Introduction
19:14, 30 May 2021හායි මේ මගේ පලවෙනි ff එක. මේක හොදද දන්නේ නෑ. ඔයාලට ගොඩක් ලස්සන කතාවක් වෙයි කියලා මම හිතනවා.
ඉතිං මං මේ කතාවට පාදක කරගන්නේ කිදුරියන්ව.කිදුරු කතාවක් විදියට තමා මේක යන්නේ. මේකට මම මුල් කරගන්නේ h2o (කිදුරු කුමරියෝ) කියන විදෙස් කතාව. ඔයාලා ඒ කතාව දෙරණෙ බලලා ඇති මිට කලින්. ඒ නිසා මං වැඩිය ඒ කතාව ගැන කියන්නේ නෑ.
ඒ කතාව ඇර අනිත් හැම දෙයක්ම මං හිතලා මවාගත්ත දේවල් තමා දාන්නෙ. ඉතිං තේරෙනවා ඇති මේ කතාව මනඃකල්පිත කතාවක්. මේකෙ තියෙන කිසිම දෙයක් ඇත්ත සිද්ධි නොවෙන බව කරුණාවෙන් සලකන්න.😁😁
මේ කතාවේ තියෙන විදියට අතීතයේ කිදුරියන් ගොඩක් ඉදල තියෙනවා. ගොඩක් ගැහැණු අය තමා ඉදල තියෙන්නෙ. මෙයාලට එයාලට ආවේණික වෙච්ච ගොඩක් හැකියාවන් වගේම මායාබල තිබ්බා. මේ කිදුරු කිදුරියන් එයාලගේ තිබ්බ වෙනස්කම් නිසා කුල හතරකට බෙදිලා තියෙනවා. ඒ කුල හතරේ දෙකක කිදුරියන් පමනයි හිටියේ. අනිත් කුල දෙකේ පිරිමි සහ ගැහැණු දෙකම සිටියා.
https://www.youtube.com/watch?v=wqHED34TcwU
මේකෙ තියනවට වඩා හුගක් බල මගේ කතාවෙ තියෙනවා හොදේ උදා - කරන්ට් බලය වගේ 😁)දැනට මේ වගේ කියලා හිතා ගන්නකො
1. Blue mermaid casteකිදුරු කුල අතරින් ගොඩක් ලස්සනම කිදුරියන් සිටියේ මේ කුලයේ. මේ කුලයේ සිටියේ ගැහැණු කිදුරියන් පමනයි. මේ කිදුරියන්ගේ ඇස් නිල් පාටයි. මීට වසර 800 කට කලින් හිටපු කිම් ජොන් සුන් කියන රජු මේ කිදුරියන්ගේ ලස්සනට ආකර්ෂණය වෙලා කිදුරියක් විවාහ කරගත් නිසා මේ කිදුරු කුලය රාජකීය කුලයක් වුනා.ඒක නිසා අනිත් කුල තුනේම කිදුරන් මෙයාලව රාජකීය අය ලෙස සැලකුවා. ඒ වගේම එතනින් පස්සේ ඒ කිදුරු කුලයේ හැමෝම විවාහ වුනේ රාජකීය පෙලපත් වලට අයත් අය සමගයි.
මෙයාලා රාජකීය වුනු නිසා මෙයාලගේ බල අනික් අයට වඩා ගොඩක් කැපී පෙනුනා. ඒ වගේම අනිත් කුල වල අයත් හුගක් මෙයාලට ගරු කලා
2. Red Mermaid caste
මෙයාලත් නිල් අය වගේම ගොඩක් ලස්සන අය. ඇස් රතු පාටයි.
3. White mermaid casteමෙයාලගේ ගෑනු පිරිමි දෙගොල්ලොම වගේ හිටියා. නිල් පාට අයගෙන් විවාහ උනාට පස්සේ ගොඩක් ලැබූනෙ ගැහැණු කිදුරියන්.ඒ වගේම මේ කුලයේ පිරිමි කිදුරනුත් එයාලට ලැබුනා. මිනිස්සු එයාලා සමග විවාහ වෙන්න පටන් ගත්තට පස්සේ මෙයාලගේ ජාන ටිකෙන් ටික වෙනස් වුනා. ඒක නිසා මේ කුලයේ හිටපු කිදුරො කිදුරියෝ මිනිසුන් සමග විවාහ වෙන්න පටන් ගත්තට පස්සේ අවුරුදු තිහෙන් එයාලගේ වරල් හැමදේම වෙනස් වෙලා සාමාන්‍ය මිනිසුන් විදියට එතනින් පසු ජීවීතෙ ගෙවන්න ලැබුනා. ඒක නිසා මෙ කුලයේ අය විවාහ වුනේ අවුරුදු තිහෙන් පස්සේ. (අනික් කුල වල කිදුරියන් ගොඩබිමට බහින හැම වෙලාවකම සාමාන්‍ය මිනිසුන් විදියට පත් වෙනවා)
4. Black mermaid caste
මෙයාලාගෙත් පිරිමි ගැහැනු මිශ්‍ර කුලයක් තිබ්බෙ. ඒත් මෙයාලා ටිකක් ප්‍රචන්ඩ කාරී අය. මෙයාලා කවදාවත් ගොඩබිමට එන්න කැමති වුවෙත් නෑ. මෙයාලා කවදාවත් කැමති වුනෙ නෑ නිල් කිදූරියන් රාජකීය මිනිසුන් විවාහ කරගන්න වට. ඒක නිසා මෙයාලා හුගක් තරහින් හිටියේ මේ නිල් කිදුරන් එක්ක. මෙයාලා මෙයාලගේ අතට අහුවෙන හැම නිල් කිදුරෙක්වම මරල දැම්මා. ඒක නිසා නිල් කිදුරු කුලයෙ ප්‍රමාණය අඩු වුනා. ඉතුරු නිල් කිදුරු ටික වෙනත් රටවල්වල මිනිසුන් සමග විවාහ වෙලා වෙන රටවල්වල පදිංචි වුණා. මේ සියවස වෙනකොට රජ පෙලපත් නැති වී ගෙන ගිය නිසා මේ කිදූරු කුලයේ ආරක්ෂාව ගැන හිතලා තමා එයාලා වෙන රටවල්වල මිනිසුන් සමග විවාහ වෙන්න පටන් ගත්තෙ. ඒක නිසා ගොඩක් අයට ලැබුනෙ රතු,සුදු හෝ කළු කිදුරු කිදුරියන්ව. ඒක නිසා කවදමහරි රාජකීය ලේ තියෙන නිල් කිදුරියෙක් ඉපදෙයි කියලා එයාලට උදව් කරන සුදු හා රතු කිදුරු කිදුරියන් බලාපොරොත්තුවෙන් හිටියා.
කතාවේ ප්‍රධාන චරිත බලමු.
මේ නිශි. එයා පොඩි කාලෙ ඉදන් දෙමව්පියන් ගේ බලපෑම නිසා කාත් එක්ක වත් කතා කරන්නෙ නැති හරි නිහඩ ළමයෙක් වුනා. ඒක නිසා මෙයා පොඩ්ඩක් වත් සෝෂල් නෑ 😁😁😁
මේ ආෂි. නිෂිගෙ එකම යාලුවෙක් විදියට හිටියේ මෙයා විතරයි. ඒත් නිෂිට වඩා මෙයා හාත්පසින්ම වෙනස්. මෙයා හරි ජොලි කෙල්ලෙක්. කන්න බොන්න, ෂොපින් කරන්න හරිම කැමතියි. කටකාරයි. එහෙම වෙලත් නිශිගෙ දුක සැප, හැමදේම මෙයා බෙදාගත්තා.
මං හිතුවේ නෑ මෙච්චර හැදින්වීම දිග වෙයි කියලා. අර කිදුරු කතාවේ ජානමය විදියට පොඩි පොඩි ප්‍රශ්න ඇති. මගෙ ඉතිං පලවෙනි ff එකනෙ. ඉස්සරහට කතාව යනකොට මං ඒ හැමදේම ඔයාලට පහදන්නම්. කතවෙ හැදින්වීම කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ එහෙනම්.😊❤️
There are no comments yet. Log in to be the first to leave a review!





