Fanfics

8

15:42, 29 June 2025

අර කලින් චැප්ටර් එකෙ මං කිව්⁣වනෙ නුරාශ් රිශ්වාන් ඒ නම් දෙක ආය දාන්නෙ නැතුව එයාලගේ ඇත්ත නම් දානවා කියලා අඩේ මට ඒක කරන්න බෑ නම් පැටලෙවා ඔයාලට කෙසේවෙතත් මට පැටලෙනවා ඒ නිසා මං හිතුවා නුරාශ් රිශ්වාන් කියලම දාන්න වරදක් කරත් සිතකින් නොවේ 😂

(අවුරුදු දෙකකට පසු)

"තෝව මං පීස් පීස් කපනවා දැනගනිං බල්ලා"

"පීස් පීස් කිව්වෙ?"

"කෑලි කෑලි පකෝ"

"ආ කෑලි මොන කෑල්ලද? මට කෑලි නෑනේ"

"අයියෝ රිශ්වාන් මේ බලපංකො"

"මොකද?"

"මේ මූ අසහනකාරයෙක්"

"උඹ අදද දන්නෙ?"

"ඒ ඒක නෙවෙයි උඹ ඇයි නුරාශ් සර් එද්දි පැනි හිනාවක් දාන්නෙ?"

"මො...මොකා..මං....මං කවද්ද?"

"මරිසි එපා පැටියෝ උඹට බොරු කියන්න බෑ කියලා අපි දන්නවා කියපං"

"අනේ එහෙම රෙද්දක් නෑ බං"

"බොරු බොරු එදා සිප් එකට අහුවෙලත්"

"අනේ හුත්තෝ මේ මෙතන මගේන් හොඳවයින් අහගන්නෙ නැතුව ඉදපං"

"අනුද කටවහපං රිශ් කියපං කතාව"

"අයියෝ බං"

"උඹ දන්නවනේ අපෙන් මොකුත් හංගන්න බෑ කියලා"

"හරි හරි ඉතින් කියන්නම්"

රිශ්වාන් අනුදටයි අනුජටයි නුරාශ් එක්ක තියෙන සම්බන්ධය කිව්වා ඊටපස්සෙ මේ යාලුවො දෙන්නම රිශ්වාන්ව බදාගෙන කෑ ගහලා සතුට සැමරුවා

"අඩෝ මරු බං"

"කාටවත් කියන්න එපා හරිද?"

"නෑ නෑ බං"

"එල

මෙයාලා මෙච්චර වෙලා කයිය ගහන් හිටියේ මෙයාලගේ අද ඉස්කෝලෙ අන්තිම දවස ඒ කියන්නේ අද ඉඳන් මෙයාලා ඩොක්ටර්ස්ලා

ටික වෙලාවකට පස්සෙ උපාධි උත්සවේ පටන් ගත්තා හැමෝටම තමන්ගේ උපාධිය ලැබුනා පන්තියෙ හැමෝම තමන්ගෙ ගුරුවරයව අමතක කරෙ නෑ හැමෝම ඇවිල්ලා නුරාශ්ව ස්තූති කරා එයා නිසා තමයි මේ ළමයි හැමෝටම හොඳ තැනක් ලැබුනේ ඉස්කෝලෙ පැත්තකට දාලා තිබුන පන්තියක් බාර අරගෙන ඒ පන්තියට ආදරෙන් හැමදේම උගන්නලා ඒ ළමයිව තමන්ගෙ ඉස්සරහා උපාධියක් අරන් ඉන්නවා දකින්න නුරාශ් දැකපු හීනයක් ඒ හීනේ අද හැබෑ උනා.

"Congratulations මගේ ඩොක්ටර්ස්ලා හැමෝටම අද ඉඳන් වගකීමෙන් වැඩ කරන්න ඕන හරිද?"

"හරි සර්"

හැමෝම එකහඬින් කිව්වා ඊටපස්සෙ හැමෝම එයාලගේ දෙමව්පියො එක්ක සතුට බෙදාගත්තා. රිශ්වාන් හැමෝම දිහා බලන් සතුටු වෙද්දි එයාගේ ඉන වටේට අතක් එතෙ⁣නවා දැනුනා ඊටපස්සෙ ඒ අතේ අයිතිකාරයා රිශ්වාන්ගෙ ඉස්සරහට ආවා

"Congratulations"

"තෑන්ක්ස් ඔයා හින්දා තමයි මේ හැමදේම"

රිශ්වාන් නුරාශ්ගෙ ඇඟිලි එයාගේ ඇඟිලි එක්ක පටලවගත්තා

"හැමෝම සතුටින්"

"ඔයා?"

"මාත් සතුටින් ඒත් දුකයි අම්මා එයාව ගොඩක් මතක් වෙනවා අනිත් හැමෝගෙම අම්මලා ඇවිත් ඉන්නවා දැක්කම පොඩ්ඩක් විතර දුකයි"

"එහෙමද? අපි මේක ඉවරවෙලා යමු"

"කොහෙටද?"

"අම්මව බලන්න"

"යමු"

රිශ්වාන් නුරාශ්ට හිනාවෙලා කිව්වා මේ දෙන්නා මෙහෙම ඉන්නවා හැමෝම දැක්කා එයාලට තේරුනා ඉතින් මේ රහස තව දුරටත් රහසක් උනේ නෑ

ටික වෙලාවකට පස්සෙ උත්සවේ ඉවර උනාට පස්සෙ නුරාශ් රිශ්වාන් දෙන්නා ආවා රිශ්වාන්ගෙ අම්මගේ සොහොන ලඟට රිශ්වාන් අම්මා එක්ක කතා කරා පලවෙනි වතාවට රිශ්වාන් එයාගේ අම්මව දැක්කා ෆොටෝ එකකින් මේ හැමදේම නුරාශ් නිසා

"ඔයා කොහොමද මේ දේවල්?"

"මේ අහන්න බබෝ මේ ලෝකෙ කරන්න බෑ කියලා දෙයක් නෑ අපි උත්සාහ කරනකං ඒ දේවල් බෑ තමයි ඒත් අපි උත්සාහ කරොත් කිසි දෙයක් බැරි නෑ'"

නුරාශ් කියපුදේට රිශ්වාන් ඔව් කියලා අම්මගේ ෆොටෝ එක දිහා බැලුවා

"ම....මං දැ....දැන්...ඩො..ඩොක්ටර් කෙනෙක්...අ....අම්මේ..."

රිශ්වාන් අඬන ගමන් එයාගේ Certificate එක පෙන්නුවා නුරාශ් මේ දිහා බලන් හිටියා රිශ්වාන්ගෙ අම්මගේ සො⁣හොන තිබුනේ රතු රෝස මල් ගහක් යටින් ඉතින් රිශ්වාන් එයාගේ Certificate එක පෙන්නපු ගමන්ම රිශ්වාන්ගේ අත උඩට රෝස මලක් වැටුනා

"අ...අම්මා ඔ...ඔයා මාව අහන්ද ඉන්නෙ?"

"ඔව් එයා අහන් ඉන්නෙ එයා ඔයාව බලන් ඉන්නෙ එයා ඉන්නෙ වෙන කොහෙවත් නෙවෙයි එයා ඉන්නෙ ඔයාගේ මෙතන"

නුරාශ් රිශ්වාන්ව නැගිට්ටවලා එයාගේ පපුව තට්ටු කරලා පෙන්නුවා රිශ්වාන් නුරාශ්ගෙ අත අල්ලන් ඔව් කියලා ඔලව වනලා ඊටපස්සෙ අම්මගේ සොහොන දිහා බලන් ඉඳලා දෙන්නම කනත්තෙන් එලියට ආවා

නුරාශ් රිශ්වාන්ගෙ අතින් අල්ලන් කාර් එක ලඟට ආවා

"ඒක නෙවෙයි මට පොඩි බඩ්ඩක් දෙන්න බැරි උනා"

"මොකද්ද?"

එතකොටම නුරාශ් රිශ්වාන්ගෙ තොල් අල්ලගෙන හෙමිට ඉරුවා ටිකක් වෙලා එහෙමම ඉඳලා නුරාශ් පස්සට උනා

"මට වඩා Forward නේ"

"ම්ම්....එහෙම තමයි මල්ලි බබාව දැන් මටනේ බලාගන්න වෙලා තියෙන්නේ"

"අහ්...මේ....."

"අයියා....අයියා කියලා කතා කරන්නකො"

"හා"

රිශ්වාන්ට නුරාශ්ට කියන්න නමක් හිතුනේ නෑ ඒ නිසාම එයා නමක් මතක් කර කර ඉද්දිම නුරාශ් එයාට කතා කරන්න නමක් කිව්වා ඒ නම⁣ට රිශ්වාන් කැමති උනා ඊටපස්සෙ මේ විදිහට මේ දෙන්නා කාර් එකට නැගලා ගියේ කෑම කන්න

"මොනවද කන්නෙ?"

"ඔයා කැමති දෙයක්"

"මං කැමති දෙයක්?"

"ඔව්"

"හ්ම්....එහෙනම් කැපචීනෝ දෙකයි චොක්ලට් ඩෝනට් දෙකක් ගේන්න"

නුරාශ් වේටර්ට ඕඩර් එක කිව්වා වේටර් ඒ දෙන්නගේ ඕඩර් එක ලියාගෙන එතනින් ගියා

"Our First Date"

"ගෞරාන්"

"ම්ම්ම්?"

"ඇත්තටම අහන්නෙ කවුද රිශ්වාන් කියලා නම දැම්මේ?"

"බොරු එකා"

"ඔරිජිනල් එක නෙවෙයිද?"

"නෑ"

"මරු නේ"

"සුපිරි"

දෙන්නා කතා කර කර ඉද්දිම ඕඩර් කරපු කෑම ආවා මේසෙට ගෙනාවට පස්සෙ දෙන්නම සද්දයක් නැතුව කෑම කාලා බිල් එකත් ගෙවලා එලියට බැස්සා දෙන්නම ආවේ රිශ්වාන්ගෙ ගෙදරට

"ඇයි දැන් මාව මෙහෙ එක්කන් ආවේ?"

"ඇයි? ඔයාගේ යාලුවා නෑනේ ඉතින් මං මෙහෙ එක්කන් ආවා"

"ආ...ඔව් තමයි ඌ නෑනේ"

"ඒකනේ ඉතින්"

"ඒකට කමක් නෑ අරවට මේවට එන්න එපා"

"අනේ ඉතින් පොඩ්ඩක්"

"බෑ පොඩ්ඩක්වත් බෑ"

"ආ දැන් බෑද කියන්නෙ?"

"බෑ බෑ බෑ බෑ"

"බෑනේ?"

"ඔව් බෑ"

"හා එහෙනම් ඔයා ඔතනට වෙලා ඉන්න මං යනවා නාන්න"

රිශ්වාන් උඩට ගියා නුරාශ් මූණත් දෙක කරන් සෝෆා එකේ වාඩිවෙලා හිටියා ටික වෙලාවකට පස්සෙ රිශ්වාන් නාලා ශෝට් එකක් ඇඳගෙන කලු ටීශර්ට් එකක් ඇඳන් ටවල් එකෙන් ඔලුව පිහිද පිහිද පහලට ආවා ඒ එද්දි එයා දැක්කා නුරාශ් සෝෆා එකේ ගුලිවෙලා හොඳට නිදි කියලා එලියේ හයියෙන් වහින්නත් පටන් අරන් රිශ්වාන් ටිකක් වෙලා නිදාගෙන ඉන්න නුරාශ් දිහා බලන් හිටියා ඊටපස්සෙ රිශ්වාන් හෙමිට නුරාශ්ව Bridal style එක⁣ට වඩාගෙන කාමරේට ගෙනියලා ඇඳ උඩින් තියලා එයාගේ ඇඳුම් ටිකත් ගලවලා ටවල් එකට වතුර දාලා පොඟවලා ඇඟ හැමතැනම පිහිදාලා රිශ්වාන්ගේ ඇඳුමක් අන්දවලා රිශ්වානුත් ඇඳ එහා පැත්තෙන් හාන්සි වෙලා සිවිලිම දිහා බලන් හිටියා

ඒ එක්කම බෙල් එක වදින සද්දයක් එක්කම රිශ්වාන්ට ඇහැරුනා

"මොන මෝඩයද මේ වෙලාවේ? ශික් නින්ද කනවා දාගෙන මගුල"

රිශ්වාන් ආපු කෙනාගේ අම්මා මුත්තා සිහිකරගෙනම දොර ඇරියා දොර ඇරියට පස්සෙ එතන හිටියේ ගෑනු කෙනෙක්,

"නුරාශ් ඉන්නවද?"

"නු..නුරාශ්? ඉ..ඉන්නවා ඔ..ඔයා කවුද?"

"මං කවුද? මම එයාගේ Girlfriend"

"What?"

"නුරාශ් එයා මෙහෙ නේද ඉන්නෙ කෝ දැන් එයා?"

"නුරාශ් මේකිගේ කොල්ලා කිව්වා? එතකොට මං මොකාද? යකෝ මමද හොර එක? නැත්තං මේකිද?"

රිශ්වාන් හිතින් හිත හිත ඉන්නකොට නුරාශ් පහලට ආවා

"ස...සාරා ඔයා මෙහෙ?"

"නුරාශ්"

සාරා ගිහින් නුරාශ්ව බදාගත්තා රිශ්වාන් ඒ දෙන්නා දිහා කට ඇරන් බලන් හිටියා නුරාශ් මොකුත් හිතාගන්න බැරුව බලන් හිටි⁣යා

"ඔයා...ඔයා මොනවද මෙහෙ කරන්නෙ?"

"ඇයි මගේ බෝයිෆ්‍රෙන්ඩ්ව බලලා යන්න ආවේ මං ඒක වැරදිද?"

"ස..සාරා"

අපි ආයෙත් කලින් වගේ ඉමු? මට ඔයා නැතුව ඉන්න බෑ. මට සමාවෙන්න

"....."

සාරා නුරාශ්ව බදාගන්න ගමන් කිව්වා නුරාශ් ඒ කෙල්ලව බදාගත්තෙ නෑ එයාට කිසිදෙයක් හිතාගන්න බෑ රිශ්වාන් වෙන්නෙ මොනවද කියලා හිතාගන්න බැරුව මේ දෙන්නා දිහා බලන් හිටියා නුරාශ් සාරාව එහාට තල්ලු කරලා දාලා රිශ්වාන් ලඟට ගියා

"රිශ්වාන්..."

නුරාශ් රිශ්වාන්ගෙ අත අල්ලන්න යද්දිම රිශ්වාන් අත ගසලා දාලා එලියට දිව්වා

"රිශ්වාන් නවතින්න"

"මොකද්ද සාරා ඔයා මේ කරේ?"

"ඇයි එයා ඔයාගේ කවුද? මං ඔයාගේ ex නේ එයා කවුද?"

"එයා මගේ Boyfriend"

"මො....මොකක්?"

ඔව් ඕයි ඌ මගේ කොල්ලා ත..තමුසේ මාව දාලා ගියාට පස්සෙ කවදාවත් ආදරේ කරන්නෙ නෑ කියලා හිතාගත්තා ඒත් මේ කොල්ලා ඒ හැමදේම වෙනස් කරා තමුසෙ මට හොරෙන් වෙන උන් එක්ක බුදියලා බුදියලා දැන් ඇවිත් සමාව ගන්නවද? තමුසෙ වගේ ගෑනුන්ට මං ගාව සමාවක් නෑ සාරා

"ඔහ්...බෝයිෆ්‍රෙන්ඩ් ගොඩක් හොඳට හැමදේම දීලා වගේ නේද?"

"ඔව් දුන්නා තමයි ඇයි දැන්?"

"එහෙමද? එහෙනම් තමුසේ එකක් මතක තියාගන්නවා තමුසෙටයි තමුසෙගෙ හුරතල් බෝයිෆ්‍රෙන්ඩ්ටයි මං ඉන්න දෙන්නෙ නෑ"

"බඩුවක් කියන දේවල් අහගෙන ඉන්න තමුසෙ හිතුවද මට පිස්සු කියලා දැන් මෙහෙන් යනවා Get out sara"

සාරා නුරාශ්ට ගස්සන් එලියට ගියා නුරාශ් කේන්තියෙන් සාරා යන දිහා බලන් හිටියා එලියේ හයියෙන්ම වහිනවා නුරාශ් ඉක්මනටම කාර් එකේ යතුරත් අරන් දිව්වා

"ඔයා කොහෙටද ගියේ?"

නුරාශ් පුලුවන් හැමතැනකටම වගේ ගියා ක්ලබ් එකට, රිශ්වාන් කැමතිම තැන් හැමතැනකටම වගේ ඒත් රිශ්වාන්ව හොයාගන්න බැරි උනා

"කොහෙද ඉන්නෙ?"

නුරාශ්ගෙ ඇස් වල කඳුලු පිරිලා කඳුලු බිංඳු කම්මුල දිගේ රූටලා අතට වැටුනා

"කොහෙද ගියේ?"

නුරාශ් හැමතැනම හොයලා හොයලා බැරිම තැන කාර් එක නවත්තලා ඇඬුවා ඒත් එක්කම නුරාශ්ට එක තැනක් මතක් උනා

"කනත්ත....ඔව් එයා එහෙට යන්න ඇති"

නුරාශ් කඳුලු පිහිදාලා කාර් එක ස්ටාට් කරා එයා දිගටම ගියේ කනත්තට

"මේ මනුස්සයට බයක් නැද්ද දන්නෙ නෑ මේ මහ රෑ දොලහට කනත්තක් අස්සෙ රිංගන්න"

නුරාශ් කාර් එකෙන් බැහැලා ටෝච් එකත් පත්තු කරගෙන කනත්ත ඇතුලට ගියා එයා කෙලින්ම ගියේ රිශ්වාන්ගෙ අම්මගේ සොහොන ලඟට ඒ යද්දි රිශ්වාන් සොහොන බදාගෙන අඬනවා

"රිශ්වාන්....."

"යනවා යන්න එන්න එපා"

"මේ අහන්නකො අ..අපි ගෙදර යමු"

"බෑ කිව්වනේ ඔයාලා හැමෝම මට බොරු කරා මේ ලෝකෙ කවුරුත් නෑ මට"

"රිශ්වාන්......"

"ම⁣ට බොරුකාරයො එක්ක කිසි කතාවක් නෑ"

"හ්ම් එහෙමද? හරි එහෙනම් මං යන්නම් ඔයා පරිස්සමට ගෙදර යන්න"

නුරාශ් රිශ්වාන්ට කියලා යන්න හැරුනා රිශ්වාන් නුරාශ් යන දිහා බලන් හිටියා නුරාශ් ⁣කාර් එකට නැගලා කනත්ත දිහා ආයෙත් බැලුවා ඊටපස්සෙ එයා කාර් එක ස්ටාට් කරන් ගියා...............................................................

පාන්දර තුනට විතර නුරාශ්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා එයා ඒක ආන්සර් කරා

"හලෝ"

"න..නුරාශ් අ....අයියා...ම...මං අ..අනුජ කතා කරන්නෙ?"

"කියන්න අනුජ"

"අ...අයියා රි...රිශ්වාන්....රිශ්වාන්"

"රිශ්වාන්? අ...ඇයි එයාට මොකද උනේ?"

"එ...එයා හැ...හැප්පිලා"

"මොකක්?"

"ඔව් අයියේ අපි හොස්පිට්ල් එකේ ඉන්නෙ අනේ පුලුවන් නම් ඉක්මනට එන්න"

"මං එන්නම්"

නුරාශ් කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගෙන හොස්පිට්ල් එකට ගියා නුරාශ් පුලුවන් උපරිම වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරගෙන හොස්පිට්ල් එකට ආවා ඇතුලට ගිහින් බලද්දි Emergency Room එක ලඟ අනුදයි අනුජයි අඬ අඬ හිටියා

"අනුජ"

"අ..අයියා අ...අනේ අ..අපේ රිශ්වාන්"

"එයාට මොකුත් වෙන්නෙ නෑ එයා ඉක්මනට සනීප වෙයි"

"අනේ අයි⁣යා"

අනුජ අඬද්දි නුරාශ් අනුජව බදාගත්තා අනුද තාමත් Room එක ඇතුලේ ඉන්න වයර් ගොඩක් මැද ඉන්න රිශ්වාන් දිහා බලන් හිටියා

"උ...උඹට අපිව දාලා යන්න බෑ බං"

අනුද හෙමින් මිමිනුවා නුරාශ් අනුදවයි අනුජවයි වාඩි කරවලා ඩොක්ටර් එනකං බලන් හිටියා පැයකට පස්සේ ඩොක්ටර් එලිය⁣ට ආවා නුරාශ් නැගිටලා ඩොක්ටර් ගාවට ගියා

"ඩොක්ටර්?"

"අපි පුලුවන් උපරිමෙන්ම උත්සාහ කරනවා එයාව බේරගන්න එයාව හැප්පිලා තියෙන්නෙ බර වාහනේකට ඒ නිසා ටිකක් අමාරුයි ඒත් අපි පුලුවන් හැමදේම කරනවා එයාව බේරගන්න"

ඩොක්ටර් නුරාශ්ගෙ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා නුරාශ්ට ඒ කියපුදේටම කකුල් දෙක පන නැතිවෙලා ඉන්ඳ වුනා අනුද ඇවිත් නුරාශ්ව අල්ලගත්තා

"අයියා...."

"මේ..මේ හැමදේම අර බැල්ලි හින්දා"

"ක..කවුද අයියා?"

නුරාශ් වෙච්ච දේවල් මේ දෙන්නටම කිව්වා

"සාරා?"

"ඔව් ඒකි තමයි"

"ආහ්...ඒකි ක්ලබ් එකේ නේද ඉන්නෙ?"

"ඔව් මං දන්නවා ඒකිව"

"ඒවා වැඩක් නෑ අපේ රිශ්වාන්"

"එයාට ඉක්මනට හොඳ වෙයි අයියා බලන්නකො කලින් වගේ ඉඳි අපි එක්ක"

අනුජ නුරාශ් දිහා බලන් හිනාවෙලා කිව්වා ඒ්ත් එයාටත් ඇඬෙනවා ඩොක්ටර් කියපු දේවල් නිසා අනුදයි අනුජයි දෙන්නම නුරාශ්ව පුටුවෙන් ඉන්ඳවලා යාඤා කරා රිශ්වාන්ව බේරගන්න පුලුවන් වෙන්න කියලා

කවදාවත් ඕතර් කෙනෙක්ට බූට් තියන්න ලෑස්ති වෙන්න එපා නමේ ⁣ඉඳන් පට්ට ගහන්නෙ හරියට මං මේ දැන් කරා වගේ ඒ හුම්තිගෙ නම සාරා නෙවෙයි වෙන නමක් ඒත් හැදියාව මං ලියලා තියෙන විදිහටම මට උනා ඒ කියන්නෙ හැප්පුනේ නෑ ඩිප්‍රෙශන් වැඩිවෙලා සූසයිඩ් කරගන්න පවා ගියා 🙂💔

වැඩේ කියන්නෙ බේරුනා නෙවෙයි බේරගත්තා නැත්තං මං මෙලහකට වලේ විහිලු නෙවෙයි ඇත්ත සිද්දි හොඳේ කතා හිනස්ස හිනස්ස ලිව්වට මං තාම බෙහෙත් බිබි නහිනවා ඒ ගෑනි හින්දා 😓💔

Anyway ආදරනීය ex ඔබතුමි මේක කියවනවනං පැටියෝ උඹට හෙනම ගහලා අහවල් එව්වා කුනුවෙලා පනුවො ගහන්න ඕන මට කරපුවට පට්ට බැම්ලි 😓😂

මේ චැප්ටර් එකයි අන්තිම චැප්ටර් එකයි එකටම දානවා ඒ චැප්ටර් එකෙන් කතාව ඉවරයි

ටටා

There are no comments yet. Log in to be the first to leave a review!

Similar stories