනට යන්න දුන්නෙ නැත්තෙ"

එයා මට මොකක් හරි හංගනවා කියලා දැනුන නිසාම මම ටිකක් තදින් අහනකොට එයා දිග හුස්මක් අරගෙන මගේ අත්දෙකෙන් අල්ලගත්තා. ඒත් ඒ ඇයි. හරියට නිකන් දුක හිතෙන දෙයක් කියන්න යනවා වගේනෙ.

"වස්තුව... හැබැයි ඔයා හිත රිදවගන්න බෑ... මම මේක ඔයාට කියන්න පොඩ්ඩක්වත් කැමති නෑ. ඒත් ඔයා අහනකොට නොකියා ඉන්නත් බෑ... "

"ඔයා දන්නවනේ අර වෙලාවකට ගේට් එක ගාව ඉන්න බල්ලා... එයා අද උදේ බලනකොට පොන්ඩ් එක ගාව මැරිලා හිටියා. "

මගේ ඇස්වලට කඳුළු ආවේ ඉබේටම. ඒකා අපි ඇති කරපු එකෙක් නොවුණත් ගෙදරක හොදට හැදුණු බල්ලෙක්. ඒත් වයසට යනකොට එයාව අපේ ගෙදරට හැරෙන පාර ගාව දාලා ගිහින් හිටියා. එයාව ඊට පස්සේ බලාගත්තෙ අපේ ගේට් එකේ ගාඩ්ස්ලා. මොකද පපා එයාව ඇතුලට ගේන්න කැමති වුණේ නැති නිසා. ඒත් ඒ බල්ලා හරි හුරතල්. මාව දකින ඕනිම වෙලාවක නැට්ට වන වන බලාගෙන ඉන්නවා.

"ඒ.. ඒ...ම්...මොනවා ව්..වෙලාද"

"එයා දැන් වයසයි නෙ වස්තුව... කාලෙ ආවම අපි හැමෝටම යන්න වෙනවා... මම දන්නවා ඔයා එයාට ගොඩක් ආදරෙයි කියලා. ඒකයි මම ඔයාට එයාව බලන්න නොදුන්නෙ..."

මම බැල්කනියට වෙලා බලාගෙන හිටියා. Cudu mahaththaya තව ගාඩ්ලා දෙන්නෙක් එක්ක එයාව අරගෙන යනවා මට පෙනුනා. එයාව එහා පැත්තෙ කැලෑවෙන් වල දායී. මට මොනවා උනත් එයා ගැන ගොඩක් දුක හිතුනා. එයාට අන්තිම කාලෙදිත් පුංචි කාලේ ඉඳලා එයාව හදාගත්ත අය ගාව ඉන්න ලැබුණා නම්. මට හිතාගන්න බෑ මිනිස්සු ඇයි මෙහෙම කියලා. එක්කො පැටව් ඉපදුන ගමන් අම්මගෙන් වෙන් කරලා කොහාටහරි ගෙනිහින් දානවා. නැත්තම් වයසට ගියාම එන්න බැරි තරම් ඈතකට ගිහිං දානවා. ඇත්තටම බලාගෙන ගියාම තිරිසන්නු කියන්න ඕන ඒ වගේ මිනිස්සුන්ට...

මියෑව්...

මම කල්පනා කර කර ඉන්න අතරෙ මට ඇහුනේ ටූත්ලස් කෑ ගහන සද්දෙ. මේකත් දැන් අවලමේ යනවා. මම ඌ හිටිය දිහාවට හැරෙනකොටම මට හිනා ගියේ දිය සෙවල නාගෙන හිටිය ටූත්ලස්ව දැකලා. ශුවර් එකටම මේකා අර මාළුවෙක් අල්ලන්න ගිහිං ඇතුලට වැටිලා වගේ. ඌවත් උස්සගෙන බාත්රූම් එකට ගියා මම ඒකව සින්ක් එකට දාලා නාවන්න ගත්තා. දෙයියනේ කියලා මූ නාවනකොට බබා වගේ ඉන්නවා. හොඳට ෂැම්පො දාලා නාවලා ඌවත් පිහිදපු මම වැඩි හොඳට ටවල් එකෙනුත් ඔතාගෙන පහළට ආවේ ඌට කන්න මොනවහරි දෙන්න උනත් කිචන් එක ගාවදි මම එහෙමම නැවතුනේ මට ඇහුණු දේ නිසා...

"... මොනවා උනත් ඒ අහිංසක සතාව මරලා දාපු එක මහ ජරා වැඩක්..."

To be continued

ANA S TASIA 😈

ඇත්තටම මම ආසම නැති වැඩක් තමයි ඔහොම සත්තුන්ව තැන තැන දාලා යන එක. ටූත්ලස්, මීක් මීක්, අපේ බව්වා ඔය සේරම ඔහොම පාරේ දාලා ගිහින් හිටිය අය. ටූත්ලස්ව අරගෙන ආවේ අර පැය ගානක් කරන්ට් කපපු කාලෙ දවසක රෑක. තනි කළුයි කාටවත් පේන්නෙත් නෑනේ. හැප්පෙයි කියන බයටමයි එයාව අරගෙන ආවේ.

බල්ලව මැරුවේ කවුද...

හොල්මන් වෙන්න ආස අයට

Strawberries and Cigarettes remake එක. කැමති අය බලාගෙන යන්න.

අලුත් එකක් දැම්මා. රෑට පලවෙනි එපිය දෙන්නම්. ආ මේක සෑඩ් එන්ඩින් නෙවෙයි ඈ 😂

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories